( ටෝනි කරුණානායක)
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා පෙබරවාරි මස 03 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා අද (21)නියම කලේය .
අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් ඔවුහු රිමාන්ඩ් බාරයේ සිටිති.
ශානි අබේසේකර ,ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්ත ව සේවය කරන ලද හිටපු උප පොලිස් පරික්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරික්ෂක එච්.ඩි.නවරත්න ප්‍රෙමතිලක
යන සැකකරුවන් තිදෙනාව මෙසේ නැවත රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.
මෙම නඩුවේ 04 වන සැකකරු වන එච්.ඩී නවරත්න ප්‍රේමතිලක යන අයගෙන් මහර බන්ධනාගාරය තුළ දී ප්‍රකාශයක් ලබා ගත් බව පැමිණිල්ල මෙහෙයවමින් කොළඹ අපරාධ කොට්ටාසයේ පොලිස් කොස්තාපල් ප්‍රදීප් කුමාර (76309) නිලධාරියා අධිකරණය හමුවේ පැවසීය .
සැකකරුවන් තිදෙනා වෙනුවෙන් කිසිදු නීතිඥ සහායක් නොවිය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්
Senarath Thursday, 21 January 2021 08:55 AM
පොලීසියේ ඉතිහාසය පුරාවටම මෙවැනි දූෂිතයින් හමුවෙලා නැහැ.
ලුම්බිණි Thursday, 21 January 2021 10:00 AM
ඇප ලබන්න සහ නිදහස් වෙන්න තරම් වරදක් කරලා නැහැ මගේ හිතේ...
BamunuarachchiThursday, 21 January 2021 11:01 AM
මෙයා හොරකමක් කරලා හරි, මිනියක් මරලා හරි නම් ඇපදීම සලකා බලන්න පුළුවනි.. නමුත් බොරු සාක්කි හදලා අහිංසක මිනිසුන් හිරේ යවපු එක බලවත් වරදක්. බොරු සාක්කි හදලා ඔබව හිරගෙට තල්ලු කළා නම් කොහොමද? ඒ ජඩ වැඩේ කරලා තව වළං හෝදන්නත් ලැහැස්තියි.
RaveendraThursday, 21 January 2021 11:59 AM
කිසිවෙකුට ගැති නොවී මධ්‍යස්තව මොහු දෙස බැලීමේදී මොහු දක්ෂ, අවංක නිලධාරියකු නොව කොහෙවත් යන නිවට දේශපාලකයන්ගේ අතකොළුවක් බව නම් කිව යුතුමයි. සමහර විට ඔබ අප සමග උරණවනු ඇත. නමුත් කිවයුතු දෙය කිව යුතුමයි. අප දක්ෂ එඩිතර සේවකයන් මොන යම් හෝ දේශපාලුවන් පසුපස නොයන පිරිසක් බව අමුතුවෙන් කිව යුතුද නැත. මොන පක්ෂයක් රටේ බලයට පැමිණියත් රජයේ නිලධාරින් තම රාජකාරිය, තම සේවය නිසියාකාරව මහජනතාව වෙනුවෙන් කළ යුතු බව රජයේ සේවකයන් වැඩි පිරිසක් අමතක කර ඇති බව ඉතා හොඳින් පැහැදිලිය. මොහුත් එවන් නිලධාරියකු බව කණගාටුවෙන් වුවද කීමට කැමැත්තෙමු.. මොහුද තම ජීවිකාව, දවසේ තුන්වේල ගිල දැම්මේද ඔබේ, මගේ අපේ බදුමුදල් වලින් වීමත් අවාසනාවකි...
Bamunuarachchi Thursday, 21 January 2021 10:57 AM
බැලූ බැල්මටම චෝදනාව බරපතලයි. පුලුවන් වෙයි වළං හෝදන එක කොහොම වෙතත් දෙන්නගේ කුණු අතුල්ලා ගන්න...
Demuni Uduwara Thursday, 21 January 2021 11:54 AM
ශානි, දෙවිවරු උඩ ඉන්නේ...
චින්තක Thursday, 21 January 2021 12:28 PM
ඉල්ලුවේ රන්ජන්ගේ කුස්සියේ වළං හෝදන්න. ලැබුණේ සිපිරිගෙදර වළං හෝදන්න. අවුලක්ම නැහැ. කොහේ කරත් එකම රාජකාරියනේ... ඔහොම්මම කරගෙන යන්න දෙන්න...
Bandara Thursday, 21 January 2021 04:58 PM
බලය තිබුණු පළියට වැරැදි ලෙසට පාවිච්චි කළාම මෙහෙම වෙනවා.
සෑම් Friday, 22 January 2021 02:20 AM
මේ කරන දේශපාලන පළිගැනීම මහා අපරාධයක්... ශානි ඉතාමත් දක්ෂ නිලධාරියෙක්. දේශපාලකයෙක් ඔහුට කතාකරපු පමණින් ඔහු දූෂිතයෙක් වෙන්නේ නැහැ. ඕනෑතරම් දේශපාලකයින් විතරක් නෙමයි සාමාන්‍ය මිනිස්සුත් පොලීසිවලට කතාකරලා තමුන්ට සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතිය විස්තර ඕනෑතරම් අහනවා. ඒක කිසිසේත්ම බලපෑම් කිරීමක් නෙමෙයි. අනික බොරු සාක්කි හැදුවා නම් අනික් පාර්ශවයට ඒක බොරු බව පෙන්වන්න අවස්ථාවක් තියනවා. හරියට නඩුව ඇහැව්වා නම් ශානි බොරු සාක්කි හැදුවා කියලා කොහේවත් ඔප්පුවෙලා නැහැ. මේක තනිකර දේශපාලන පළිගැනීමක්.
සිසිල් සුදේශ් Friday, 22 January 2021 02:54 AM
නීතිඥයින් පෙනී නොසිටියේ ඇයි? වාර්තාකරණය කොට ඒ ගැන පැහැදිලි කළ යුතුව තිබුණා. නීතිඥයොත් සර්ට බය වෙලාද?
Rata Perata Friday, 22 January 2021 07:57 AM
ශානි මෙහෙයවපු දේශපාලකයන්ගේ නඩු ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. ඔලුවල තියෙන්නේ වහල්කම තමයි.
BamunuarachchiFriday, 22 January 2021 11:58 AM
අහවලා හිරකරන්න නම් ඕනේ... ඔය වැඩිවිස්තර කතා කරන්නේ මොකටද?
BamunuarachchiWednesday, 27 January 2021 01:18 PM
කූඩුවේ ඉන්නේ බොරු සාක්ෂි හදපු නිසා නම් ශානි මෙහෙයවපු දේශපාලකයින්ගේ නඩු ගැන කුමන කතාද හලෝ?