IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


වෛද්‍ය සංගමය සුව ඇමති හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

මෙරට සෞඛ්‍ය පද්ධතියේ ප්‍රමිතීන් විශිෂ්ට අයුරින් පවත්වාගෙන යාම සදහා වෛද්‍යවරුන් ලබා දෙන දායකත්වය නිරන්තරයෙන් අගයකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පැවසීය.

සෞඛ්‍ය සේවාවන්හි ප්‍රමිතීන් උසස් තලයකට ගෙන ඒම සදහා වෛද්‍ය සංගම්වල ධනාත්මක අදහස් සහ යෝජනා අතිශය වැදගත්වන බව ද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව කීවේ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් මණ්ඩල නියෝජිතයින් පිරිසක් සමග  පැවති සාකච්ජාවකදීය. එම සාකච්ජාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙම සාකච්ජාව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  ඉල්ලීමක් පරිදි සංවිධානය කර තිබූ අතර එහි දී සංගමයේ නියෝජිතයන් සිය රාජකාරී ඉටු කිරීමේදී ඔවුනට බලපාන වෘත්තීය ගැටළු පිළිබඳව ද අමාත්‍යවරයා දැනුවත් කරනු ලැබීය. 

එමෙන් ම තම සේවා කටයුතු සිදු කිරීමේ දී රජයේ රෝහල් පද්ධතියේ මෙන්ම සෞඛ්‍ය ආයතන වල  අභියෝගයක්ව පවතින මානව හා භෞතික සම්පත් ගැටළු පිළිබඳව ද අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළේය.



අදහස් (0)

වෛද්‍ය සංගමය සුව ඇමති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 626 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site