IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්න සුජාතභාවය පාර්ලිමේන්තුවේ නෑ’

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
 
 
නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට අවශ්‍ය සුජාතභාවය වත්මන් පාර්ලිමේන්තුවට නැතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හමුවේ අදහස් දක්වමින් අද (11) පැවසීය.
 
පළාත් පාලන මැතිවරණයේ තීන්දුව අනුව වත්මන් රජයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ බලයක් නැතැයි විපක්ෂනායකවරයා සඳහන් කළේය. 
 
එබැවින් වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට ගොස් පක්ෂවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා ඉදිරිපත් කර ජනතා බලයක් ලබාගත යුතු බව මහින්ද රාජපක්ෂ මහතා කීවේය. 



අදහස් (36)

‘අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්න සුජාතභාවය පාර්ලිමේන්තුවේ නෑ’

Rata Perata Friday, 11 January 2019 07:14 AM

නියම සුජාත මිනිහ මේ කතා කරන්නේ.

:       1980       2337

R.SAMPATH Friday, 11 January 2019 07:38 AM

කවුරු සුජාත නැහැ කිවුවත් රට පාවලා දෙන්නේ නැති, රටේ දේවල් කාබාසිනය කරන්නේ නැති, රට බේරගත්තා, රටට දැනෙන්න දෙයක් කරපු, දැනට දේශපාලනයේ ඉන්න කට්ටියගෙන් අංක එක මහින්ද මහත්තයට...

:       1795       1909

pjFriday, 11 January 2019 07:27 PM

රටට පෙනෙන්න දෙයක් කරපු, මෝඩයින්ට නොදැනෙන්න පරම්පරා ගණනකට සැහෙන්න යටිමඩි ගසපු , සුනාමියෙන් පීඩාවට පත් අහිංසක මිනිසුන් වෙනුවෙන් වූ කෝටි ගණනක මුදල් ආධාර පවා තමන්ගේ පුද්ගලික ගිණුමකට බැරකරගත් යනුවෙන් නිවැරදි විය යුතුය. අනිවාර්යයෙන්ම අංක එකම තමයි.

:       294       272

rohana kumara mendisSunday, 13 January 2019 10:28 AM

මෙයා ඇතුළු නඩේගේ සුජාත බව අර අනර්කලී, පබා, සංගීතා වගේ අයගෙන් ඇහුවා නම් කියයි..

:       0       1

Hafeel Friday, 11 January 2019 07:39 AM

එතකොට ඔබට දිගටම බලයේ ඉන්න 18 වෙනි ව්‍යවස්ථාව ගෙන ඒම සාධාරණද? තනි පුද්ගලයක් වෙනුවෙන් මේ රටේ ව්‍යවස්ථාවක් සම්මත කළ ප්‍රථම අවස්ථාව. ඕක සම්මත කරන්න අත උස්සපු මෛත්‍රි, මහින්ද අමරවීර, මහින්ද සමරසිංග, චම්පික ඇතුළු සමහර මැති ඇමතිවරු පසුව කිව්වා මේකට අකමැත්තෙන් සහයෝගය දුන්නයි කියලා. බලනකොට මහින්ද, රනිල් දෙන්නම රට ගැන හිතල නොවේ ව්‍යවස්ථා සංශෝදන ගේන්නේ... ඔවුන්ගේ වාසියටයි.

:       444       607

harsha Friday, 11 January 2019 07:56 AM

පජාත වෙච්ච අය සුජාත භාවය ගැන කතා කරනවා

:       602       634

Sapumal. Friday, 11 January 2019 08:20 AM

අපට තියෙන පුදුමය නම්, මෙතුමා වැනි පළපුරුදු වියත් දේශපාලනය දත්තෙකු වන කෙනෙකු මේ කරන ප්‍රකාශය ගැනයි. ඒ වගේම මෙතුමා නීතිවේදියෙක්. ග්‍රාමසේවකවරයෙක් නොවෙයි. රටක මහ මැතිවරණයක බලය හා කාලසීමාව ඊළඟ මහ මැතිවරණය දක්වාම බලපානවා. පළාත් පාලන ඡන්දයකින් කොහොමද කියන්නේ මහ මැතිවරණයක් තියෙන්න ඕන බව. මේවා තමන්ගේ වාසියට කියන පදනම් විරහිත කතා බවයි පේන්නේ. මේවා මේ මෙතුමාගේ කතා නොව උපදේශකවරුන්ගේ ඒවා බවයි පේන්නේ. පෙරරජවරුත් බාලයන්ගේ, මෝඩයන්ගේ උපදෙස් පිළිපැද පිරිහීමට පත් වූ අවස්ථා තිබුණා. බාලයන්, අසත් පුරුෂයන්ගෙන් ඉවත්ව කටයුතු කලොත් ඔබතුමාට හොඳ ගමනක් යන්නට පුළුවන්...

