IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පරාද වුණේ උපක්‍රමශීලී නොවීම නිසයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කරන යෝජනාව විවාදයට ගැනීම සඳහා වන ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පරාජයට පත්වූයේ පාර්ලිමේන්තු උපක්‍රමශීලී බව අමතක කර එය ඉදිරිපත් කළ නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව විවාදයට ගැනීම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමට අවශ්‍ය බව එම්.ඒ සුමන්තිරන් මහතා තමා හමුවී පැවසූ බව කී අග්‍රාමාත්‍යවරයා එම යෝජනාව ජනපති තනතුරෙන් ඉවත් කරන්නට නොව අප්‍රසාදය පළ කිරීම සඳහා බවත් ඉන්පසුව ජනපතිට බලයේ සිටිය හැකි බවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා තමා සමඟ පැවසූ බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

කලහකාරී සිද්ධි නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මියයාම, මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු   මන්ත්‍රීවරුන්ට අදහස් පළ කිරීමට අඟහරුවාදා කාලය වෙන්කර තිබෙන බැවින් ඊට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත් ජනාධිපතිවරයාට අප්‍රසාදය  පළ කිරීම ගැන ඊට පසුව විවාද කිරීමට වෙලාව තිබෙන බවත් එහිදී තමා සුමන්තිරන්  මන්ත්‍රීවරයාට පැවසූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.

ස්ථාවර නියෝග අත්හිටුවන යෝජනාව පරාජයට පත් වුවහොත් ප්‍රධාන යෝජනාව ද අඩපණ වන්නේ ද යැයි ද අඟහරුවාදා දින තමන්ගේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට මන්ත්‍රීවරුන් තීරණය කර තිබෙන්නේ යැයි ද තමා සුමන්තිරන් මන්ත්‍රීවරයාට දැනුම් දුන් බවද අග්‍රාමාත්‍යවරයා කීය.

නමුත් අවාසනාවකට විපක්ෂය ස්ථාවර නියෝග හිටුවීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර එය පරාජයට පත්වූ බවද දැන් ජනපතිට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව ඉදිරියට ගෙනයන්න පුළුවන් ද කියා ප්‍රශ්නයක් තිබෙන බව ද කී අග්‍රාමාත්‍යවරයා මෙය සිදුවූයේ පාර්ලිමේන්තු උපක්‍රමශීලී බව අමතක කර යෝජනාව ඉදිරිපත් කළ නිසා බව බවද සඳහන් කළේය.



අදහස් (6)

ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පරාද වුණේ උපක්‍රමශීලී නොවීම නිසයි

Rata Perata Tuesday, 17 May 2022 10:36 PM

ඔයත් එක්ක කොහොමත් රාජපක්ෂලාට අප්‍රසාදය ප්‍රකාශ කරන වැඩ කරන්න බැරි බව රටම දන්නවා...

:       0       4

එරා Wednesday, 18 May 2022 05:29 AM

ඔබ එයට විරුද්ධව ඡන්දය දුන්⁣නෙත් ඒකද? බොරුවෙ උපත...

:       2       5

චින්තක Wednesday, 18 May 2022 05:58 AM

අප්‍රසාදය පළකොට ජනාධිපති එලවන්න බැරිනම්, ඒ වෙනුවෙන් කාලය කාදමා ජනතා මුදල් කාබාසිනියා නොකරනු... අරගලය තවතවත් ශක්තිමත් වේවා..!

:       2       6

සමන් Wednesday, 18 May 2022 08:22 AM

රනිල්ගේ ඉතිහාසය නිරීක්ෂණය කරන ඕනෑම කෙනෙකුට දුර්වල, කපටි දේශපාලනයක් කළ බව වැටහේ... අද ඇති ප්‍රසාදය හෙට අප්‍රසාදයක් බවට පත් වන්නේ කෙසේද? ඔහු මේ මජර දේශපාලන සංස්කෘතිය හා තම පන්තිය රැකිම වෙනුවෙන් සැමදා කටයුතු කරනු ඇත. පාර්ලිමේන්තුව සැබෑ ජනතා මතය නියෝජනය නොකරයි. ඔවුන්ගේ ප්‍රමුඛතා ලැයිස්තුව මන්ත්‍රීවරුන් නැවත නගාසිටුවීම ගැන නම් රට නව දේශපාලනික සංස්කෘතියකට යොමු කිරීම හෝ ආර්ථිකව නගාසිටුවීම ඔවුන්ගෙන් බලාපොරොත්තු විය හැකිද? බහුතරයක් නොපිළිගන්නා තැනට රජය හා ජනාධිපති පත්වී ඇත. ජනතාව කුණුබක්කියට දැමූ පක්ෂයක නායකයා තරුණ අපේක්ෂා පරාජය කරමින් අගමැති පුටුවට සදාචාරාත්මක නොවන ලෙස පත්වී ඇත...!

:       2       5

ab Wednesday, 18 May 2022 10:29 AM

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අඳුරු අවස්ථාවන් ගණනාවක් අප දැක තිබේ. පාර්ලිමේන්තුව තුළ භික්ෂූන්ට පහර දීම, මිරිස්කුඩු ඉසීම, සෙංකෝලය පැහැරගෙන යාමේ සිට කතානායකවරයාගේ අසුනට ජලය දමා එම අසුන පෙරලා දැමීමේ සිට ඊයේ දිනය දක්වා සිදුවූ සිද්ධීන් දාමය සහ රට දැවැන්ත ආර්ථික, සමාජීය අර්බුදයකට මැදිව තිබෙන්නා වූ අවස්ථාවක සියලුදෙනා එක්ව විසඳුම් සොයනවා වෙනුවට පාර්ලිමේන්තුවක් තුළ ඔවුනොවුන්ගේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් අවසානයක් නොමැති, විසඳුම් නොමැති දේශපාලන අර්බුද නිර්මාණය කරගනිමින් සිටියි. රටේ ජනතාව මේ වනවිට සිටිනුයේ දැඩි ආර්ථික, සමාජීය පීඩනයකින් වේ. මෙම අර්බුදය රටේ ජනතාව නිර්මාණය කරනලද අර්බුදයක් නොවේ. ජනතාව වෙනුවෙන් සේවය කිරීම පිණිස පාර්ලිමේන්තුවට පත්කළ දේශපාලකයින්ගේ පරිපාලනය නිසා සිදුවූවකි. මේ වනවිට 225ද නොඑසේනම් 22.5 මිලියනයද කියා ජනතාව ඔවුනොවුන් තර්කකරමින් සිටියි. එම නිසා ඇමෙරිකාවේ සිදුවූ " Capitol Riot " වැනි සිදුවීමක්, හානියක් ලංකාවේ පාර්ලිමේන්තුව තුළ සිදුනොවීමට 225ම වගබලා ගැනීම ඔවුන්ගේ යුතුකමකි.

:       0       7

fairoos Wednesday, 18 May 2022 01:19 PM

මෙතුමා නම් නියම ඩීල් කාරයෙක් තමයි... ඒක මුලු රටම දන්නවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 148 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 700 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 450 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 73 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1493 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 3330 8

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site