IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහලට

(යොහාන් භාසුර)

විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහළ දැමීමට අවසර දුන් බවත් එම ගාස්තු ඉහළ දැමීම හෙට (10) සිට ක්‍රියාත්මක වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (9) පස්වරුවේ පැවසීය.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ ගෘහස්ථ කාණ්ඩයේ විදුලි ඒකක 30 ක් දක්වා රුපියල් 55 ක්ව පැවැති ගාස්තුව සියයට 264 කින් ඉහළ දමමින් රුපියල් 198 ක් දක්වා ද, ඒකක 31 සිට 60 ක් දක්වා රුපියල් 193 ක්ව පැවැති ගාස්තුව සියයට 211 කින් ඉහළ දමමින් රුපියල් 599 ක් දක්වා ද, ඒකක 61 සිට 90 දක්වා රුපියල් 650 ක්ව පැවැති ගාස්තුව සියයට 125 කින් ඉහළ දමමින් රුපියල් 1,451 ක් දක්වා ද, ඉහළ දැමූ බව රත්නායක මහතා කීය.  

විදුලි ඒකක 91 සිට 120 දක්වා රුපියල් 1,571 ක්ව පැවැති ගාස්තුව සියයට 89 කින් ඉහළ දමමින් රුපියල් 2,976 ක් දක්වාත්, ඒකක 121 ත් 180 දක්වා රුපියල් 2,791 ක්ව පැවැති ගාස්තුව සියයට 79 කින් ඉහළ දමමින් රුපියල් 5,006 ක් දක්වා ඉහළ දැමූ බව කී රත්නායක මහතා සඳහන් කළේ ඒකක 180 ට වැඩි නිවසකට රුපියල් 8,238 ක්ව පැවැති ගාස්තුව සියයට 75 කින් ඉහළ දමමින් රුපියල් 14,396 ක් දක්වා ඉහළ දැමූ බවත්ය.

මෙම ගාස්තු ඉහළ දැමීමේදී ඒකක 90 ක් දක්වා වන පහළ මට්ටමේ විදුලි පාරිභෝගිකයන් ලක්‍ෂ 48 කට සහන හිමිකර දුන් බව කී ජනක රත්නායක මහතා රුපියල් 32 ක පිරිවැයක් අස්තුමේන්තු කර ඇති විදුලි ඒකකයක් එම කාණ්ඩවලට පිළිවෙලින් රුපියල් 8, 12 සහ 16 යන මිලකට ලැබෙන ආකාරයට මිල සංශෝධනය කළ බව ද සඳහන් කළේය.

මෙම මිල ඉහළ දැමීමට සමගාමීව ගෘහස්ථ නොවන සෙසු ආයතනවල විදුලි ගාස්තුව ද ඉහළ දැමූ බවත් සංචාරක කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාරවල පමණක් ගාස්තුව ආරම්භයේදී සියයට 50 කින් පමණක් ඉහළ දමන බවත් සභාපතිවරයා කීය.

විදුලිබල මණ්ඩලය මේ වන විට මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය පිළිබඳව සහ ලෝක වෙළෙඳපොලේ ගල්අඟුරු සහ ඉන්ධන මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් වසර 9 කට පසුව මෙම විදුලි ගාස්තු ඉහළ දැමීම සිදුකළ බව කී රත්නායක මහතා සඳහන් කළේ මෙම ගාස්තු ඉහළ දැමීමේදී විදුලිබල මණ්ඩලය කොන්දේසි කීපයක් ද පැනවූ බවයි.

විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තුව ඉහළ දැමීමට මාර්තු මස සිට සිවුවරක් ඉල්ලීම් කර පසුගිය ජූනි මස 20 වැනිදා අවසන් වරට සියයට 229 කින් ගාස්තු ඉහළ දැමීමට ඉල්ලා සිටි බව කී රත්නායක මහතා ඒ සඳහා වන නියමිත ක්‍රමවේදනය අනුගමනය කරමින් ජනතාවට උපරිම සහනය ලබාදිය හැකි ආකාරයට ගාස්තු ඉහළ දැමූ බව ද පැවසීය.

ජනතාව මෙම ගාස්තු ඉහළ දැමීමට සහයෝගය දෙනු ඇති බවට විශ්වාස කරන බව ද ජනතක රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

මහජන උපයෝගීතා උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කොල්ලුපිටියේ පිහිටි එම කොමිසම් කාර්යාලයේදී අද (9) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් එසේ සඳහන් කළේය.

 



අදහස් (13)

විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහලට

කිරිපුතා Tuesday, 09 August 2022 01:12 PM

මණ්ඩලයේ හොරකමුත්, බිල් නොගෙවන ලොකු ලොක්කන්ගෙ බිලුත් සාමාන්‍ය ජනතාවට ගෙවන්න වෙලා. ඒක මරු.