:       396       622

sam Friday, 11 January 2019 08:28 AM

සුජාත නැති පාර්ලිමේන්තුවක, සුජාත නැති ක්‍රමවේදයකින් අගමැති වෙන්න උත්සාහ කලේ මොකද කියලත් ඔය ගමන්ම කිව්වා නම් නේද හොඳ?

:       449       573

ත්‍රස්තයා Friday, 11 January 2019 08:40 AM

සුජාතභාවය මේ රටේ නැති කරපු අයට වහාම..., නීතියට අනුව දඬුවම් දියයුතුයි. නැතිනම් පිස්සන්ට හැතැප්ම නැහැ වගේ දිගටම ඒ විදියටම කරගෙන යනවා..

:       30       28

neil Friday, 11 January 2019 08:41 AM

එතකොට අවජාතක වැඩ කරේ කව්ද ..?

:       403       110

පිටිගල මිලානෝ Friday, 11 January 2019 08:42 AM

රටවැසි බහුතරය විසිවෙනි සංශෝධනයට විරුද්ධවීම යනු නැවතත් ඔබලාට පක්‍ෂවීම නොවේ. ඔබලාගේ ඇත්තම පාට අපි පසුගිය දිනවලදී දැක්කා. පුතා රජකරවීමේ සිහිනයද දැන් මෙතුළින් ඇදලා ගන්න යන්නේ?

:       20       166

Nandalal DE SILVA - France Friday, 11 January 2019 08:59 AM

පළාත් පාලන මැතිවරණ තිබිලා දැන් කොපමණ කාලයක් වෙනවද හලෝ? ඊට පස්සේ, මරා-සිරි කියලා හඳපානේ රඟපෑමකුත් කරපු නළුබට්ටන්ද මේ සුජාත භාවයක් ගැන වැදි බණ දෙසන්නේ? මේ ලඟදි නේද විපක්ෂ නායක අසුනේ බලෙන් වාඩි වුනේ? රජය කරන ඕනෑම දෙයකට අකුල් නොහෙලා පාඩුවේ ඔය ආසනේ තව ටික කලක් වාඩි වෙලා ඉන්නකෝ අනේ !

:       673       121

sampath pathiranaFriday, 11 January 2019 09:40 AM

ඔයා ඔයාගේ රට (ප්‍රංශය) ගැන බලාගන්න.. අපි අපේ ලංකාව ගැන බලාගන්නම්...

:       130       225

samFriday, 11 January 2019 10:06 AM

ලංකාව ගැන බලාගන්න තරම් දැනුමක් ලංකාවේ ජීවත් වන මිනිසුන්ට තිබුණා නම් අඩුම තරමින් තුන්වන ලෝකයෙන්වත් මිදෙන්න හැකි විය යුතුයි නේද?

:       203       188

බද්රානිFriday, 11 January 2019 12:58 PM

සම්පත්ලා වගේ වැඩ බැරි වුණාට ඔලුව ඉදිමිලා ඉන්න, උද්දච්ඡ වැඩ බැරි ටාසන්ලා තමයි වැඩිපුර ලංකාවේ ඉන්නේ... ඔය වැරද්දක් කවුරුන් හෝ පෙන්වලා දුන්නම කුලප්පු වෙලා දඟලන්නේ?

:       182       409

Nandalal DE SILVA - FranceFriday, 11 January 2019 01:22 PM

ඒක කරන්න ඔබේ අවසරය ලැබෙන කම් තමා මම බලා හිටියේ..!

:       170       59

BamunuarachchiSaturday, 12 January 2019 02:10 AM

බදරානි දන්නා හරි වැරැද්ද කියලා වැඩක් නැහැ. හලෝ රනිල් රටට කරපු සේවය මොකක්ද කියලා කෙලින්ම කියන්න. එහෙම කියන්න දෙයක් කරලා නැහැ නේද?

:       24       8

indika Friday, 11 January 2019 09:58 AM

හර්ෂ, පජාත වෙච්ච අය බලන්න ඡන්දයක් තියන්න කියන්නකෝ..!!!

:       4       211

harshaFriday, 11 January 2019 12:04 PM

ඉන්දික ඡන්දෙකින් තමයි අපි එයා ගෙදර යැව්වේ...

