IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ලංකා ගුරු සංගමය හෙට මහපාරේ

(රංජන් කස්තුරි)

රටපුරා සියලුම නගරවල හෙට පස්වරුවේ ගුරු උද්ඝෝෂණ පැවැත්වෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අද පස්වරු 2.00ට ප්‍රධාන උද්ඝෝෂණය පැවැත්වෙන අතට ඊට ගුරුවරුන් හා විදුහල්පතිවරුන්  විශාල පිරිසක් සහභාගීවන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප්  ස්ටාලින් මහතා පවසයි.

කොළඹ උද්ඝෝෂණයට සමගාමීව එම වේලාවටම දිවයිනේ අනකුත් නගරවලද ගුරු උද්ඝෝෂණ පැවැත්වෙන බව ද ස්ටාලින් මහතා කියයි.

 



අදහස් (16)

ලංකා ගුරු සංගමය හෙට මහපාරේ

කිරි පුතා Sunday, 24 October 2021 05:32 PM

මේ මිනිසුන් නම් හදන්නම බෑ වගේ. 1995 ඉඳන් තියෙන ප්‍රශ්නය 100%ක්ම විසඳගන්න හදන්නේ මේ කොරෝනාවෙන් රටම බැට කන වෙලාවක. ඇත්තටම මේක අමානුෂික ක්‍රියාවක්

:       21       39

JayanthaMonday, 25 October 2021 09:32 AM

මම ගුරුවරයෙක් තබා අද අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් වත් නෙමෙයි. නමුත් මෙම ප්‍රශ්නේ ගැන ලැබෙන තොරතුරු අනුව ඔවුන්ට යෝජනා කර ඇත්තේ ඉතාමත් සොච්චම් පඩි වැඩිවීමක්. ආණ්ඩුවට මේ අවස්ථාවේ ගැටලු තිබෙන බව සාධාරණයි. කළ යුත්තේ ප්‍රතිපත්තිමය වශයෙන් මේ පිළිබඳව රජයේ අදහස් ඉදිරිපත් කිරීම් පමණයි. මෙම අවස්ථාවේ ගුරුවරුන්ගේ පඩිය වැඩි කළ යුතුයි කියලා මම කියන්නේ නැහැ.

:       1       4

Samanaya Sunday, 24 October 2021 05:55 PM

එතකොට හවසට ටියුෂන් දෙන ගුරුවරු ඒක නතර කරලා ඒවිද උද්ඝෝෂණය කරන්න? රජයේ පාසල් වෙලාවේ උද්ඝෝෂණ සහ වර්ජන කරේ පඩි ගන්න ගමන්. මේ ටියුෂන් නැවැත්තුවොත් ළමයින්ගේ දෙමවුපියන් පඩි දෙන්නේ නෑනේ...

:       16       31

Janith Sunday, 24 October 2021 06:01 PM

ජය වේවා...!!! උගන්වන ගමන් අරගලයට මෙදා පාර ජය...

:       35       26

චන්දන Sunday, 24 October 2021 08:16 PM

කෙහොමටත් ගුරු සංගම් පාරට වැටෙනවා...

:       8       28

Rohana Sunday, 24 October 2021 10:46 PM

ගුරු සංගම්වල ඉල්ලීම ඉටුකලා නම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යන්න තිබුනා. ආණ්ඩුව ප්‍රශ්ණය දෙස බලන්නේ ඉතාම නිද්‍රාශීලි බවකින්.

:       1       1

Sediris Sunday, 24 October 2021 11:20 PM

ඔයාලා විතරක් නොවෙයි , ඔයාලගේ යැපෙන්නන්ට මැරෙනකන් කන්න දෙන්නෙ ජාතියේ බදු මුදල් වලින්. ආඩු තරමේ රට සහ ලමයි අසරන වෙලාවෙ යුතුකම, වගකීම කරන්න. ඔයාලා හොදට කරනවානම් ලමයි ටියුෂන් වලින් ගොඩ යන්නෙ නැහැනෙ.

