IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මෙහෙකාර දැරිය මිය ගිය සිද්ධියේ රිෂාඩ් සැකකරුවකු කරයි

(නිමන්ති රණසිංහ)

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සැකකරුවෙකු වශයෙන් නම් කර මෙම නඩුවට ඉදිරිපත්  කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ ප්‍රකාශ කළේය.

දැරිය මෙහෙකාර සේවයේ යෙදී සිටි අංක 410/16, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයෙහි පිහිටි නිවසේ ගෘහ මූලිකයා වශයෙන් කටයුතු කරමින් දැරිය මෙම නිවසට රැගෙන ඒම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා දැනුවත්ව සිදුව ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන සැකකරුවකු වශයෙන් නම් කිරීමට නියමිත බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

හිටපු අමාත්‍යවරයා මේ වන විට වෙනත් විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් නියෝග මත රදවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බැවින් එම විමර්ශන අවසන් වූ වහාම මෙම නඩුවට අදාළව සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය දහසය හැවිරිදි ජූඩ් කුමාර් ඉෂාලිනී නමැති දැරිය සම්බන්ධ විමර්ශනයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද යළි අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳ කිදර් මොහොමඩ් සියාබ්දීන් අයීෂා, ඇගේ පියා අලි ඉබ්‍රාහීම් සායිබු කිදර් මොහොමඩ් සිහාබ්දීන්, ඇගේ සහෝදරයා කිදර් මොහොමඩ් සියාබ්දීන් ඉස්මත් සහ දැරිය කොළඹට ගෙනා තැරැව්කරු පොන්නයියා බන්ඩාරම් නොහොත් ‘සංඛර්’ පොලීසිය විසින් අද අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූහ.

මිහිදන් කර ඇති දැරියගේ සිරුර නැවත ගොඩ ගෙන ජ්‍යෙෂ්ඨතම අධිකරණ වෛද්‍ය නිලධාරී මඩුල්ලක් හමුවේ නැවත පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කළාය.

විශේෂඥ අධිකරණ වෛද්‍ය එම්. එන්. රුහුල් හක් මහතාගේ අත්සනින් යුතුව මින් ඉහතදී ඉදිරිපත් කළ මියගිය දැරියගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව ද පරීශීලනය කරමින් මිහිදන් කර ඇති දැරියගේ සිරුර ගොඩගෙන නැවත වරක් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට අවසර ලබා දෙන ලෙසට පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නික-ුත් කෙරිණී.

පැමිණීල්ල වෙනුවෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සමඟ බොරැල්ල පොලීසිය, කොළඹ දකුණ අපරාධ විමර්ශන ඒකකය සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු වැඩිදුර බී වාර්තාවක් ද සමඟින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතීඥ අනිල් සිල්වා, ජනාධිපති නිතීඥ කේ. සී. තවරාසා,  නිතීඥ ගෞරි තවරාසා, නිතීඥ එන්. එම්. ෂයිඩ් සහ නිතීඥ රුස්ඩ් හබීබ් යන මහත්වරු ඇතු`ථ නිතීඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඉකුත් 03 වැනිදා පෙරවරු 6.45ට පමණ දැරියගේ සිරුරට ගිනි ඇවිලී ඇති බවට විමර්ශන නිලධාරීන් අනාවරණය කර ගෙන ඇති අතර, ඇය රෝහලට ඇතුළත් කර ඇත්තේ පෙරවරු 8.30ට පමණ බවත්, පැය දෙකක පමණ කාලයක් ඇයට ප්‍රතිකාර ලබා නොදී සිටීම පිළිබදව සැකයක් මතුව ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම දැරිය සිරුරට ගිනි ඇවිලීමෙන් පසු රෝහල් ගත කර සිටියදී හිටපු අමාත්‍යවරයාගේ නිවසේ සිටි පොලිස් නිල ඇදුමක් හැඳි පුද්ගලයකු විසින් දැරියගේ සහෝදරයා අමතා ‘මෙය ගොඩින් බේරා ගැනීමට’ යැයි පවසමින් කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ වී ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියේ දෙවැනි සැකකරු වන හිටපු අමාත්‍යවරයාගේ මාමණ්ඩිය විසින් දැරිය රෝහලේ ගත කිරීමේදී දැරියගේ වයස සහ නම ඇතු`ථ සියලු විස්තර ව්‍යාජව සහ පරස්පරව ලබා දෙනු ලැබ තිබීම සම්බන්ධයෙන් ද ප්‍රබල සැකයක් මතුව ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

(ඡායාරූප ළහිරු හර්ෂණ)

 



අදහස් (1)

මෙහෙකාර දැරිය මිය ගිය සිද්ධියේ රිෂාඩ් සැකකරුවකු කරයි

siripala Monday, 26 July 2021 06:18 PM

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මියගිය දැරියට නිදා ගැනීමට ලබාදී තිබූ තැන...! රටට පෙන්වන්න. මෙය කිසිසේත්ම සැඟවීමට අවශ්‍ය නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 328 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 265 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 305 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 182 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 607 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1036 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 212 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1418 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site