IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රසායනික පොහොර ගැටළුව පසුපෙළ මන්ත්‍රීවරු ජනපතිට කියති

(අජන්ත කුමාර අගලකඩ)

කුඹුරුවලට , එළවළුවලට සහ අපනයන බෝග වගා වලට අවශ්‍ය රසායනික පොහොර නැවත ලබා දෙන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 40 දෙනකුගේ පමණ අත්සනින් යුත් ලිපියක් ජනාධිපතිවරයා වෙත යවමින් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.

වී ගොවීන්, එළවළු ගොවීන් මෙන්ම අපනයන බෝග වගා කරුවන් ද රසායනික පොහොර සහ කෘෂිරසායන නොමැතිවීම හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බැවින්, ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සංවේදීව යළි සිතා බලන්නැයි එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියෙන් ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වී වගාවට අවශ්‍ය රසායනික පොහොර නොදුන්නේ යයි කියමින් දිවයිනේ ප්‍රදේශ ගණනාවක ගොවීන් පසුගිය කාලයේ උද්ඝෝෂණය කළ අතර, ඇතැම් ප්‍රදේශවල ගොවීහු මෙවර කන්න රැස්වීම වර්ජනය කළහ.

මහ කන්නයට අවශ්‍ය රසායනික පොහොර නොදෙන්නේ නම් මහ කන්නයේ වගාවට අවශ්‍ය ජලය මුදා හැරීම ද නොකරන්නැයි ඔවුහු පසුගිය දින කිහිපයේ විරෝධතා ව්‍යාපාර පවත්වමින් කියා සිටියහ.

මේ අතර තේ වගාව සඳහා කාබනික පොහොරවලට පියවරෙන් පියවර යොමු වන තෙක්, රසායනික පොහොර ආනයනය කිරීමට පසුගිය සතියේ රජය අවසර දුන්නේය.

 



අදහස් (12)

රසායනික පොහොර ගැටළුව පසුපෙළ මන්ත්‍රීවරු ජනපතිට කියති

බයිසන් Monday, 11 October 2021 05:51 AM

ගම සමඟ පිලිසඳරක් කියලා ගස් ගල් උඩ නලුවො දාල මහජන මුදල් කාබාසිනියා කරල නරි නාටකයක් පැවැත්වුවා මතක නැද්ද ? පුළුවන් නම් ඒ වගේ කාබනික පෝර වලින් ගොවිතැන් බත් කරන හැට් සර් සමග වියත් ගෝලයො රොත්ත ගමට ගිහිල්ල කියන්න.

:       0       4

සඳුන් Monday, 11 October 2021 06:10 AM

බයියන්ට තේරෙන කමත් භාෂාවෙන් සර් ෆේල් කියන්නේ ඕකට තමයි.

:       0       5

සඳුන් Monday, 11 October 2021 06:48 AM

ඔය ලියුම බාර දෙන්න තිබුනෙ මහිදානන්ද ගරු ඇමතිතුමාට. පේන විදියට කාබනික වී ගොවිතැන ගැන ජනාධිපතිතුමාටත් වඩා තදින්ම ඉන්නෙ එතුමා. ජනාධිපතිතුමා සුපුරුදු පරිදි රිවර්ස් වුනත් ඇමතිතුමා ගොවියන්ව කාබනික වගාවෙන් අයින් කලොත් ඇමති කමෙනුත් ඉල්ලා අස්වෙයි.

:       1       2

Sunil Monday, 11 October 2021 06:51 AM

පනින්න පෙර සිතා බලනු කියන්නේ මේ නිසයි.

:       0       3

ගජමිතුරු Monday, 11 October 2021 06:56 AM

කාලෙක සිටම ගොවීන් උද්ඝෝෂණ කරනවා පෙනුණේ නැද්ද දැන් පළාත් සභා මැතිවරණය තියන්න කියලා ඉංදියාවෙන් කියනකොට ගමට යන්න බැරුව බයිලා ගහනවා.

:       0       3

Lalith M Monday, 11 October 2021 07:14 AM

ප්‍රමාද වැඩියි. ඔබ පරාදයි. වෘත්තීය දැනුම නැතිව අණදීම හමුදාවට පුලුවන් වුණාට සිවිල් සමාජය තුළ බැහැ. හමුදාව පාලනය කරන සියලුම රටවල් අන්ත දූෂිත සහ දුප්පත්කම පිරුණ තැන්... ඒ වගේම පාලකයින්ට පැවැත්මක් නැති තැන්. ලිබියාව, ටියුනීසියාව තව ටික කලකින්ම සිරියාව වුණත්..

:       0       3

sam Monday, 11 October 2021 07:29 AM

රිවස් කරන්නම වෙනවා. ඒකත් ෆේල්. මාර වැඩේනේ මෙයා අත ගහන ගහන හැම එකම ෆේල්.

:       0       3

swene Monday, 11 October 2021 08:09 AM

ලැබුණු ජන වරමයෙන් උද්දාමයට පත්වී හමුදා ක්‍රමයට නියෝග දීමේ වැරදි කළමනාකරණය නිසා දේශීය කෘෂි හා වැවිලි අනතුරට පත්ව ඇත. කාබනික කියා අනුන්ගේ කුණු, පොහොර ලෙස ආනයනය කොට භාවිතා කිරීමට සිදුව ඇත. සහල් ගෙන්වීමට සිදුව ඇත.

:       0       5

සෙනෙවිරත්න Monday, 11 October 2021 09:32 AM

අර කාබනික පොහොර ගැන රචනා ලියපු අයත් ඉන්නවද ඔතන? දැන් ජවිපෙට අවලාද කියපු අය මොකද කියන්නෙ? එකම අකුරු සහිත පෝස්ටර් ගැන එහෙම කිව්වෙ?

:       1       3

fairoos Monday, 11 October 2021 12:37 PM

බලන්න අපේ සර් ට එක වැඩක් කරන්න දෙන්නේ නැහැ කකුලෙන් අදිනවා .තවත් අවුරුදු 2 ක් ඔහොම යන්

:       0       3

BamunuarachchiMonday, 11 October 2021 05:14 PM

දෙකක් මොකක්ද? 2030 වෙනකන් යනවා. ජේ.ආර්.ට විතරද පුළුවන්...? රට හදලා මිසක් දෙන්නේ නැහැ. එළුවෝ බලපු ගොයියන් රටේ මොනවා කරන්නද?

:       2       1

Bamunuarachchi Monday, 11 October 2021 05:17 PM

මෙච්චර ඉල්ලනවා නම් රසායනික පොහොර දෙන්න... ඒ නිසා ඇතිවෙන රෝග වලට පැනඩෝල් දෙමු. බදු මුදල් බෙහෙත්වලට වියදම් කරන්න එපා...

:       3       2

ඔබේ අදහස් එවන්න

දියත

අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 25 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 194 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 121 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 108 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 292 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 183 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 320 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site