(අංජුල මහික වීරරත්න)
රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
විදේශ විනිමය ඉපැයීම වර්ධනය කර ගැනීම සහ රාජ්‍ය සේවයේ නියුතු පිරිස ඵලදායී ලෙස විදේශ රැකියාවලට යොමු කිරීමේ ක්‍රියාවලිය ඉක්මන් කරවීම හා ඊට සම්බන්ධ ආයතන මුහුණදී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ රාජ්‍ය නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.
මෙහිදී රාජ්‍ය නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ ක්‍රමවේදය පහසු කිරීම සඳහා අංක 14/2022 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය මෙන්ම තවත් කරුණු 06ක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය කිරීම මගින්, විදේශ මුදල් ප්‍රේෂණය කිරීමට අනේවාසික විදේශ මුදල් ගිණුමක් හෝ රුපියල් ගිණුමක් භාවිතා කිරීමට අවසර ලබාදීම, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුපට දායක මුදල් ලැබෙන පරිදි හා ගෙවීමට ඇති බැංකු ණය වාරික පියවීම සඳහා එම ගිණුම් සම්බන්ධ කිරීමේ විධිමත් ක්‍රමවේදයක් ඇති කිරීම කෙරහි මෙහිදී සාකච්ඡාවට බදුන් විය.
අප්‍රේල් 8 වැනිදා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවෙයි. මෙම සූර්ය ග්‍රහණය හොඳින්ම දකින්න ලැබෙන්නේ උතුරු ඇමෙරිකාවට පමණක් බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.
මුහුදුබඩ මාර්ගයේ කොළඹ මහ නගර සභාව කරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (30) දිනයේ දුම්රිය ගමන් වාර 25 ක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ
පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ තවත් පොලිස් නිලධාරීන් කීපදෙනෙක්ට එරෙහිව ඉතාම ඉක්මණින් නීතිය ක්‍රියාත්මක කරන බවත් එම නි
ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව වන අතර ඒ වෙනුවෙන් රජයෙන් සියලු දායකත්වය ලබා දෙන බව ජනාධිපති රනිල්
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රජයේ නිලධාරීන්ට රට යන්න වරම්
පිටරැටියා Friday, 19 August 2022 05:45 PM
ඔහොම ආපු කට්ටිය ඉන්නවා..., හැබැයි කී දෙනෙක් ආපහු ගියාද කියලා දන්නෝ දනිති.
Prase Friday, 19 August 2022 05:50 PM
රට පටලවා හරි රාජ්‍ය ආයතන ටික පුද්ගලීකරණය කරන්න ... ආණ්ඩුවට දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා...!
කම්මැලි උන්දැලා,,,Friday, 19 August 2022 08:36 PM
රජයේ නිලධාරින් කියන්නේ හරිම කම්මැලි උන්දැලා ටිකක්... මෑතකදී මගේ යාළුවෙක් ගියා ඒ රටේ කොමසාරිස් කාර්යාලයට පාස්පෝට් එකේ වලංගු කාලය දිගු කරගන්න. කවුන්ටරය ඇරලා පැයක් ගියේ නැතිලු ඒක බාරගත්ත එක්කෙනා ගිහිල්ලා දැන් තේ බොන වෙලාව කියලා කවුන්ටරය වහලා ! හැබැයි එතන 15 වැඩිය අය පෝලිමේ හිටියා කිව්වා .... විනාඩි 30 කට පස්සේ එයා එළියට ඇවිල්ලා කොණ්ඩය පීරලා සාරියේ පොට හරියට ඇදලා කටුව ගහලා පුටුවේ ඉඳගෙන කිව්වාලු ලන්ච් එකට වහන්න ඉස්සරවෙලා බාරදෙන ඒවා ඉක්මණට බාරදෙන්න කියලා..! හවස 4ට පාස්පෝට් එක අරගන්න ගියාම කිව්වලු තාම ඒකෙ වැඩ ඉවර නැහැ කියලා.. මගේ යාලුවා කීවලු ඔයගොල්ලන් ලංකාවේ වගේ මෙහෙ වැඩ කරන්න එපා කියලා.. හේතුව ඕක කරන්න යන කාලය වැඩිම වුණොත් පැයයි කියලා! ඉතින් ඔය වගේ අයව විදේශ රැකියාවලට ගනීද..?
