IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘දයාන් ජයතිලක තානාපති සේවයට ගැළපෙන්නේ නැහැ’

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ )
 
 රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන දයාන් ජයතිලක මහතා දේශපාලන ප්‍රචාරකයකු ලෙස කටයුතු කිරීම නිසා ඔහු අතින් පාර්ලිමේන්තු වරප්‍රසාද මෙන්ම තානාපති සේවයට අදාළ ගිවිසුමද කඩවී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.
 
දයාන් ජයතිලක මහතා පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ දේශපාලන කුමන්ත්‍රණයට පක්ෂව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ටත් වඩා අදහස් දැක්වූ බවද බිමල් රත්නායක මහතා සඳහන් කළේය.
 
ඔහුට තානාපති තනතුර සමඟ දේශපාලනය කළ නොහැකි බව කී මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් පිළිබඳ කාරක සභාවේදී ද සාකච්ඡා කෙරුණු බව කීවේය.
 
ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් තමා ඉල්ලා සිටින බවද බිමල් රත්නායක මහතා කියා සිටියේය.
 
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී අද පැවැත්වෙන තානාපති වරප්‍රසාද පනත යටතේ නියෝග දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.



අදහස් (14)

‘දයාන් ජයතිලක තානාපති සේවයට ගැළපෙන්නේ නැහැ’

Raveendra Tuesday, 08 January 2019 11:33 AM

අපි නම් අවංකව දන්නේ නැහැ දයාන් ජයතිලක සුදුසුද නැද්ද කියා. මොකද අපි බදු මුදල් ගෙවනා සාමාන්‍ය පුරවැසියන්.

:       0       0

Bamunuarachchi Tuesday, 08 January 2019 12:01 PM

ඉතින් ඕගොල්ලොත් රටේ දේශපාලනයට ගැලපෙන්නේ නැහැ සුදුසු නැහැ. ඒ නිසානේ ඕගොල්ලන්ට තිබෙන ජනතා කැමැත්ත අඩුවෙගන යන්නේ. මෙසැරේ චන්දෙදී බලන්නකෝ මොකද වෙන්නේ කියලා.

:       0       0

Bamunuarachchi Tuesday, 08 January 2019 12:21 PM

ඇයි ජෙප්පෝ නුඹලා ධනවාදී එජාපෙට විරුද්දව කතා කරපු වර්ගයක් නේද? රටට නොගැලපෙන පාලනයක් ගෙනියන බව තේරුම් ගත්ත ජනාධිපති ඒ රජය වෙනස් කරන්න ගියාම ඊට විරුද්ධව දෙමළුන් සමග කුමන්ත්‍රණය කලේ නුඹලා නේද? දෙමළුන්ට රටින් කොටසක් අරන් දෙන්න කුමන්ත්‍රණය කරන්නේ නුඹලා නේද? ඒවා තමයි කුමන්ත්‍රණ. දයාන් ජයතිලක කුහකයෙක් නොවී තම අදහස් කෙලින්ම දැක්වීම කුමන්ත්‍රණයක් වෙන්නේ කොහොමද?

:       0       0

hesa Tuesday, 08 January 2019 12:33 PM

ගැලපෙන කෙනෙක්ව යෝජනා කරන්න. (ජේවීපී එකෙන් හැර)

:       0       0

Jaya Tuesday, 08 January 2019 12:52 PM

ඔහු දරන දේසපාලන මතය කුමක් උවත් තානාපති සේවයට දැනට සිටින ඉහලම සුදුසුකම් සහිත පුද්ගලයා මොහුයි.

:       0       0

angelo nugara Tuesday, 08 January 2019 01:32 PM

එතකොට විදේශීය තානාපතිලාට අප රටේ දේශපාලනයට හොට දානවට මොකුත් කරන්න බැරිද? ජයතිලක මහතා ශ්‍රී ලංකා පුරවැසියෙක් ප්‍රවීන දේශපාලන විචාරකයෙක්...

:       0       0

thilak Tuesday, 08 January 2019 03:36 PM

එහෙම කිව්වත්, ලොක්කගේ ආශීර්වාදය ඇත්නම් ගොඩ..

:       0       0

Vajira Tuesday, 08 January 2019 05:53 PM

ඉතාම ලැජ්ජා සහගත ප්‍රකාශයක්... තානාපති සේවයේ මූලධර්ම අමුඅමුවේ උල්ලංඝනය කරපු බටහිර තානාපති වරුන්ගේ ක්‍රියා කලාපය හිස් මුදුනින් පිළිගෙන තමන්ගේ රටේ ජනාධිපති වෙනුවෙන්, හරි හෝ වැරදි, පෙනී සිටි අපේ තානාපතිව විවේචනය කිරීමෙන් මොවුන් කාගේ අතකොළුදැයි මොනවට පැහැදිලි වේ.

:       0       0

ලුම්බිණි Tuesday, 08 January 2019 11:14 PM

මොහු තානාපති සේවයට පමණක් නොව කිසිවකට නොගැලපෙන ප්‍රතිපත්තියක් නැති පුද්ගලයෙක්.

:       0       0

rocky Wednesday, 09 January 2019 02:29 AM

ඔහු වාසි පැත්තට වන්දි භට්ටකම් කරන කෙනෙක්!! දැනට බොහොම කාලෙකට ඉස්සෙල්ල "අනුරුද්ධ තිලකසිරි" නමින් යූ.එන්.පී.එකට වන්දිභට්ටකම් කරමින් ලිපි ලිව්වෙත් එයානේ! මොකක් හරි හේතුවක් නිසා මිනිහ රනිල් එක්ක නයි වෛරයි. ඒ හින්දා ඒක පිරිමහ ගන්න හදනවා මිසක් ජනාධිපතිටවත්, හිටපු ජනාධිපතිටවත් විශේෂ මනාපයක් ඔහු තුළ නැහැ. මනාපය ඔහුගේම බඩට විතරයි..!

:       0       0

Rohana Wednesday, 09 January 2019 06:47 AM

දයාන් යනු ඕනෑම දේශපාලන මතවාදයක් තමන්ට අවශ්‍යනම් හරි බව පෙන්වීමට හැකියාවක් තිබෙන කෙනෙකි.

:       0       0

vipula Wednesday, 09 January 2019 06:54 AM

ඔබලා දේශපාලනයට ගැලපෙනවද කියල ලැබෙන ඡන්ද ටිකෙන් පේනවා...

:       0       0

rocky Wednesday, 09 January 2019 01:09 PM

හොරුන්ට හොරු එකතු වෙන නිසායි ජ.වී.පෙ.ට ඡන්ද ප්‍රමාණය අඩු වෙන්නේ... ඉදිරියේදී බලමුකෝ. රටේ බුද්ධිමත්, උගත්, විචාරශීලී පිරිස වැඩි දෙනා සිටින්නේ ඔවුන් සමගයි. ඔවුන්ට ලැබෙන එක ඡන්දය වුනත්, මී හරක් ඡන්ද සියයක් වටිනවා!

:       0       0

N.Heiitarachchi Saturday, 19 January 2019 03:23 AM

ෆොන්සේකා ජනාධිපතිවරණයට ගෙන ආ වෙලාවේ (අපි ජ වී පෙන් වෙන්වුණා) ඔය තියරියට මොකද වුනේ....?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 140 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 297 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1286 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 179 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 383 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 349 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site