IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලංකාවට එන යූරියා බෙදන හැටි හෙලි කරයි

(අංජුල මහික වීරරත්න)

යල කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවීන්ටත් යුරියා පොහොර නිකුත් කරන ලෙස කෘෂිකර්ම  වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල බලධාරින්ට උපදෙස් දුන්නේය.

 ඉන්දීය රජය විසින් ලබා දෙන යුරියා පොහොර තොගය මෙම මස පළමු සතියේ  ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.  

එම පොහොර මෙට්‍රික් ටොන් 65,000න් මෙට්‍රික් ටොන් 50,000ක් වී වගාව සඳහාත්, මෙට්‍රික් ටොන් 10,000ක්  බඩඉරිඟු වගාවටත් ලබා දීමට සැලසුම් කර ඇතැයි ද අමාත්‍යාංශය කියයි. එමෙන්ම යුරියා පොහොර මෙට්‍රික් ටොන්  5000ක් තේ වගාව සඳහා දීමට සැලසුම් කර ඇතැයි ද   යල කන්නයේ වී වගාවට යොදාගත් යුරියා පොහොරවලින්  යම් ප්‍රමාණයක් ඉතිරි වුවහොත් එම ප්‍රමාණය ද තේ වගාව සඳහා දෙන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

මව්වරුන්ට සහ දරුවන්ට දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිඟු, මුං ඇට හා සෝයා බෝංචි හිඟය නිසා රජයේ ත්‍රිපෝෂ  කර්මාන්ත ශාලාව ද වැසී ගොස් ඇති හෙයින් බඩඉරිඟු වගාව නැවත නංවාලීම සඳහා යුරියා පොහොර අනිවාර්යයෙන්ම සැපයිය  යුතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව සින්ගල් සුපර් පොස්පේට් ( SINGLE SUPER PHOSPATE) පොහොර නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ඇරඹීම සඳහා ඉදිරිපත්ව ඇති ආයෝජකයින් සම්බන්ධයෙන්  කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.



අදහස් (4)

ලංකාවට එන යූරියා බෙදන හැටි හෙලි කරයි

Amila indika Friday, 01 July 2022 11:36 AM

225 ට බෙදලා ඉතුරු වුණොත් ගොවියන්ට දෙනවා... එහෙම තමයි ඕවා බෙදන්නේ... ඒ 225 යාළුවෝ, නෑදෑයෝ, හිතමිතුරෝ...

:       0       0

Chaminda Friday, 01 July 2022 12:02 PM

ඇමතිතුමෝ ලංකාවෙ ලංකාවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා යූරියා නිපදවන කම්හලක් තිබුනා නේද ඒකට මොකද කලේ කියන්න කවුද ඒක යකඩ සදහා විකිණීම අනුමත කල බූරුවො මොක්කුද කියන්න මොකා වුනත් ලංකාවෙ අතිරික්ත යූරියා නිපදවීම කලානම් ඒවා විනිමය උපයන්න තිබුනා නේද ,.තේ වලට ටිකක් වැඩියෙන් යූරියා දුන්නොත් විනිමය ටිකක් ලබාගන්න පුළුවන් .තේවලට දෙන යූරියා දීම කරන්නෙ පොහොට්ටු සමිති වලටද නැත්නම් ශ්‍ර්‍රිලංකා නිදහස් පක්ෂයේ ශාඛාවන් සදහාද කියන්න කොහොමත් තේ වලට දෙන ප්‍රමාණය කෙසේවත් මදි

:       0       0

chamuditha Friday, 01 July 2022 12:42 PM

ඔය කියන නැව ශුවර් එකටම එනවද? ඔබතුමා ඔබතුමා ඔය කියන්නේ විශ්වාසයෙන්ද? වගකීම බාරගන්න ඔබ සූදානම්ද?

:       0       0

sharm warn Friday, 01 July 2022 02:09 PM

ඔව්.. ඔව්.. මැයි 09 වැනිදා අපි දැක්කනේ යූරියා, මඩපොහොර බෙදාගෙන තිබුණු හැටි.. චමල්ගේ ගබඩාව... මහීපාලගේ ගොවිපළ... තව අර ජොනියගෙත් මොකක්ද ගොවිපළක් තියෙන්නේ ලග්ගල පැත්තේ... එතැනටත් යනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 102 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 233 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 997 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 126 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 316 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 293 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site