IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සුවසැරිය ගිලන් රථ බල ඇණිය 500ට නංවයි

(අංජුල මහික වීරරත්න)

සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ කුසලතා වර්ධනය කිරීම සදහා ක්‍රියාත්මක කෙරෙන  පුහුණු වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා  නිරීක්ෂණට ලක් කළේය.

එංගලන්තයේ නව බකිංහැම්ෂයර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය විල් බ්‍රෝටන් මහතාගේ ප්‍රධානත්වයෙන්, පරිපූරක වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රවීණයන් කණ්ඩායමකගේ විශේෂ අධීක්ෂණයෙන් දින 5ක්  ක්‍රියාත්මක  මෙම විශේෂ පුහුණු වැඩසටහන පදනම් ආයතනයේ දී පැවැත්වේ.

මෙම  පුහුණු වැඩසටහන් මාලාව මෙවර පවත්වනුයේ සිව්වන වරටයි. මේ වෙනුවෙන් මහාචාර්ය විල් බ්‍රෝටන් මහතා සහ එම  පරිපූරක වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රවීණයන් කණ්ඩායමට මෙරටින් කිසිදු ගෙවීමක් හෝ මූල්‍ය දායකත්වයක් ලබා නොගන්නා අතර ගුවන් ටිකට්පත් ඇතුළු සියලු වියදම්  ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ එම විද්වත් කණ්ඩායම විසින් දරනු ලබයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවේ  සුවසැරිය ගිලන් රථ බල ඇණිය 500 ක් දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය සැලසුම්, ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටින බවයි.  මෙම ගිලන් රථ සේවාවට ලෝකයේ පවත්නා නවීනතම තාක්ෂණය එක්කරමින් නව්‍යකරණයට ලක් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ඉන්දීයානු රජය සමග සාකච්ඡා කර තවත් ගිලන්රථ 100 ක් ලබාගැනීමට කටයුතු කරන බවත්, ඊට අමතරව ආසියා සංවර්ධන බැංකුවෙන් ගිලන්රථ 20ක් ණය ආධාර යටතේත්, තවත් ගිලන්රථ 25ක් ප්‍රදානයත් ලෙසටත් ලැබීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

 

 

 

 



අදහස් (0)

සුවසැරිය ගිලන් රථ බල ඇණිය 500ට නංවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 729 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site