(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය විවෘත කරමින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් දෙදින විවාදයක් හෙට(9) සහ අනිද්දා (10) පැවැත්වේ.
මෙම විවාදය පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී ගත් තීරණයක් අනුවය.
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය වර්ජනය කළ සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම විවාදයටද සහභාගි නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තුව උදේ 9.30 ට රැස්වන අතර සුබසාධක ප්රතිලාභ පනත යටතේ නියෝග සහ විවිධ රජයේ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තාවලට අදාළව පසුගිය සභාවාරයේදී යථාපරිදි ඉදිරිපත්කර තිබූ යෝජනා 51 ක් අනුමතිය සදහා ඉදිරිපත් කිරීමද පෙරවරුවේ සිදු කෙරේ.
අනතුරුව ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ප.ව 5.00 දක්වා පැවැත්වෙනු ඇත.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදය අනිද්දා (10 ) සිකුරාදා පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වා දෙවැනි දිනයටත් පැවැත්වේ.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දෙදින විවාදය හෙට-අනිද්දා‘
Rohana Thursday, 09 February 2023 08:01 AM
වැඩක් කරන පාටක් පේන්නෙ නෑ. ඔක්කොම උත්සව සාකච්ඡා සම්මන්ත්රන විවාද පමණයි.මොන උත්සව කලත් වැටුන රට ගොඩඑන පාටක් පේන්නෙ නෑ.