IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘කළ යුත්තේ වැටුණු ජනතාව ආරක්ෂා කර ගැනීමයි ‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අප පාර්ලිමේන්තුවේ දී කළ යුත්තේ ආණ්ඩුව ආරක්ෂා කිරීම හෝ වැට්ටීම නොව වැටුණු ජනතාව ආරක්ෂා කර ගැනීම බව හිටපු අග්‍රාමාත්‍ය  එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී  රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 

සම්ප්‍රදායික දේශපාලන යෙදීමෙන් හෝ කෑගසා සටන් පාඨ කීමෙන් අර්බුදය විසඳන්න බැරි බව හිටපු අග්‍රාමාත්‍ය  ප්‍රතිපත්ති වල ස්ථාවරභාවයක් නැතිව ප්‍රශ්න විසඳන්නට හැකියාවක් නැති බවද සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.



අදහස් (15)

‘කළ යුත්තේ වැටුණු ජනතාව ආරක්ෂා කර ගැනීමයි ‘

පිටිගල මිලානෝ Thursday, 20 January 2022 02:40 PM

ඒක සරත් ෆොන්සේකලා, අනුරලා බලාගනියි. ඔයා දැන් විශ්‍රාම යන්න. කරපු ඩීල් ටික මදැයි...

:       28       14

Nimal Thursday, 20 January 2022 02:50 PM

අනේ ඔයා අපිට දහසක් පොරොන්දු දීලා ඇවිත් ජනතාව නගා සිටෙව්ව හැටි අපි දැක්කා හොඳට... ඒකනේ බින්දුවට වැටුණේ එකම ආසනයක්වත් නැතිව. ඒ නිසා අපි ගැන ආයෙත් කරදර නොවුණාට කමක් නැහැ. ඔය ජනතාව තල්ලු කරලා දාමු. ඉන්න තැනම ඉන්න. පින්සිද්ද වේවි..!!!

:       18       17

sharm warn Thursday, 20 January 2022 02:55 PM

ජනතාව වැටුණේ නැහැ. තල්ලුකරලා, කකුල් මාට්ටු දාලා, වැට්ටුවා. ඒකට පොහොට්ටුව වගේම, පොහොට්ටුවට මෙච්චර බලයක් දෙන්න පාර හදපු තමනුත් වගකියන්න වෙනවා. හොරුන්ව හුරතල් කරලා අපරාධවලට දඬුවම් දෙන්නේ නැතිව කරපු හරිය නිසා තමයි කොරෝනා වසංගතයේදී මෙච්චර ආර්ථික හානිය වෙන්න පාර කැපුණේ. දැන් අහසින් වැටුණා වගේ කතා කරන්නේ.

:       13       17

Don perea Thursday, 20 January 2022 03:33 PM

ලංකාවේ මිනිස්සුන්ට උගත්තු කියන දේවල් තේරෙන්නේ නැහැ.

:       10       16

Hafeel Friday, 21 January 2022 11:42 AM

මේ රටට හානි කරලා තියෙන්නන්ගෙන් බහුතරය උගතුන් තමයි. ගමේ ගොවීන් හෝ කම්කරුවන් නොවේ. වියත්මගේ ඉන්න බහුතරයින් උගතුන් වුණාට දූෂිතයින්...

:       0       1

Bandara Thursday, 20 January 2022 03:58 PM

"ප්‍රතිපත්තිවල ස්ථාවරභාවය" මේවා තේරුම් අරගෙන ඡන්දෙ දෙන මිනිස්සු කවදා බිහිවෙයිද...?

:       4       15

fairoos Thursday, 20 January 2022 04:11 PM

අනේ මෙහෙමත් සර්ට කඩේ යනවනේ ලැජ්ජා නැතිකම... පැරදුණාම තොළොංචිවෙලා යනවද යන්න. එනවා මෙතන කයිවාරු ගහන්න.

:       14       10

Surain Thursday, 20 January 2022 04:34 PM

ඔබතුමාත් මේවට සෑහෙන්න වගකිව යුතු කෙනෙක්... මන්ද යත් ජනතාවට සාධාරණය කරන්න පත්කළ ඔබ හොරු ආරක්ෂා කරලා, ජනතාව මෝඩයට ඇන්දුවා.. අපි දැක්කා බැඳුම්කරේ යට ගහන්න ගහපු ගැටය.., ඔබතුමා වගේ ඉගෙන ගත්ත කෙනෙක් හැසිරුණු විදිහ බැලුවාම නූගත් මිනිසුන් ගැන කවර කතාද?

:       7       14

rathnayakeThursday, 20 January 2022 06:23 PM

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව ගොනු කර ඇති චෝදනා 22 ක් අතරින් චෝදනා 11කින්ම හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා, අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකු නිදහස් කර තිබෙනවා. පළමුවන චෝදනාවෙන් විත්තිකරුවන් සියලු දෙනා නිදහස් කිරීමට අධිකරණය දැනටමත් තීරණය කර ඇති හෙයින් විත්තිකරුවන්ට එරෙහි අසත්‍ය චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව ජනාධිපති නීතීඥ ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය. තීන්දුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ පැමිණිල්ල විසින් ගොනුකර තිබූ චෝදනා 22ක් අතුරින් චෝදනා 11කින් විත්තිකරුවන් නිදහස් කිරීමට අධිකරණය තීරණය කර ඇති බවයි. දන්නේ නැති මගුල් කතා‍ නොකර ඉන්නවා නම් තමයි හොඳ...

:       7       4

SurainThursday, 20 January 2022 07:29 PM

චෝදනා 11 නිදහස් වුණේ නීතිපතිගේ දුර්වලතාවයකින් මිස නඩු විභාගයකින් නොවන බව තේරුම්ගන්න බැරි මොලයක් ගැන කවර කතාද?

:       3       7

duplicate ralahamiThursday, 20 January 2022 07:35 PM

හොරු වෙනුවෙන් හොරු ඉන්න බව ජනතාව දනී..

:       2       5

podi hamineThursday, 20 January 2022 08:07 PM

ජනතාව හොරුන්ව නිදහස් කරන්නේ නැහැ මහත්තයෝ... අපි ඒ අය ගෙදරම යැව්වා ඔයාගේ ලොක්කත් පස්ස දොරෙන් දැන් ඇවිල්ලා ඉන්නේ...!!! 

:       2       0

Duplicate Ralahami Thursday, 20 January 2022 05:21 PM

ඔබතුමාට ජනතාව අවස්ථා ගාණක් බලාපොරොත්තු තියාගෙන කතිරෙ ගැහැව්වා. ඒත් ඔබතුමා ඒ බලාපොරොත්තු විනාශ කළා විතරක් නෙමෙයි.. හොරු රැළක් බේරුවා, තව රැළකට හොරකම් කරන්න දීලා බලාගෙන හිටියා. ඔබතුමාගේ ක්‍රියා කලාපය ඔබතුමා විතරක් නෙමෙයි, ඔබතුමා නායකත්වය දුන්න පක්ෂයත් කඩන් වැටුණා...

:       6       13

mdd Thursday, 20 January 2022 11:13 PM

පල් හොරෙක්ගෙන් අවවාද වැඩක් නැහැ

:       0       0

Bunny Preena Friday, 21 January 2022 08:59 AM

වැටුණු ජනතාව ආරක්ෂා කිරීම නොවෙයි විය යුත්තේ... ජනතාවට වැටෙන්න නොදී ආරක්ෂා කිරීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 576 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 110 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 813 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 830 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1224 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1111 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site