:       0       1

Gihan Monday, 25 October 2021 12:15 AM

මේ අයට පඩි දෙන්න එපා .ජරා වැඩ කරනවා

:       1       0

Samanaya Monday, 25 October 2021 12:39 AM

25 හවස උද්ඝෝෂණ කරලා ඉන්පසුව තමනුත් කාගෙන් හෝ කොරෝනා හදාගෙන 26 ඉඳලා පාසල් ගිහින් සිසු දරුවන්ටත් ඒ හරහා ඔවුන්ගේ දෙමවුපියන් ඇතුළු සමාජයටත් කොරෝනා බෝ කරන්නද ස්ටාලින් දැන් ප්ලෑන ගහන්නේ. මේ නම් නැවතත් කොරෝනා රැල්ලක් ගේන්න හදන දුෂ්ඨ වෑයමක්. කොටින් හදන්නේ කොහොම හරි ලංකාවේ අධ්‍යාපනය සහ සමාජ ආර්ථික ව්‍යුහය දීර්ඝ කාලීනව විනාශ කරන්න. ඔවුන් ස්ටාලින් හරහා ඒක ලස්සනට කරනවා. මොළයක් ඇති ගුරු විදුහල්පති වරුන් මේ ස්ටාලින්ගේ වෑයම ගැන නැවතත් හිතන්න. ඔබ අවදානම් ක්‍රියාවක නිරතවී ඔබගේ පවුලට සහ සිසු දරුවන්ට නැවතත් විනාශකාරී තත්ත්වයක් ඇති කරන්න ඉඩක් හදන්නේ ඇයි?

:       1       1

Rohan Mutha Monday, 25 October 2021 06:24 AM

තවම මෙච්චර ඇන ගත්තු ආණ්ඩුවටත් කඩේ යන කිරි පුතාලා තව ඉන්නේ අර යන්නකෝ පොහොර ඉල්ලන්න අය ඉන්න පැත්තේ..... ගම සමග පිලිසදර ට ලොක්කා එක්ක

:       1       0

Lelwala Monday, 25 October 2021 07:11 AM

රජය උපාධිදාරි ගුරුවරු බදවා ගෙන මේ අය ගුරුවෘතියෙන් නෙරපා හැරිය යුතුයි. පාරෙම ඉන්න සලස්වන්න.

:       2       3

Prase Monday, 25 October 2021 07:33 AM

කොහෙද වෙලාව උත්ගොෂණය කරන්න. පාසල් ඇරපු ගමන් ටියුෂන් කඩ වලට යනවා දරුවන්ගේ සල්ලි මංකොල්ල කන්න.

:       0       3

Bamunuarachchi Monday, 25 October 2021 09:13 AM

1985 ජුලි වරජකයින්ට දුන් දඬුවම දූන්නොත් මොවුන් මහපාරේ තමයි.

:       0       5

Bamunuarachchi Monday, 25 October 2021 09:15 AM

ඩ්‍රෝණයකින් දෙබර කුඩුවක් ගෙනල්ල දමන්න ඕනේ කියා හිතෙන්නේ මට විතරද?

:       2       3

rajitha Monday, 25 October 2021 09:59 AM

මේ කුහකයෝ දෙන්න සදාකාලිකව පාරේ තියන්න බැරිද.?

:       0       6

Raveendra Monday, 25 October 2021 12:12 PM

අපගේ මතකය දිව යනවා ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා සහ ගාමිණි දිසානායක අලුතෙන් පිහිටවූ "රාජාලියා" පක්ෂයේ පළමු රැස්වීම තිබීමට නියමිතව තිබු හයිඩ් පාර්ක්පිටියේ ඊට පෙරදින රාත්‍රියේ " මාගේ සදාදරණිය පියාණන් විසින් මාගේ දුගිදුප්පත් ජනතාව වෙනුවෙන්ම " සොත්ති උපාලි සහ මාළු නිහාල් නමැති උපාසකයන් දෙදෙනා මගින් පල්දෝරු බව්සරයක් මුළු හයිඩ් පාර්ක් පිටිය පුරා විසුරුවා හැර එම රැස්වීම තැබීමට නොහැකි ලෙස ක්‍රියා කිරීම.... (නමුත් දැන් නම් ඒ ඒ මෝඩ පුතාල මේ බව නොදන්නේ එකල කිරිබොන තොත්ත බබාලා නිසානේ). එබැවින් එවැනිම ක්‍රියාමාර්ගයකුත් නරකම නැහැ....

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 446 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 527 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 227 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 383 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 4498 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


සර්වෝදය නිර්මාතෘ දිවියට සමුදෙයි
2024 අප්‍රේල් මස 16 1207 0

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1426 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site