:       121       114

BamunuarachchiSaturday, 12 January 2019 02:03 AM

අර 62 ගැනද කියන්නේ? ඒ ගොල්ලෝ දැන් විඳවනවලු.

:       25       105

Chanak los angelesSaturday, 12 January 2019 03:30 AM

ලංකා දේශපාලකයන්ගෙන් තණ්හාව අධිකවම තියෙනවා .. නැතිනම් ජනපති පදවියක් දරලා ඊට පහළ තනතුරු වලට රිංගා ගන්න බලයිද?

:       45       7

Kumara Friday, 11 January 2019 10:07 AM

ඔබතුමා කතාකරන්නේ කටින්ද?

:       71       102

BamunuarachchiSaturday, 12 January 2019 01:58 AM

නැතුව රනිල් වගේ අනික් පැත්තෙන් නොවෙයි. රනිල්ගේ ඒ හඬට පුරුදුවෙලා මෙතුමාගේ හඬ තේරුම් ගන්න අමාරුයිද?

:       70       26

බද්රානි Friday, 11 January 2019 11:23 AM

දැන් තිබෙන ව්‍යවස්ථාව පිළිගන්නෙත් නැහැ. නව ව්‍යවස්ථාවක් අවශ්‍යත් නැහැලු? මේ සිරි ලංකාව පවුලේ බූදලය වෙනවා ඒ හොඳටම ඇති? ඒකනේ ඔය නොකියා කියන්නේ? දියුණු ජනතාවක් වෙසෙන රටවල පාලකයෝ නම්, රටට යම් සේවයක් කළා නම්, නැවත ඒ සේවය රටෙන්, තමන්ට නැවත බලාපොරොත්තු වන්නේ නැහැ. අහෝ! ඒකටත් එක්ක අපේ රටේ පාලකයෝ..

:       81       134

BamunuarachchiSaturday, 12 January 2019 01:44 AM

දැන් තිබෙන ව්‍යවස්ථාවට අනුව තමයි රටේ වැඩ සිද්ද වෙන්නේ. අලුතින් එන ව්‍යවස්ථාව නිසා මූලිකව සිංහල බෞද්ධයාට හිතකර නොවන බව රටේ සිංහල බෞද්ධ ජනතාව දන්නා නිසා අලුත් ව්‍යවස්ථාව එපා කියන මහජන මතයක් ගොඩනැගී තිබෙනවා. ඒ මහජන මතය පාර්ලිමේන්තුවේ මතුකරන්නේ ක්‍රියාකාරී විරුද්ධ පක්ෂ නායකයායි. සිංහල ජනතාව එකම පවුලක් නම් මෙතුමා තමයි මෙරට සිංහල පවුල් බූදලයක් කලේ නැතිනම් පාමන්කඩත් අලිමංකඩ කියා සිතාසිටි අය මේ රට ප්‍රභාකරන්ගේ පවුල් බූදලයක් කරන්නයි ලැහැස්ති වුනේ... දන්නා යකා නොදන්නා සුරදූතියට වඩා හොඳද? නැතිනම් කැහි ගැහැණි පන්නා හොටු ගැහැණි ගන්නවාද? මේ දෙකම සිංහල අපේ ඇඟට දමන්න හදන්නේ දමිලයින්ට වූ පොරොන්දු ඉටුකිරීමට බවත් මතක තියාගමු..

:       76       108

siri Friday, 11 January 2019 11:42 AM

ජනාධිපති තුමාම කිව්ව අන්දමට මිලියන 100 සිට මිලියන 500 දක්වා සල්ලි දීලත් සුජාතභාවය පිරිපුන් ආණ්ඩුවක් හදාගන්න බැරිවෙච්ච එක ගැන කණගාටුවෙන් කතා කරනවා වගෙයි පෙනෙන්නේ. දැන් ඉතින් "රට දෙකට කඩනවා, ෆෙඩරල් දෙනවා, රණ විරුවෝ දන්ගෙඩියට දක්කනවා" වගේ පරණ බයිලා තමයි නැවත වතාවක් ගහන්න වෙන්නේ...

:       155       191

BamunuarachchiSaturday, 12 January 2019 01:55 AM

හලෝ ඒ බයිලාවලට තමයි මිනිස්සු ඇහැරෙන්නේ... නැතිනම් මහදවල් බැංකු කඩලා බෙදා ගන්න කොටත් රටේ මිනිස්සු බුදි. අන්තිමට කියයි අහවලුන්ට ඉඩම් පොලිස් බලතල ලැබෙනවා හීනෙන් දැක්කා... උදේ එතකොට පහවෙලා ඇහැරුණා කියලා. මේ අයට පක්ෂය ලොකුනම් රට බල්ලට ගියත් කමක් නැත.

