IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ව්‍යවසායකයින් ගොඩගන්න වැඩපිළිවෙළක් ඉක්මනින් හදන්න

(නිමල කොඩිතුවක්කු)

පවතින ආර්ථික අර්බුදය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගාසිටුවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදයේ සභාපති ටානියා විජේසුන්දර මහත්මිය කොළඹදී අද (25)පැවසුවාය.

කිසිදු දැක්මක් නොමැතිව රජය ගනු ලබන අමනෝඥ තීන්දු හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් ඇය සඳහන් කළාය.

කොළඹ ඉම්පීරියල් මොනාක් හෝටලයේ ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදය කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය තවදුරටත් මෙසේද කීවාය.

    “ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදය කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නියෝජනය කරනවා. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර රටේ ආර්ථිකයේ කොඳු නාරටියයි. ඒවා රැක ගැනීමට කිසිදු ආණ්ඩුවක් කටයුතු කළේ නැහැ. සියලු දෙනාම තමන්ව ගොඩ යාමට අපිව පාවිච්චි කළා. අද අපි හිඟා කන තත්වයට වැටිලා තියෙනවා. රටේ ආර්ථිකයේ ප්‍රධාන කොදු නාරටිය  වූ අප මහ පාරට වැටිලා.

තමන් රටට මොනවද කළේ කියලාතමන්ගේ හෘද සාක්ෂියට තට්ටු සාක්ෂියට තට්ටු කරල බලන්න කියලා පාර්ලිමේන්තුවේ 225 ටම අපි කියනවා. රජයේ සේවකයන්ට වැටුප් ගහන්න සල්ලි අච්චු ගහන්න වෙනවා කියලා දැන් අගමැති තුමා කියනවා. අපේ මිනිස්සුන්ට අද වැටුප් ගෙවා ගන්න බැංකු ණය ගෙවා ගන්න විදියක් නැහැ. අපි වෙනුවෙන් මේ රජයට කිසිම වැඩපිළිවෙළක් නැහැ. කුඩා හා මධ්‍යම ව්‍යාපාරිකයා රැකගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ රජයෙන් අපි ඉල්ලා සිටිනවා.
එම සන්සදයේ ලේකම් ආසිරි දයාන් මෙරෙන්චිගේ, සම උප සභාපති වරුන් වන සුසන්ත ලියනාරච්චි, රොශාන් වඩුගේ හා ඉන්දික සම්පත් මෙරෙන්චිගේ, භාණ්ඩාගාරික ලක්මාල් පෙරේරා ඇතුළු පිරිසක්ද මෙහිදී අදහස් දැක්වීය.

ඡායාරූප :- ළහිරු හර්ෂණ



අදහස් (9)

ව්‍යවසායකයින් ගොඩගන්න වැඩපිළිවෙළක් ඉක්මනින් හදන්න

NIMAL Wednesday, 25 May 2022 07:01 PM

රටක ආර්ථිකය කඩාවැටුණු අවස්ථාවක ව්‍යාපාරිකයින්ගේ සංසදය කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කරගැනීම සඳහා පුළුල් වූ රජය මැදිහත් නොවූ හෝ මැදිහත්ව ව්‍යාපාර සංවර්ධන බැංකු ලංකාවේ ඇතිකළ යුතුවේ.

:       1       15

pakeer Wednesday, 25 May 2022 07:27 PM

මමත් පෞද්ගලික අංශයේ තමයි. ඒත් පහුගිය දශක ගණනාවකටම.. අපි මොනවද කළේ?පිටරටින් බඩු ගෙන්නලා ගාණක් තියා මෙහෙ විකුණපු එකනේ..? ඕකෙන් කවදාවත් ප්‍රජාවක් විදිහට අපි දියුණු වෙන්නේ නැහැ. මේක තමයි ඉරණම... තේ දළු නෙලන ගෑණු ටිකයි, ඇඳුම් මහන කෙල්ලො ටිකයි, මැදපෙරදිග වැඩකරන ගෑණු ටිකයි, නැතිනම් මේකත් නැහැ... මොනවා හරි දෙයක් හදලා විකුණපල්ලා.. රුපියල් වැඩක් නැහැ. ඩොලර් හොයපල්ලා. දැන්වත් තේරුම් ගනිල්ලා. අපනයනය කළොත් විතරයි මේ කරුමෙන් ගොඩ එන්න පුළුවන් කියලා...

