IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වකුගඩුවේ ගල් ඇති වන්නේ ඇයි?

ජලය යනු සිරුරට අත්‍යවශ්‍ය සංඝටකයකි.    සිරුර අභ්‍යන්තරයට ජලයෙන් ලැබිය යුතු නිසි පෝෂණය නොලැබීමෙන් බොහෝ ඉන්ද්‍රිය පද්ධතිවලට හානි පැමිණේ. එම තත්ත්වය වකුගඩු ක්‍රියාකාරීත්වයට බාධා ගෙනදීමට තරම්ද ප්‍රබල වේ. අපි සුලබව අසා ඇති පරිදි වකුගඩුවල ගල් ඇති වීමද ඉහත ක්‍රියාවලියේම අසුබ පෙරනිමිත්තකි. පුද්ගලයකුට ජීවිත කාලය තුළදී වකුගඩුවල ගල් ඇති වීමේ අවදානම  5%ත් 13%ත් අතර වේ.

සිරුරේ අධික ස්ථුල භාවයත්, දියවැඩියාව ඉහළ යාමත් සමග මෙම අවදානම තවත් වර්ධනය වී ඇතැයි දත්ත වාර්තාවල පෙන්නුම් කෙරේ. වාර්තාවල දැක්වෙන පරිදි පුරුෂ පක්ෂයටත් අවදානම වැඩිවේ.

වකුගඩුවල පිහිටීමේ ඇතිවන වෙනස්කම්, මුත්‍ර පෙරීමේදී ඇතිවන අවහිරතා, ඇතැම් පරම්පරාගත රෝග, ඉහළ උෂ්ණත්ව සහිත පාරිසරික වටපිටාවක ජීවත් වීම වැනි කරුණු කාරණා වකුගඩු ගල් ඇති වීමට හේතු වේ.

වකුගඩුවල ගල් යැයි සැක සිතිය හැකි මූලිකම ලක්ෂණය වන්නේ අධික වේදනාවයි. මෙය කොන්දේ සිට උදරයේ පහළ කොටස දක්වා පැතිරී යයි. මීට අමතරව වරින් වර මුත්‍ර කිරීමට සිදු වීම, රතු පැහැයෙන් මුත්‍ර පිටවීම, වමනය වැනි අපහසුතාද ඇති කරයි.

ඉහත රෝග ලක්ෂණ පවතින අවස්ථාවක ඔබ වෛද්‍යවරයකු වෙත යොමු වුව හොත් මුත්‍ර පරීක්ෂණ, x පසු පරීක්ෂණ මූලිකවම සිදු කෙරේ. ඇතැම් විටෙක x පසු මාර්ගයෙන් ගල් හඳුනා ගැනීම අපහසු විය හැකිය. එවන් අවස්ථාවකදී අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ සහ CT පරීක්ෂණ යොදා ගැනේ.

නිතරම වනුගඩුවල ගල් ඇති වන්නේ නම් සමහර විට පැය 24ක් පුරා එකතු කරන ලද මුත්‍ර සාම්පලයක් මගින් එහි ඇති සංඝටක නිර්ණය කළ හැකිය. එමෙන්ම කුඩා ප්‍රමාණයේ ගල් බොහෝ විට මුත්‍ර සමග පිටවේ. ඒවා රසායනාගාරයක් වෙත යොමු කිරීමෙන් එහි සංඝටක හඳුනා ගත හැකිය. සංඝටක හඳුනා ගැනීමෙන් ඒවා නැවත ඇති වීමට එරෙහිව ඖෂධ ලබා ගත හැකිය. බොහෝවිට සංඝටක හඳුනා ගැනීමෙන් නැවත ඇති වීම අවම කිරීමට වෛද්‍යවරයා ඖෂධ ලබා දෙයි.

බහුල වශයෙන් වකුගඩු ගල් කැල්සියම් ඔක්සලේඩ් හෝ කැල්සියම් පොස්පේට් යන සංයුතියෙන් සෑදුණු ඒවාය. මීට අමතරව යුරික් අම්ලය සහිත ගල්ද දැකිය හැකිය.

ඉහත සදහන් කළ පරිදි වකුගඩු ගල් කුඩා ප්‍රමාණයේ නම් මුත්‍ර සමග පිටවන හෙයින් ඒ සඳහා විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නොවේ. ඒත් ප්‍රමාණයෙන් විශාල නම්, වේදනාව ඉසිලිය නොහැකි නම් හෝ නිතර නිතර මුත්‍ර ආසාදනවලට ගොදුරුව මුත්‍ර මාර්ගයේ අවහිරතා මතු කරයි නම් ශල්‍යකර්මයක් මගින් හෝ බාහිරව යොමු කරන තරංග කදම්භයක් මගින් ගල් ඉවත් කිරීම හෝ කුඩු කිරීම සිදු කරයි.

වකුගඩු ගල් ඉවත් කිරීමට කළ හැකි සරල ක්‍රියා මාර්ග

1)  දිනකට ජලය ලීටර් 02ත් දෙකහමාරත් අතර ප්‍රමාණයක් පානය කිරීම.

2)  අධික ලුණු ආහාරයට එකතු කර ගැනීම නැවැත්විය යුතුයි. 

3)  අධික සත්ව ප්‍රෝටීන ආහාරයට එකතු කර ගැනීම පාලනය කරන්න.

4)  කැල්සියම් සහිත ආහාර සාමාන්‍ය අයුරින් ආහාරයට ගන්න.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (2)

වකුගඩුවේ ගල් ඇති වන්නේ ඇයි?

Ruwan Monday, 06 March 2023 10:51 AM

මගේ තාත්තගෙත් වකුගඩුවල ගල්,,හොස්පිටල් ගියත් හරියට බලන්නෑ,,පිටින් E TRAY ගෙනිහිනුත් පෙන්නුවා ,,ප්‍රයිවට් කරනවානම් හරියට වැඩේ කරගන්න පුලුවන් ඩොක්ටර් කෙනෙක් කියන්න,,ලොකු උදව්වක්,,

:       2       0

V.G.Chathurika Tuesday, 06 June 2023 08:09 PM

මගේ මහත්තයාට මුත්‍රා මාර්ගයේ ගල් ඇතිවී දැනට ඉතා අපහසු තත්ත්වයක් පවතිනවා. ඔපරේශන් නොකර ගල් ඉවත්කර ගන්නට බෙහෙතක් කියන්න ඩොක්ටර්... බුදුසරණයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 2 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 248 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 166 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 115 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 196 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 21 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site