
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වෙළෙඳාම පිළිබඳ අනු කමිටුවේ (Sub Committee on Trade) තුන්වන සැසි වාරය දෙරටේම ඉහළ මට්ටමේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද(9)කොළඹදී පැවැත්විණි.
මෙම සැසි වාරය ද්විපාර්ශ්වික වෙළෙඳාම, ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව සාකච්ඡා කිරීම සහ පහසුකම් සැලසීම ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් පැවැත්විණි.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය Hon. (Ms) Phan Thi Thang මහත්ම මහත්මීහු එහි සම සභාපතිත්වය දැරූහ.
ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වයම තහවුරු කළ අතර, ඒ සඳහා ධීවර හා ජලජීවී, ආයෝජන, ගුවන් සේවා, වරාය සංවර්ධන, තොරතුරු තාක්ෂණ, සහ ආයුර්වේද යන අංශ වල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් උපායමාර්ගික ක්‍රියාමාර්ග මාලාවකට එකඟ විය.
මීළඟ අනු කමිටු රැස්වීමට පෙර එකඟ වූ යෝජනා ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම සඳහා දෙපාර්ශ්වයම තාක්ෂණික සාකච්ඡා අඛණ්ඩව සිදුකිරීමට එකඟ විය.
මීට සමගාමීව වියට්නාම දූත පිරිස සමඟ පැමිණි ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන සහ ප්‍රධාන රාජ්‍ය ආයතන ශ්‍රී ලාංකික ව්‍යාපාරික කොටස්කරුවන් සමඟ අතුරු රැස්වීම් කිහිපයක් ද පැවැත්වූ අතර වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟ සාකච්ඡාවක් සිදුකිරීමට ද නියමිතය.

2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකා-වියට්නාම් යාලුකම තව වැඩි වෙයි