IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ලොව ලොකුම කෞතුකාගරය

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය ලෙස සැලකෙන ඊජිප්තු මහා කෞතුකාගාරය අනිද්දා (04) මහජනතාව සඳහා සම්පූර්ණයෙන් විවෘත වීමට නියමිතය.

ඊජිප්තු මහා කෞතුකාගාරය නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ  පැවැත්විණි.

ඊජිප්තු මහා කෞතුකාගාරය විවෘත කරමින් ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆටා අල් සිසී ප්‍රකාශ කර සිටියේ ඊජිප්තු මහා කෞතුකාගාරය ඉතිහාසයේ, වර්තමානයේ සහ අනාගතයේ නව පරිච්ඡේදයක් සටහන් කරනු ඇති බවයි.

පසුගියදා පැවැති විවෘත කිරීමේ උත්සවයට ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්, බෙල්ජියමේ රජු පිලිප් සහ ග්‍රීක අගමැති කිරියාකොස් මිට්සෝටකිස් ඇතුළු ජාත්‍යන්තර සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.

තනි ශිෂ්ටාචාරයකට වෙන්වූ පුරා වස්තු 57,000 කට වැඩි ප්‍රමාණයක් තිබෙන ලොව එකම කෞතුකාගාරය ඊජිප්තු මහා කෞතුකාගාරය වන අතර වසර 7000 ක් පුරා එම පුරාවස්තුවල ඉතිහාසය දිව යයි.

ඊජිප්තු මහා කෞතුකාගාරයේ එක විශේෂත්වයක් වන්නේ පුරාවස්තු සජීවීව සංරක්ෂණය කරන ආකාරය දැකගත හැකි වීමයි.

එහිදී ඊජිප්තු රජතුමකු වන කුෆුගේ ආත්මය ඊජිප්තු දෙවිවරයකු වන රා වෙත රැගෙන යාම සඳහා මීට වසර 4500 කට පෙර තනා කුෆූගේ මහා පිරමීඩය අසල වළලා තිබූ සූර්ය බෝට්ටුව සංරක්ෂණය කරන ආකාරය දැක ගැනීමට නරඹන්නන්ට අවස්ථාව උදාවේ.

එසේම ඊජිප්තුවේ ටූටන්ඛාමුන් රජුගේ සොහොන සම්පූර්ණයෙන්ම පළමුවරට ප්‍රදර්ශනය කිරීම සඳහා ද ඊජිප්තු මහා කෞතුකාගාරය කටයුතු යොදා ඇති අතර එය කෞතුකාගාරයේ ප්‍රධානතම අංගය බවද සඳහන්ය.

ටූටන්ඛාමුන් රජු යනු පුරාණ ඊජිප්තුවේ දහඅටවන රාජවංශයේ දහතුන්වන පාරාවෝවරයාය. ටූටන්ඛාමුන් රජුගේ සොහොන ඇතුළුව රජුට අයත් පුරා වස්තු 5000 කට වැඩි ප්‍රමාණයක් ඊජිප්තු මහා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

ඉන් වැඩි ප්‍රමාණයක් මහජන ප්‍රදර්ශනයට විවෘත වන්නේ ප්‍රථම වතාවටය.

ටූටන්ඛාමුන් රජුගේ පුරා වස්තු සඳහා ඉහළම මහලේ වර්ග අඩි 7500 කට වැඩි ප්‍රමාණයක් වෙන්වී ඇත.

 

 



අදහස් (0)

ලොව ලොකුම කෞතුකාගරය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1879 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1509 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 529 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site