IMG-LOGO

‘ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මානය‘ ශ්‍රී ලංකාවට

(ටී.කේ.ජී.කපිල )

ලෝකයේ පළමු වැනි තට්ටු දෙකේ සුහුරු  කාණුව ( Smart Drain ) නැමති නවෝත්පාදන නිර්මාණය කරමින් " 2025 ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මානය " හිමි කර ගත් ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

වැසි දින වල නගර ආශ්‍රිතව කාණු පද්ධති , ප්ලාස්ටික් සහ පොලිතීන් සිර වීම නිසා , නිතර ජල ගැලීම් ඇති වේ .

මෙම ස්මාර්ට් තට්ටු දෙකේ  කාණුව මගින් උඩ තට්ටුවේ ගසා ගෙන යන ප්ලාස්ටික් සහ පොලිතීන් ඉවත් කරන අතර දෙවන තට්ටුව මගින් වැසි වතුර නිදහසේ ගලා ගෙන යාමට අවස්ථාව සළසා දෙනු ලබයි .
එමගින් මෙම ස්මාර්ට් තට්ටු දෙකේ කාණුව ගංවතුර පාළනයට මහත් සේවාවක් ලොව පුරා  ඉටු කරනු ලබයි . මෙම සම්මාන උළෙල , ලෝක බුද්ධිමය දේපළ සංවිධානය විසින් ජිනීවා නුවර පවත්වා තිබූ අතර මේ සදහා ලෝකයේ රටවල් 95 ක නවෝත්පාදන නිර්මාණ 780 ක් ඉදිරිපත් කර තිබුණි .

 මෙම සම්මානය දිනා ගත් ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය  ඊයේ (19)  දින රාත්‍රී 06.30 ට මාළදිවයින මාළේ නුවර සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .



අදහස් (1)

‘ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මානය‘ ශ්‍රී ලංකාවට

පොඩිඑකා Sunday, 20 July 2025 12:53 PM

අපිට ආඩම්බරයි...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 462 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 631 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site