:       0       8

Rexi Tuesday, 09 August 2022 01:45 PM

හුරේ නියමයි තව අපේ බිල වැඩි කරලා 226 වරප්‍රසාද වැඩි කරමු. මාසික ඉන්ධන වියදම ලක්‍ෂ දෙකක් කලා වගේ. කොහොමද ව්‍යවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය දැන් රට හොඳටම ගොඩ

:       0       2

Hafeel Tuesday, 09 August 2022 02:13 PM

මේකටද තෙල් මිල සහ ගෑස් මිල අඩු කලේ? හාල්මැස්සෝ දාල මෝරු අල්ලන්න වගේ වැඩ.

:       0       11

නාඩගමේ-බිලTuesday, 09 August 2022 04:31 PM

නෑ... නෑ... ලමයෝ..... පැය ගණන් ටීවී දාගෙන ටෙලි නාට්‍ය බලන ඒවා නවත්තන්න...! ප්‍රචලිත එක නාට්‍යයක් මිලියනයක් එක දවසකට බලනවා ... ඉතින් විනාඩි 20ක ඒවා මිලියනයක් කියන්නේ....මගෙ අම්මෝ රුපියල් කීයක්ද..??

:       3       4

පුරවැසියා..... Tuesday, 09 August 2022 03:33 PM

ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින් පවසන අන්දමට, මෙම ආයතනය තුල පවතින හොරකම, දූෂණය සහ නාස්තිය හේතුවෙන් විදුලිබල මණ්ඩලය ලබන පාඩුව රටේ විදුලි පාරිභෝගිකයින් මත පැටවීමක් සිදු කොට ඇත. තවද සේවක උපයන විට බදු ගෙවීමද මණ්ඩලය මගින් සිදු කිරීම යනු ජනතාවට බර පැටවීමක් නොවේද ? මොනවා උනත් විදුලි බිල මෙවන් මට්ටමකින් වැඩි කිරීම ජනතාවට දරාගත නොහැකි තත්ත්වයක් බැවින් රට කරවන ඇත්තන් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇත.

:       0       4

Sunil Tuesday, 09 August 2022 04:15 PM

ගාස්තු අධික ලෙස ඉහළ දැමීමත් මේ මෝඩයට පේන්නේ සහන දෙනව වගේ .

:       0       5

Nihal Tuesday, 09 August 2022 04:35 PM

සෝල පවර් තියනෙ අයගෙන් ලංවිම ඒකකයකට කියක් දෙනවද? දැන්. 22.00 අපිත් කැමතියි පොඩි ලාබයක් ලබන්න.

:       0       4

චමින්ද Tuesday, 09 August 2022 05:10 PM

මහජන උපයෝගිතා කොමිසමට හැකියාවක් නැද්ද හැකියාව තියෙන අයට සෝලා සිස්ටම් සවිකරන්න උනන්දුවක් ඇතිකරල ඒ විදුලිය මණ්ඩලයට ගන්න එහෙම නැත්නම් රජයේ පාසැල් ඇතුලුව සියලු රාජ්‍ය ආයතන වලට සෝලා සිස්ටම් සවිකිරීම අනිවාර්ය කිරීමට .ඒ අතරම කියන්න බලන්න 2014 න් පස්සෙ වැඩි නොකලා කියලා වැඩිකරන්න ඕනද.

:       0       2

Sisil Tuesday, 09 August 2022 05:34 PM

විදුලිබල මණ්ඩලය පුද්ගලිකකරණය කරන්න. ඉතාමත් ඉහළ වැටුප්,ප්‍රසාද දීමනා ආදී දේ නිසා තමයි අධික වියදමක් දරන්නවෙලා තියෙන්නේ.අවසානයේදී මහජනතාවට තමයි මේ අය කරන වැරදි දේවල්වල වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ.

:       1       5

fairoos Tuesday, 09 August 2022 06:39 PM

තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු වන්න

:       0       1

Nirmal Wednesday, 10 August 2022 07:20 AM

කරුණාකර Online විදුලි බිල ගණනය කල හැකි වෙබ් අඩවිය යාවත්කාලීන කරන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම් දෙන්න.

:       0       1

saman Wednesday, 10 August 2022 09:48 AM

මිනිස්සු ඇයි සහන පස්සෙන් දුවන්නේ? සහන දෙන්න ගිහින් තමයි රට මෙහෙම බංකලොත්වෙලා තියෙන්නේ

:       0       0

Gamini Silva Wednesday, 10 August 2022 02:37 PM

It's better not to use electricity as personal can't afford to pay it. Why can't they balance it in another way. Kanaka Ratnayake, please get advice. The increase of such huge amounts, do you think that people will agree / afford. Also, will it reduces the usage of increase the usage. Please follow the Japanese methods like reasonable profits with high volume not with low profit with low volume. I request you to revise the prices.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 94 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1589 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 412 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 905 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 129 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 25 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site