චින්තක Friday, 19 August 2022 06:03 PM
ලංකාවේ සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ට හා උසස් පෙළ අසමත් දරුවන්ට රැකියා නැතුව ත්ර්රීවීලර් පැදවීම කරන්න යොමුවෙනවා... තවත් පිරිසක් ඉක්මණින් ධනවතුන් වෙන්න කුඩු ජාවාරම කරන්නේ.. තවත් පිරිසක් පාසල් කාලයේම ඒවාට හුරුකරලා. එහෙම පාසල් හැරගිය පිරිස් වෙනුවෙන් (සෑම වසරකම විභාග ප්‍රතිඵලය අනුව දරුවන් පරීක්ෂණයකට යොමුකර) විධිමත් රැකියා පුහුණුවක් දී විදේශ රැකියාවක් සඳහා යොමුකළොත් රටේ ප්‍රශ්න ගොඩක් විසඳේවි කියලා හිතෙනවා..
City Friday, 19 August 2022 07:23 PM
චින්තක මේක දෙමාපියන්ගේ වගකීමක්.
pakeer Friday, 19 August 2022 10:25 PM
මේ නිකමුන්ව රට යැව්වාම ඒ රටවලුත්ඉවර වෙයි. එක්කෝ මොවුන් හැදේවි.
Mo77 Saturday, 20 August 2022 06:35 AM
රට රැකියා වලට ගිය සහ නැවත සේවයට වාර්තා කළ පිරිසට ද, අදාල කාල පරිච්ඡේදය නොසලකා නැවතත් විදේශ රැකියාවකට යාමට අවසර දෙන්න. ඔවුන් ප්‍රේෂණය කලයූතු ඩොලර් ප්‍රමාණය සමාන්‍ය ප්‍රමාණය වගේ 1.5 ක් කරන්න.
de silva Saturday, 20 August 2022 08:02 AM
ප්‍රකෝටි ගනන වියදම් කර රජයෙන් හදපු රැකියා පුහුනු මද්‍යස්ථාන තිබුනට , එවගෙ පිටවන සිසුන්ගෙ ප්‍රමිතිය ඉතා දුර්වලය , උදාහරන වශයෙන් ගත්තොත් නයිට එකෙන් පිටවන කෝකි පටමාලව හදාරපු සිසුන්ගෙන් 50% එලවලු සමග බත් වෙලක් උයගන්න බැහැ , මෙසන් බාස් කෙනෙකුට ගඩොල් පේලි කිහිපයක් නිසි ලෙස බදින්න බැහැ , සහතික ඇත වැඩ නම් නැත.
Lalith M Saturday, 20 August 2022 09:35 AM
මමත් රාජ්‍ය සේවයේ සිට විදේශ රැකියාවලට ගිය අයෙක්. කිසිම ප්‍රශ්නයක් නැතිව කාර්මික, ක්‍රියාකාරී ඉන්ජිනේරු, පරිගණක සේවාවල අයට ඕනෑතරම් රැකියාවලට යන්න පුළුවන්... ඒත් රාජ්‍ය සේවයේ බහුතරය කලා, වාණිජ අධ්‍යාපන පසුබිම් සහිත පුටුවට බරවුණු අයවලුන්... වැඩිපුරම කාන්තාවන්. මේක අනාගතයේ ව්‍යසනයකට හේතුවක් විය හැකියි. තරුණ පිරිමි විදෙස්ගත වී ආපසු එන සහතිකය කුමක්ද..?
Prabha Saturday, 20 August 2022 01:50 PM
අතිකාල කරන්නයි, වැඩ වෙලාවේ නිදියන්නයි බලාගෙන එන්න නම් එපා..
ජේ.එච්.කේ.සී.ආර්.ලංකා Sunday, 21 August 2022 01:21 PM
විදෙස් ගත වීමට බලාපොරොත්තු වන රජයේ සේවකයින් ලබාගත් දේපළ ණය සම්පූර්ණයෙන් ගෙවා විදෙස් ගත වීම, මේ අවස්ථාවේ විදෙස් ගත වීමට සිටින අයට කරන බාධාවකි. ඔවුන් විදෙස් ගතව උපයන මුදලින් එය ගෙවා දැමීමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම විදෙස් ගත වීමට බලාපොරොත්තු වන අයට කරන දිරිමත් කිරීමකි.