(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හලාවත නගරයට ආසන්නයේ ආරම්භ කිරීමට සුදානම් සුපිරි එළවළු තොග වෙළදපොල හේතුවෙන් තමන්ට රැකියාවන් අහිමි විමේ අවදානමක් පවතින බව පවසමින් හලාවත කුඩා පරිමාණ එළවලු වෙළදුන් 500 කට ආසන්න පිරිසක් විරෝධතාවයේ නිරත වුහ.
මේ වන විට හලාවත වෙළද පොල ආශ්‍රීතව වෙළදාම් කටයුතු වල නිරත වන වෙළදුන් පිරිසක් මෙලෙස විරෝධතාවට එ ක්ව සිටියහ.
ඔවුහු හලාවත ප්‍රධාන එළවළු වෙළද පොල ඉදිරිපිටදි විරෝධතාවයේ යෙදි පාගමනින් හලාවත නගර සභාව ඉදිරියට පැමිණ එම ස්ථානයේ පැය තුනකට ආසන්න කාලයක් තම විරෝධය මතු කිරීම සිදුවු අතර පසුව එම ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හලාවත ආසන සංවිධායක පාලිත රෝහණ මහතාට මේ සම්බන්ධව ලිපියක් භාර දීම සිදුව තිබුණි.
එහිදි සංවිධායකවරයා විසින් මේ සම්බන්ධව අදාල අංශ සමග සාකච්ජා කර ඒ පිළිබදව කඩිනමින් විසදුමක් ලබා දෙන බවට පොරොන්දු විමේන් පසුව විරෝධතා කරුවන් ඉවත් විම සිදුවිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ වියෝවෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු
2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්
කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හලාවත එළවලු වෙළෙන්දෝ පාරට බසිති