IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සෝමාවතියට හදිසි ප්‍රතිකාර ඒකකයක්

(අංජුල මහික වීරරත්න)

පොළොන්නරුව ශික්ෂණ රෝහලට අනුබද්ධිතව ඓතිහාසික සෝමාවතිය පුදබිමේ ඉදිකිරීමට යෝජිත හදිසි ප්‍රතිකාර ඒකකය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් සහ ස්ථානගත පරීක්ෂාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පළමුව සෝමාවතිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත් අමාත්‍යවරයා යෝජිත හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීම අරමුණු කර ගත් විශේෂ සාකච්ඡාවක් පැවැත් වු අතර, 2025 වසර තුළ මෙම ව්‍යාපෘතියේ නිර්මාණ සැලසුම් සම්පූර්ණ කොට, ව්‍යාපෘතිය සඳහා ජාතික සැලසුම් දෙපාර්‌තමේන්තුවේ අනුමැතීන් ලබා ගැනීම, ව්‍යාපෘති සැලසුම්කරණය සම්පූර්ණ කර, ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ වෙන්කරවා ගනිමින් 2026 වසරේ මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම,  ප්‍රතිකාර සේවාවන්  පොළොන්නරුව  ශික්ෂණ රෝහල හා ඒකාබද්ධව සිදු කිරීම යන කරුණු පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.

මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කීවේ සෝමාවතිය පූජා භූමිය සදහා හදිසි ප්‍රතිකාර ඒකකයක් ඇතුළු සෞඛ්‍ය මධස්ථානයක අවශ්‍යතාව දැඩිව පවතින බවයි. මෙතෙක් සකස් කළ සැලසුම් ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බවත්, මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානය පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලට අනුබද්ධව පවත්වාගෙන යා යුතු බව ද මෙහිදී අවධාරණය කෙරිණි.



අදහස් (0)

සෝමාවතියට හදිසි ප්‍රතිකාර ඒකකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 605 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 243 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site