IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වෑන් රථ අනතුරින් 10ක් රෝහලට

(කුෂාන් ජයවර්ධන)

තිරප්පනය ප්‍රදේශයේදී වෑන් රථයක් අද(19) උදෑසන අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 10 දෙනෙකු තුවාල ලබා මේ වනවිට රෝහල් ගත කර තිබේ.

කැකිරාව දෙස සිට ⁣අනුරාධපුර දෙසට ධාවනය කරමින් තිබු වැන් රථයක් එහි රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව තිරප්පනය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය කියයි.

මෙම අනතුර අද (19) උදෑසන 6.00ට පමණ සිදුව තිබේ.

වැන් රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි රියදුරු ඇතුළු පුද්ගලයින් 13 දෙනකු ගමන් කර ඇති බව පැවසේ. සිදුව ඇති අනතුරින් එහි ගමන්ගත් පුද්ගලයින් 10 දෙනෙක් පමණ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව 1990 ගිලන්රථ සේවාවේ සහය ඇතිව තුවාල කරුවන් ප්‍රතිකාර සඳහා කඩිනමින් අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.

තිරප්පනය පොලිස් රථවාහන අංශය මඟින් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරමින් සිටී.



අදහස් (0)

වෑන් රථ අනතුරින් 10ක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 600 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site