IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ වඩාත් වටිනාම ආහාරපාන සන්නාමය නෙස්ලේ

ලෝක ප්‍රකට Brands Finance ආයතනය විසින්, ශ්‍රී ලංකාවේ වඩාත් වටිනාම ආහාරපාන සන්නාමය ලෙස නෙස්ලේ පසුගියදා නම් කෙරුණි. අඛණ්ඩව 19 වැනි වරටත් සිදුකෙරුණු මෙම ශ්‍රේණිගත කිරීම, ශ්‍රී ලාංකික සන්නාමවල වටිනාකම සහ ශක්තිය අගයනු ලබයි.

LMD Brands Annual 2022 හි පළ කරන ලද මෙම ශ්‍රේණිගත කිරීමේදී, විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවලට අදාළ මෙරට ආයතනික සන්නාම 100ක් අතුරින් 11 වැනි ස්ථානය හිමි කරගැනීමට නෙස්ලේ සමාගම සමත්විය. Brands Financeආයතනය විසින් සිදුකළ පුළුල් පර්යේෂණයකට අනුව නෙස්ලේ සන්නාමයේ වටිනාකම 2021 වසරට සාපේක්ෂව 2022 දී සියයට 20කින් වර්ධනය වී තිබීම ද කැපී පෙනේ.

නෙස්ලේ සතු සන්නාම තුනක්, ශ්‍රී ලංකාවේ වැඩිම ජනාදරයට පත් සන්නාම අතරට ද පත්විය. මෙම ඇගයීමේදී, විවිධ කාණ්ඩවලට අයත් සන්නාම 140ක් පමණ ආවරණය කෙරුණි. ඒ අනුව, කිරි ආහාර - මෝල්ට් පාන යන කාණ්ඩයේ වැඩිම ජනාදරයට පත් සන්නාමය බවට නෙස්ටමෝල්ට්’ පත්විය.  මේ අතර, එම කාණ්ඩයේම දෙවැනි ස්ථානය දිනාගැනීමට මයිලෝ සන්නාමයට හැකි වූ අතර, නූඩ්ල්ස් සහ වෙනත් තිරිඟු‍ ආහාර යන කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනාගැනීමට මැගී‘ සන්නාමය සමත්විය. 

″ශ්‍රී ලංකාවේ වඩාත් වටිනාම ආහාරපාන සන්නාමය ලෙස ඇගයීමට ලක්වීම අපට විශාල ගෞරවයක්. මෙවන් අභියෝගකාරී කාලසමයකදී අපගේ සන්නාමයේ වටිනාකම සහ ශක්තිය පිළිබඳ මෙබඳු ඇගයීමක් ලැබීම අපට විශාල ධෛර්යයක්. වසර 115කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාව තුළ කටයුතු කළ සමාගමක් වශයෙන් අපි අඛණ්ඩව ගුණවත් සහ රසවත් ආහාර අපගේ පාරිභෝගිකයන්ට ලබාදීමට බැඳී සිටිනවා. ඒ වගේම නෙස්ලේ සන්නාම තුනක් වැඩිම ජනාදරයට පත් සන්නාම ලෙස නම් වීමත් අපට විශාල සතුටක්. අපගේ සන්නාම කෙරෙහි ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් තබා ඇති විශ්වාසය ඉන් පෙන්නුම් කෙරෙනවා″ යනුවෙන් නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ ජේසන් ඇවන්සෙන්‍යා මහතා ප්‍රකාශ කළේය.

595



අදහස් (1)

ශ්‍රී ලංකාවේ වඩාත් වටිනාම ආහාරපාන සන්නාමය නෙස්ලේ

Maha zen Friday, 01 July 2022 12:36 PM

දේශීය කර්මාන්ත යටකරගෙන ජයගත්තා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 802 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 150 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 992 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1028 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1336 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1197 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site