(අංජුල මහික වීරරත්න)
සම්බා සහ කීරි සම්බා මිල ලබන සතියේ රුපියල් 50 ත්75 ත් අතර ගණනකින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
සහල් වැඩි මිලට විකිණුවහොත් රුපියල් ලක්ෂයක් දඩ ගසන නීතිය ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් පසුව අදාල සහල් මිල නියම කරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
රටේ සියයට අසූවක් පමණ ජනතාවක් පරිභෝජනය කරන නාඩු සහල් මිල රුපියල් 100ට අඩු මට්ටමකට ගෙන එන බව ද අලුත්ගමගේ මහතා කීය.
වී මිල සම්බන්ධයෙන් වී මෝල් හිමියන් සමග එකගතාවයකට පැමිණි අයුරින් ලබන සතියේ දී සහල් මිල සම්බන්ධයෙන්ද ගිවිසුම් අත්සන් කරන බව කී අලුත්ගමගේ මහතා මේ අනුව ඉතිහාසයේ පළමුවරට හාල් මිල පාලනය සඳහා ආණ්ඩුව සක්‍රීයව දායක වන බවද සඳහන් කළේය.
බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හාල් මිල රුපියල් 50 -75 අතර මිලකින් පහළට
Pathum Monday, 26 July 2021 05:47 PM
ඔව්වා කෙරෙන වැඩ නෙවෙයි...
WCA Monday, 26 July 2021 07:10 PM
හරිනේ... ඒ කියන්නේ හාල්මිල තීරණය කලේ මුදලාලිලා නේද? ඔය කියන විදියට තාම මාෆියාව තියෙනවා නේද? ඔය මිල අඩු කළත් ඒ වෙන්නේ ඔය මාෆියාවේ ඩීල් එකක් විදියටම නේද? කාවද මේ රවට්ටන්නේ..?
දිසා........ගම්පහ. Monday, 26 July 2021 08:43 PM
ජනතාව ගැන සිතා සහල් මිල ගණන් අඩුකිරීම විය යුතුම දෙයක්. සියලුම සහල් මිල අඩු කළ යුතු අතර සිරිපාල ගම්ලත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ අන්දමට සහල් කිලෝවක් රුපියල් 20 කින් අඩු කරමින් නාඩු සහල් කිලෝවක් රුපියල් 76 ක් විය යුතුයි.
Bempi Tuesday, 27 July 2021 05:41 AM
මෙයා පචබාහු කෙනෙක්... කිසිම වැඩක් හරියට කරන්න බැහැ... කඩේ යන එක හැර.. මේ රංචුවට දෙයියන්ගේ හාල් කැවිලා...
Puppa Tuesday, 27 July 2021 06:12 AM
මේ ඔක්කොම බොරු, මේ අය කට ඇරියොත් කියන්නේ පච... මේ අය කියන පච දාන්නේ ඇයි?
Sunil Tuesday, 27 July 2021 06:38 AM
මේ කරන්න යන්නේ පොහොර හිඟයෙනුත් බැට කන ගොවීන්ට ලැබිය යුතු සොච්චම් මුදලත් අහිමි කරන එක...