:       1       35

jayaWednesday, 25 May 2022 09:31 PM

භාණ්ඩ හදන්න ප්‍රාග්ධනය ඕනෑ... මේ දවස්වල බැංකු වලින් දෙන ස්ථිර තැම්පත්, භාණ්ඩාගාර බිල්පත් අනුපාතය හින්දත්, රටේ අස්ථාවර භාවයත් නිසා ආයෝජකයින් හොයාගන්න බෑ. බැංකුවලින් 25% පොලියට ණයඅරන් අවුරුද්දක්, දෙකක් නිෂ්පාදනය අපනයන මට්ටමට ගේන්න යන කාලය දක්වා අතින් වාරික ගෙවන්නත් බෑ. ඉක්මණින් විසඳුමක් නොලැබුණොත් මේ ව්‍යාපාරිකයින් බොහොමයක් රට අත ඇරලා යාවි...

:       6       13

jayaThursday, 26 May 2022 12:09 AM

සුපුරුදු පරිදි මේ සිරි ලංකාවේ ඇත්ත ඇති සැටියෙන් කිව්වාම ඒක මිනිස්සුන්ට ඔරොත්තු දෙන්නෑ. ඔය සුරංගනා ලෝක මවපු නිසා තමයි මේකට කෙල වුණේ..!

:       0       1

Lalith M Thursday, 26 May 2022 07:08 AM

මිනිස්සුන්ට අඩු පොලී දීලා ප්‍රාග්ධනය සඳහා අඩුපොළියට ණය දුන්නා අවුරුදු දහයක් විතර. කරපු කැකිරි ගෙඩියක් පෙන්නන්න පුළුවන්ද? අඩුපොලියට ගත්තු බොහෝ සංවර්ධන ණය පරිභෝජනය සඳහා භාවිතා කිරීම තමයි ඔය කඩාවැටීමට මූලික හේතුව...! 

:       0       1

hakkapatasThursday, 26 May 2022 07:49 AM

ඔය මානසිකත්වයෙන් නම් කොහොමත් බෑ සහෝදරයා. ඔබලා වගේ අය මැරුණු බව නොදැන ජීවත් වෙන මළමිනී. ජීවිතේට අභියෝග බාරගන්න. පොඩි එකෙක් වගේ අම්මා සෙල්ලම් බඩුවක් අරන් දුන්නේ නැති වුණාම කෑ ගහලා අඬන නිවටයෙක් වෙන්න එපා. අභියෝග බාරගනින්. මොන ලෝකෙන් හරි දිනනවා කියන මනස හදා ගනින්. ජීවත් වෙයන්...

:       0       1

de silva Thursday, 26 May 2022 03:31 AM

ඉන්දන, විදුලිබල අර්බුද , වර්ජන, උද්ගෝෂණ සහ බැංකු ණය වලට අදික පොළී නිසා අලුතෙන් ව්‍යපාර ආරම්භ කරන්න මේ අවස්ථාවෙදි කොහොම් බෑ. මේ තත්ව අවුරුද්දක් තිබුනොත් දැනට තියෙන ව්‍යපාර වලින් 30% වැසේවි. රැකියා ලක්ෂ 5-10 ප්‍රමාණයක් නැතිවෙයි. රාජපක්ෂවරු බලයේ ඉන්න සෑම මාසයකටම රට අවුරුද්දකින් පමණ පස්සට යනව.

:       1       0

දිනේශ් Thursday, 26 May 2022 08:25 AM

ඔතන ඉන්න ඩොලර් එළියට පොම්ප කරන මිනිස්සුද ආර්ථිකය හදන්නේ..? ව්‍යාපාරිකයන්..!

:       0       1

Bamunuarachchi Friday, 27 May 2022 12:18 PM

රටේ සිටි, රටට තාක්ෂනය හා අලුත් නිෂ්පාදන ගෙනා විදේශීය ආයෝජකයින් වයාපාරකයින්,කර්මාන්ත කරුවන් ලංකාවෙන් පා දැම්මේ ජෙප්පෝ. ජෙප්පෝ සිටින තුරු මෙරටට කිසිම විදේශීය ආයෝජකයෙක් වයාපාරකයෙක්, කර්මාන්ත කරුවෙක් එන්නේ නැත. ජෙප්පෝ පොහොර කර දමන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 498 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 507 3

කළුතර ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක වයෝවෘධ අඹුසැමි යුවළක් සැකකටයුතු අන්දමින් මියගොස් සිටියදී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 402 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 542 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 67 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 781 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 188 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1478 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1388 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site