(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලංකා ධීවර සංස්ථාව සේවක අර්ථසාධක අරමුදලට(E.P.F) සහ සේවක බාරකාර අරමුදලට (E.T.F) රුපියල් කෝටි 60 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) පවසයි.
එම අරමුදල්වලට එලෙස මුදල් ගෙවීම පැහැරහැරීම නරක පූර්වාදර්ශයක් බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.
ඒ මුදල් ගෙවීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සති දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් සභාපතිවරයා මේ අනුව ධීවර සංස්ථාවේ ප්‍රධානීන්ට නියම කළේය.
මේ අතර සපයන ලද මාළු වෙනුවෙන් ධීවර අලෙවිසල් සහ රෝහල් යනාදී ස්ථාන රැසක් ධීවර සංස්ථාවට රුපියල් කෝටි තිහකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයිද කෝප් කමිටුවේදී තොරතුරු අනාවරණයවිය.
මේ තොරතුරු අනාවරණය වූයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 25 වැනිදා රැස්වූ අවස්ථාවේදීය.
මේ අතර ලංකා ධීවර සංස්ථාව ප්‍රති ව්‍යුහගතකරණය කිරීම සඳහා යෝජනා කැඳවන ලෙසද කමිටුව ධීවර සංස්ථාවේ ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.
රජයේ රෝහල්වලට ලංකා ධීවර සංස්ථාව දේශීය මාළු වර්ග ලබා නොදී තලපත් මාලු විදේශයන්ගෙන් ආනයනය කර දෙන බවට මෙහිදී සඳහන්වීමෙන් පසු කෝප් කමිටු නියෝජිතයෝ ඒ සම්බන්ධයෙන් සංස්ථා බලධාරීන්ගෙන් කරුණු විමසුහ. එහෙත් ඊට පැහැදිලි පිළිතුරක් ලබාදීමට සංස්ථා බලධාරීන් අපොහොසත්වූ බව එහි ආරංචිමාර්ග සඳහන් කරයි.
විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය
හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.
ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට
මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සංස්ථාව ධීවර සේවකයන්ගේ අර්ථ සාධකයටත් විදලා