(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් සමනළගම ජනපදයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදු වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
අද අලුයම 4:30ට අධික වර්ෂොවත් සමග පස් කන්ද කඩා වැටුණු බවත්, පස් කන්ද කඩා වැටීමෙන් නිවසේ බිත්ති පුපුරා ගොස් නිවසේ විසිත්ත කාමරයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත් නිවෙස් හිමියා කියා සිටියේය.
පස් කන්ද කඩා වැටීමෙන් හානි වූ නිවසේ පදිංචිකරුවන් ෙ ආරක්ෂිත ස්ථානයක් කරා යන ලෙසට හැටන් දික්ඔය නගර සභාව මගින් උපදෙස් ලබා දී ඇත.
හැටන් සමනළගම ජනපදය නායයෑමේ අවධානම් ප්‍රදේශයක් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් හදුනාගෙන ඇති අතර, එම ජනපදයේ පදිංචිකරුවන් කිහිප දෙනෙකුට හැටන් ප්‍රදේශයේම වෙනත් ස්ථානයක ඉඩම් ලබා දී ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වැස්සත් සමග කන්දක් නිවෙසකට වැටේ