(ඩයනා උදයංගනී)
මෙම වසරට අදාළව නිකුත් කර ඇති ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව 65 වන ස්ථානයට පත්ව ඇත.
වාර්ෂිකව නිකුත් කෙරෙන එම දර්ශකයෙහි මෙවර රටවල් 116ක් ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
මන්දපෝෂණය, ළමා මරණ, ළමුන්ගේ උසට සරිලන අඩු බර යනාදී කරුණු සැලකිල්ලට ගනිමින් සකස් කෙරෙන දර්ශකයේ අඩුම ලකුණු ප්‍රමාණයක් ලබාගන්නා රටවල් සාගිනි අඩුම රටවල් අතරට අයත් වේ.
ඒ අනුව මෙවර ලකුණු 16ක් ලබාගත් ශ්‍රී ලංකාව මධ්‍යස්ථ මට්ටමක පසුවන බව එම දර්ශකයෙන් පෙන්වා දී ඇති අතර පසුගිය වසරේ ශ්‍රී ලංකාව පැවතියේ මෙම දර්ශකයේ 64 වැනි ස්ථානයේය.
චීනය, බ්‍රසීලය, කුවේට්, කියුබාව, තුර්කිය ඇතුළු රටවල් 18ක්, ලකුණු 5ට අඩුවෙන්ලබාගනිමින් මෙවර දර්ශකයේ සාගිනි අඩුම රටවල් ලෙස පළමු ස්ථානයට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවට සාපේක්ෂව දකුණු ආසියාවේ සෙසු රටවල් සාගිනි දර්ශකයේ ඉහළ ස්ථානවල පසුවන අතර ඉන්දියාව අවදානම් මට්ටමේ පවතින රටවල් අතරට එක්වෙමින් මෙවර දර්ශකයේ 101 වන ස්ථානයට පත්ව තිබේ. ඉන්දියාව ගිය වසරේ පැවතියේ මෙම දර්ශකයේ 94 වැනි ස්ථානයේය.
සාගිනි දර්ශකයේ වැඩිම ලකුණු ලබාගනිමින් සාගිනි වැඩිම රටවල් බවට පත්ව ඇත්තේ බුරුන්ඩි, කොමරෝස්, දකුණු සුඩානය, සිරියාව සහ සෝමාලියාව යන රටවල්ය.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ශ්‍රී ලංකාව ලෝක සාගිනි දර්ශකයේ 65වන ස්ථානයට
පු රෝහිත Friday, 15 October 2021 06:04 PM
ගොවියාට පොහොර නැහැ. පලිබෝධ නාශක නැහැ... වගාවන් හාන්සියි. නුදුරේදීම අපට ඉන්දියාව පසුකර යාමට හැකියි...
මහසෙන් Friday, 15 October 2021 06:23 PM
ආයෙත් අලුතින් ඒ සමීකරණය කරන්න කියන්න බැරිද දන්නෑ... ?
බඩගිනි Friday, 15 October 2021 07:15 PM
ඉහලට ඔසවාතැබූ සියළුම දෙනාට හදපිරි මෙව්වා එක හොඳේ...
උපාලී Friday, 15 October 2021 09:14 PM
බලන්න තිබුණ ටොය්යො සතුටේ නටන හැටි අපි ඉන්දියාවෙ තැනට වැටුන නම්.
amila Friday, 15 October 2021 10:33 PM
මෙච්චර සශ්‍රීක බිමක බඩගින්නේ ඉන්න මේ අය නම් මිනිස්සු වෙන්න බෑ..
Thissa Saturday, 16 October 2021 12:08 AM
තව අවුරුදු තුනකින්වත් පලවෙනි තැනට එන්න පුළුවන් වුනොත් හොඳයි
Demuni Uduwara Saturday, 16 October 2021 04:50 AM
පාලකයන් වග කිව යුතුයි!
perera Saturday, 16 October 2021 08:05 AM
සර්.... ඕක යන්න කලින් පළමු තැනට ගේනවා...
Asanga Saturday, 16 October 2021 10:24 AM
තව ටික කාලයකින් වැඩිකරගනියි.