(සුජිත් හේවාජුලිගේ )
චීන රජය ප්රදානය කරන සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක් සහ එන්නත් සිරින්ජර ලක්ෂ 26ක් අද (27) දිවයිනට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මෙය චීන රජය එක් වරකදී ප්රදානය කරන සයිනොපාම් කොරෝනා මර්දන එන්නත් වැඩිම ප්‍රමාණය බවද හෙතෙම සඳහන් කළේය.
මේ අනුව චීන රජය මෙරටට මේ දක්වා ප්රදානය කර ඇති සයිනොපාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය ලක්ෂ විසි හතක් දක්වා ඉහළ යනු ඇත.
මෙම එන්නත් තොගය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළේදී අද උදේ බාර ගනු ලැබීමට නියමිතය.
මේ අතර සයිනොපාම් එන්නත් ලබා ගත් අයගෙන් සියයට 95 කට පමණ ඉහළ ප්‍රතිශක්තියක් ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය කළ පරීක්ෂණයකදී සනාථ වී ඇත.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සයිනොෆාම් එන්නත් වැඩිම තොගය හෙට දිවයිනට