IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


සත්තුවත්තේ පරෙවියන් සොරකම් කළ සූපවේදියා අල්ලයි

(ගයාන් සූරියආරච්චි,එච් එම් ධර්මපාල සහ කේ. බුද්ධික කුමාරසිරි )

දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32ක් සොරකම් කළ බව කියන සූපවේදියකු සොරාගත් පරෙවියන් 15දෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල, නැදිමාල ප්‍ර දේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි. දෙහිවල ජාතික සත්වෝද්‍යානයට ලබාදී තිබූ විදේශීය පරෙවියන් 32ක් ඉකුත් ඔක්තෝබර් මාසයේ සොරකම් කර තිබූ බව පොලිසිය පවසයි.

විදේශ රටක සිට නීති විරෝධීව එම පරවියන් මෙරටට රැගෙන එන අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය නියෝගයක් මත එම පරවියන් 32 දෙදෙනා රැකබලාගැනීම සදහා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට බාරදී තිබූ බව පොලිසිය කියයි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පාලනාධිකාරිය විසින් කළ පැමිණිල්ලක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.එම සොරකම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර සැකකරුවන් තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් බව පොලිසිය පවසයි.

 



අදහස් (1)

සත්තුවත්තේ පරෙවියන් සොරකම් කළ සූපවේදියා අල්ලයි

රනේ Sunday, 07 December 2025 12:48 PM

පරවියන්ට ලිපිනය දීලා එන්න කියන්න ඇතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 267 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site