IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමතිකම් දක්ෂතා මත

(අංජුල මහික වීරරත්න)

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙි දී සියලුදෙනාගේ අදහස්වලට ඇහුම්කන් දෙමින් කුසලතා මත වගකීම් පැවරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ රජය මේ වන විට දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කර තිබෙන අතර එම සාකච්ඡා සාර්ථක බව කී ජනාධිපතිවරයා ඒ අතර විවිධ මත දරණ කණ්ඩායම් සිටින බව සඳහන් කළේය.

සාකච්ඡා මගින් වැඩි මතයට ඉඩක් දී නිවැරදි වැඩපිළිවෙළක් රට වෙනුවෙන් ඉදිරිපත් කිරීම අරමුණ බව ජනාධිපතිවරයා කීය. නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ මූලස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා මකුලෑවේ විමල රාමඤ්ඤ නිකායේ ම⁣හානාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ම⁣හා සංඝරත්නය හමුවේ මෙි බව කීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ ලේඛකාධිකාරී අත්තංගනේ ශාසනරතන හිමි සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරි හල්පන්විල පාලිත නාහිමිද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් ද මීට සහභාගී වූහ.



අදහස් (20)

සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමතිකම් දක්ෂතා මත

kamal Saturday, 06 August 2022 03:07 PM

එහෙනම් ඉතින් ජනමතයක් නැති ජනාධිපතිගේ ඉඳන් තනතුරු නැතිවෙයිනේ...

:       94       23

BamunuarachchiSaturday, 06 August 2022 06:27 PM

රනිල්ට තිබෙන ජනමතය අනුරට තිබෙනවාද කියන්න බලන්න..? රනිල්ට වඩා අනුර ලබාඇති ඡන්ද සංඛ්‍යාව 196523යි. රනිල් රටේ 5 වතාවක් අගමැති වුණු කෙනෙක් අනුර නිකම්ම නිකන් අනුර... රනිල් ලෝකය දන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් හැටියට... අනුරව දන්නේ ත්‍රස්තවාදී පක්ෂයක නායකයෙක් හැටියට. ඉන්න මිනිස්සු අතරින් රනිල් රට ගෙනියන්න සුදුසුයි නේද ආයුබෝවන්...?

:       0       0

ganegoda Saturday, 06 August 2022 03:16 PM

හොරු බොරුකාරයින්ට ජනතාවගේ සල්ලි බෙදනවා කිව්වොත් මා නිවැරැදියි නේද?

:       71       17

mahesha Saturday, 06 August 2022 03:19 PM

ඔන්න ඔහොමනේ ලොක්කා කෙරෙන්න ඕනෑ. ඉක්මණටම අර රාජපක්ෂ ඇමති ලිස්ට් එක අයින් කරන්න. පොහොට්ටුවන් වුණාට කමක් නැහැ වැඩක් කරන්න පුළුවන් කණ්ඩායමක් ගන්න. සමූහ රජයකට බහුතරය ගැටළුවක් නෙමෙයි, ආසන සංවිධානය කරන්න ඕනෙත් නැහැනේ...!

:       57       13

Manoj Saturday, 06 August 2022 03:37 PM

රනිල් දක්ෂතාවයට නොවේ ප්‍රමුඛත්වය දෙන්නේ. හොරාකෑමට දක්ෂ අයට පමණයි අවස්ථාව දෙන්නේ. සෞඛ්‍ය ඇමැතිකම චන්න ජයසුමන වගේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සිටියදී එම ඇමැතිකම දුන්නේ ඒ ගැන අබමල් රේණුවක දැනුමක් නැති හොරකමට කප් ගහපු කෙනෙකුට...!

:       15       89

Surain Saturday, 06 August 2022 04:14 PM

කුසලතා මත දෙනවා නම් 5 වරක් අගමැතිකම කරලා රට මේ දරුණු අගාධයට ඇදදාපු ඔබත් ඔය තනතුරෙන් අයින් වෙලා සුදුස්සෙක් පත්කර ගන්න ඡන්දයක් තියන්න.

:       18       61

ravin Saturday, 06 August 2022 04:32 PM

වචනයේ පරිසමාප්තියෙන්ම ඔය කියන සුදුසුකම් පැහැදිලි කරන්නකෝ... දැනට ඉන්න කට්ටිය නම් තාවකාලිකයි නේද? ඒ හින්දා තමයි ඒගොල්ලන්ගේ සුදුසුකමුයි, තනතුරුයි.. සංසංදනය නොකරන්නේ...

:       4       39

kapila Saturday, 06 August 2022 04:41 PM

හැමෝම ඔහොම කියලා තමයි එන්නේ...

