(ඩයනා උදයංගනී)
රෝහල් හා සෞඛ්‍ය ආයතනවල වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබාදීම සඳහා අද (1) රටපුරා ඉන්ධන පිරවුම්හල් 92කදී සිදුකෙරුණු අතර, ඒවායින් ඉන්ධන ලබාගැනීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඊයේ (30) රාත්‍රියේ සිටම දිගු පෝලිම්වල රැඳී සිටීම හේතුවෙන් රෝහල් කටයුතු රැසක් ද අඩාල වූ බව වාර්තා විය.
වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලවලට වෙන් කරන ලද පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීමට ද පැය ගණනක් පෝලිම්වල බලා සිටීමට සිදුවීම නිසාත්, ඉන්ධන ලබාගැනීමට වෙනත් දිනයක් නොමැති නිසාත් රෝගී ප්‍රතිකාර කටයුතු හැකිතාක් කළමනාකරණය කරගනිමින් ඉන්ධන ලබාගැනීමට සිදුවූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
මේ හේතුවෙන් ගම්පහ මූලික රෝහල ඇතුළු රෝහල් ගණනාවක බාහිර රෝගී ප්‍රතිකාර ඒකකවල කටයුතු අඩාල වී තිබූ බව වාර්තා විණියැයි අලුත්ගේ මහතා කීවේය.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා වෙන්කර තිබූ ගාල්ල කොටුව, අක්කරෙයිපත්තු, නාවින්න සහ මාතර මැද්දවත්ත යන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී සාමාන්‍ය ජනතාව ද පැමිණ ඉන්ධන ඉල්ලා සිටීමෙන් ගැටලු ඇතිවූ බව වෛද්‍යවරයා සඳහන් කළේය.
පසුව යුද හමුදාව සහ පොලීසිය මැදිහත්ව ජනතාවට කරුණු පැහැදිලි කර දී සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබාගැනීමට අවස්ථාව සලසා දුන් බව හෙතෙම කීවේය.
එමෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉන්ධන නිකුත් කිරීම සඳහා වෙන්කර තිබූ ඇතැම් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත අද (1) දහවල් වන තුරුත් ඉන්ධන නොලැබී තිබූ බව කී අලුත්ගේ මහතා ඒ හේතුවෙන් ද සෞඛ්‍ය කාර්ය මණ්ඩල පෝලිම්වල රැඳී සිටිමින් දැඩි පීඩාවට පත්වූ බව සඳහන් කළේය.
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට වෙන් කර තිබූ පිරවුම්හල්වලින් කසල ප්‍රවාහන රථවලට ඉන්ධන ලබාගැනීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ක්‍රියා කර තිබූ බවත්, ඒ හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලබාදීමට ඉන්ධන ප්‍රමාණවත් නොවිය හැකි නිසා තව ඉන්ධන බවුසරය බැගින් ඒ වෙත යොමු කරන්නැයි තමන් ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් කළ බව ද වෛද්‍යවරයා පැවසීය.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පෝලිම්වල රස්තියාදු නොවී ඉන්ධන ලබාගැනීමේ වැඩපිළිවෙලක් ලබන සතියේදීවත් සකස් විය යුතු බව ද හෙතෙම කීවේය.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට හා රෝහල්වලට ඉන්ධන නොමැතිවී රෝහල් පද්ධතිය බිඳ වැටුණහොත් එයින් පීඩාවට පත්වන්නේ සහ ජීවිත අවධානමක් මතුවන්නේ තමන්ට බව ජනතාව තේරුම්ගත යුතු බව ද හරිත අලුත්ගේ මහතා පැවසීය.
රටපුරා ඇති ඉන්ධන පිරවුම්හල් 1,300කින්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබාදීම සඳහා සතියකට එක් දිනයක් පමණක් වෙන්කරන්නේ පිරවුම්හල් 92ක් පමණක් බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඉකුත් සිකුරාදා ද රටපුරා ඉන්ධන පිරවුම්හල් 84ක් වෙන්කර තිබූ අතර, එදින ද නිසි පරිදි ඉන්ධන නොලැබීම හේතුවෙන් ගැටලුකාරී තත්වයක් මතුවී රෝහල් රැසක කටයුතු අඩාල වී තිබිණි.
(ඡායාරූප: සනත් ගමගේ)
(ඡායාරූප: පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සෞඛ්‍ය කාර්ය මණ්ඩල අදත් පෝලිම්වල
Bamunuarachchi Saturday, 02 July 2022 08:23 AM
සෞක්‍යකාරයින් යාලුමිත්‍ර සියලු දෙනාටම තෙල් සපයලා ගෙදරත් තෙල් ස්ටොක් කරනවා. රාජකාරියට යන්නේ නැහැ.. තෙල් පෝලිමේ ඉන්නවා. වින්නඹු අම්මලා, සාත්තු සේවකයෝත් කාර්වලට තෙල් ගහගන්න පෝලිමට ඇවිල්ලා...!