:       81       125

රවින් Friday, 11 January 2019 11:59 AM

ලෝකේ තියන තරම් අවජාතක වැඩ කරන කට්ටියට සුජාත කියන වචනයත් සහනයක්. ප්‍රසිද්ධ කසිප්පුකාරයෝ, කුඩුකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, ළමා අපචාරකයෝ, මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ, කප්පම්කාරයෝ ඉන්න තැන සුජාත නම්... අවජාතක කොතනද?

:       76       75

BamunuarachchiSaturday, 12 January 2019 01:17 AM

රනිල්ගේ තැන... මෙයා කතා කරන්නේ හරියට රනිල් සහ ගෝතයෝ ටික ඇවිදින බෝ පැල කියලා හිතාගෙන...

:       99       23

Chanak los angeles Friday, 11 January 2019 10:56 PM

සුජාත භාවයක් කියනවා ජනාධිපතිවරණයට ලංගමයෙන් ගත් බස්රථවලට මිලියන් 10ක පොල්ලක් තියලා.. රටේ පාලකයෙක් නේද රජයේ සම්පත් ප්‍රයෝජනයට අරගෙන ඒවා නොගෙවා පැහැර හැරලා අනුන්ට ඇඟිලි දිගුකරන්නේ? ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි

:       186       29

Bamunuarachchi Saturday, 12 January 2019 01:11 AM

රට පෙරට, හලෝ කුහකකම ලෝකෙට පෙන්නන්න එපා. දෙමළට දෙන්න ගිය රට පෙරට ගත්තේ මෙතුමා. මහින්ද 2005 ජනාධිපති නොවන්න රට දෙමළට කියලා තමයි ඔහෙට නමදාගන්න වෙන්නේ... හැබැයි 20 අාවොත් ඔය නම වෙනස් කරගන්න වේවි...

:       55       86

Nishan Saturday, 12 January 2019 01:13 AM

සුජාතභාවය නැති කලේ එතුමායි, ගෝලයොයි.

:       79       24

BamunuarachchiSaturday, 12 January 2019 02:24 PM

සුජාත භාවය කියන්නේ මොකක්ද දැන් සුජාත භාවය තිබෙනවාද?

:       0       0

Parakrama Saturday, 12 January 2019 02:45 AM

දැන් තියෙන වෙලාවේ බැලිය යුතු ලොකුම දෙය අලුත් ව්‍යවස්ථාව මොකක්ද කියලයි. රටට වෙන්නේ මොනවද කියලා. අලුත් ව්‍යවස්ථාව ස්වාධීන රජයන් 9 බිහිකරනවාමයි. මධ්‍යම පාලන බලතල නැති කළොත් මෙය සිද්ධ වේ. 225 ට පාලන බලතල දුන්නොත් මොනවගේ කෙනෙකුට පාලන බලතල ලැබෙනු ඇතිදැයි කිව නොහැක. 1977 ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු නුසුදුසු පුද්ගලයින් වඩවඩාත් 225 ට පත්විය. මේ වෙලාවේ අර පනින්න හදන සෙට් එක පැන්නොත් විතරයි 150 එන්නේ. එක වළක්වන එකයි ලොකුම යුතුකම. පස්සේ කණගාටු වෙන්නේ නැතිව මේකට කටයුතු කළ යුතුය.

:       0       74

මායිමේ banda Saturday, 12 January 2019 06:08 AM

ඔහේගේ සුජාතභාවය අපි දන්නවා... රටේ ධනය, දේපල හොරා කාපු අය මේ ලෝකෙවත් නැහැ.. පන්සල් ගාණේ මල්වට්ටි ඔලුවේ තියාගෙන රඟන රඟපෑම බොලිවුඩ් නළුවෙකුට බෑ අනේ..

:       0       28

චමින්ද Saturday, 12 January 2019 11:56 AM

2015 දි පැවති මහා මැතිවරණයෙන් පවතින පාර්ලිමෙන්තුව පත්වුනා කියල අමතකද මන්ත්‍රීතුමනි. පලාත්පාලන මැතිවරණයෙන් පාර්ලිමේන්තුව පත්කරන නීතිය සම්මත කලේ කොයි කාලෙද කියලා කියන්නකෝ ඒ ගමන්ම කියන්නකෝ මේවා අහන්න ඔබතුමාගේ කාලේ කොණ්ඩෙ බැඳපු චීන්නුත් ලංකාවට ගෙනාවද කියලා

:       21       61

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1616 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 791 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 660 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 334 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 572 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 530 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site