:       3       33

ganegoda Saturday, 06 August 2022 04:44 PM

කුසලතා මත බෙදුවොත් ඔහෙට ඉතිරිවෙන දෙයක් නෑනේ..!

:       36       16

BamunuarachchiSaturday, 06 August 2022 06:29 PM

කුසලතා මට බෙදුවොත් බෙදෙන්නේ මෙහෙමයි රනිල්ට වඩා අනුර ලබා ඇති චන්ද සංක්‍යාව 196523යි. රනිල් රටේ 5 වතාවක් අගමැති උන් කෙනෙක් අනුර නිකම්ම නිකන් අනුර.රනිල් ලෝකය දන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් හැටියට. අනුරව දන්නේ ත්‍රස්තවාදී පක්ෂයක නායකයෙක් හැටියට. ඉන්න මිනිස්සු අතරින් රනිල් රට ගෙනියන්න කුසලාතා වැඩී නේද ආයුබෝවන්?

:       16       58

චමින්ද Sunday, 07 August 2022 08:41 AM

බමුණු ඔබේ අදහස සියයට දහස් වරක්ම නිවැරදියි.

:       4       1

podi moleSunday, 07 August 2022 09:41 AM

පස් වතාවක් අගමැතිකම් කරලත් රට වේවගේ අගාධයකකට ආපු එක ගැන ඔය කියන ලෝකයම මොනව හිතනවද දන්නේ නැහැ.

:       0       5

BamunuarachchiSunday, 07 August 2022 06:28 PM

දේශපාලනයේ කෘතහස්තයෙකුට 5 වතාවක් බැරිවුණානම් මෙරට ගොඩ දමන්න, තිබුන ආණ්ඩුවක සිල්ලර ඇමතිකමක් කළ අනුර කොහෙද ගොඩ දාන්නේ කියල අපිත් එක්ක ලෝකෙම හිතනවා. යුද්දෙන් රට ගොඩ දාපු කෙනාව තමයි පන්න ගත්තේ. මේ යන විදිහට පෙනෙන්නේ ඒගොල්ලෝ නැවත එනවා කියලා ඒගොල්ලන්ගේ නිශ්ශබ්දතාවයෙන් එක පෙනෙනවා. ඒ ගොල්ලෝ කටමැත දොඩවන්නේ නැහැ නේද?

:       0       1

විපරමා Saturday, 06 August 2022 05:34 PM

ජනපතිකම ලැබුණු දා පටන් වැඩි හරියක් පන්සල් ගානේ? කුසලතා හා දක්ෂතාමත කාටද,කවද්ද ඇමතිකම් ලැබිලා තියෙන්නේ ,ඉන්නේ වැඩිපුරම පට්ට හොරුනේ ?

:       45       10

siri Saturday, 06 August 2022 06:15 PM

අපොයි ඔව්. දැන් පත්කරගෙන ඉන්න ඇමති මණ්ඩලයේ බොහෝ දෙනෙක් ගැන බලනකොට නම් කුසලාතාමත පත්කලා කියල කියන්න අමාරුයි. නිකන් සුදුලූනු පොඩිකරන්නේ නැතුව ඉන්න මහත්තයෝ.

:       13       7

Ajith Saturday, 06 August 2022 07:20 PM

බහුතරයක් ජනතවගේ දේශපාලන දැනුම ඉතා පටු නිසා ආත්මාර්ථකාමී බල දේශපාලන පොරොන්දු වලට නතුව ඡන්දය ප්‍රකාශ කරන නිසා රට පාලනය කලයුත්තේ සුළුතරයක් කැමති පාලකයෙකු බව නොදුරු අනාගතයේදී කාට කාටත් පැහැදිළිවේවි.

:       1       40

Perera Sunday, 07 August 2022 05:09 AM

කප්පම් කටයුතු පිළිබඳ ඇමැති ප්‍රසන්න, මිනීමැරුම් කටයුතු පිළිබඳ ඇමැති චොකා මල්ලී...

:       0       0

Demuni Uduwara Sunday, 07 August 2022 05:19 AM

Has he recruited advisors in conformity with enough qualifications ?

:       0       0

ranjith Sunday, 07 August 2022 06:56 AM

දක්ෂකම වෙන්නේ කප්පම් අරන් උසාවියෙන් වරදකරු වීමද? කොමිස් ඉල්ලන එකද? පේනවනේ ඇමැතිකම ළඟදි දුන්නු පිළිවෙළ...

:       0       0

Rohana Sunday, 07 August 2022 07:18 AM

ඔය 225 අතර ඉන්න කීප දෙනෙකුට පමණයි යමක් හරිහැටි කරන්න පුළුවන්.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 53 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 145 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 396 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 659 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 272 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 145 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site