IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


යුවාන් වැන්ග් 5 රාජ්‍ය තානත්‍රික ගැටළුවක් වෙයි ද

(විමුක්ති එස් රුද්‍රිගු)

චීන පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායට පැමිණීම දින නියමයක් නොමැතිව කල් දමන ලෙස ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය චීන තානාපති කාර්යාලයෙන් ලිඛිතව ඉල්ලා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

යුවාන් වැන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් වැඩිදුර උපදේශන ලබා ගන්නා තෙක් නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රමාද කරන ලෙස ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය කළ ලිඛිත ඉල්ලීමේ සඳහන් වන බව ඉන්දීය මාධ්‍ය පැවසුවේය.

යුවාන් වැන්ග් 5 නෞකාව එළඹෙන බ්‍රහස්පතින්දා දින හම්බන්තොට වරායට පැමිණීමට නියමිත අතර එය පර්යේෂණ නෞකාවක් ලෙස නම්කර තිබුණත් ඔත්තු බැලීමේ හැකියාවද තිබෙන බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දුන්නේය.

ඉන්දියාවේ ක්‍රියාකාරකම් පිළිබඳ ඔත්තු බැලීමේ අරමුණින් යුවාන් වැන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණෙන බවට දිල්ලි බලධාරීන් කනස්සල්ලෙන් සිටි බවත් ඒ පිළිබඳ පැමිණිල්ලක් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කළ බවත් ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ  හමුවක් පැවැත්විණ.

යුවාන් වැන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ආන්දෝලනයට තුඩු දී ඇති පසුබිමක මෙම හමුව සිදුව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ චීන තානාපති චී චෙන්හොන්ග් මහතා යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණීම කල් දමන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට පෙර චීන රජයෙන් උපදෙස් ලබා ගන්නා බව දැනුම් දී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

යුවාන් වැන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම මේ වන විට රාජ තාන්ත්‍රික ගැටළුවක් බවට පත් වී ඇතැයි විශ්ලේෂකයෝ පවසති.

 



අදහස් (5)

යුවාන් වැන්ග් 5 රාජ්‍ය තානත්‍රික ගැටළුවක් වෙයි ද

de silva Sunday, 07 August 2022 02:15 PM

චීන යුද නැව් අපට අවශ්‍ය නැහැ. අපි අමාරුවෙ වැටුණු අවස්ථාවේ අපට උදව් කළේ ඉන්දියාව. අපේ වෙළඳපොළ තිබෙන්නේ බටහිර රටවල. චීනේ කළේ දේශපාලකයන්ට කොමිස් දීලා අපිව ණය උගුලක හසු කරන එක. යුද නැව් මෙහෙට ගෙනාවොත් ඉන්දියාව බටහිර සහ ජපානය අප සමග අමනාප වෙනවා. එවැනි තත්ත්වයකදි ඉදිරියෙදි ඔවුන් අපට උදව් නොකරන නිසා චීනෙට පුළුවන් වෙනවා අපිව කැමති පරිදි ගසාගෙන කන්න.

:       7       22

fairoos Sunday, 07 August 2022 05:15 PM

ඉන්දියාව කලබල වෙන්ඩ ඕනේ නැහැ නෞකාවේ ඉන්නේ ඉන්ධන ලබාගන්ඩ. මීට පච බන්දුල

:       1       4

සුදු ඇඳගෙන කලු ඇවිදින් Sunday, 07 August 2022 07:19 PM

නොදන්න මගුල නොකියන් සිල්වෝ කිව්වලු.

:       2       1

Vijitha Sunday, 07 August 2022 07:39 PM

මධ්‍යම අධිවේගී මාර්ගයට දෙන මුදල් චීනය මේ වනවිට නතර කර ඇත. අපි චීනයට ගෙවිය යුතු ණය ගෙවා නොමැති බව කියමින්. ඉදිරියට හොඳ හොඳම සෙල්ලම් බලාපොරොත්තු වෙන්න. මීට චීනය. (රනිල්ට යහපාලනය කාලේ ඔය එක බටහිර රටක් ණය දුන්නේ නැහැ. එම නිසා චීනයට හම්බන්තොට වරාය වික්කේ)

:       1       4

de silva Monday, 08 August 2022 05:07 AM

සුදු ඇඳගෙන කලු... ඔබගේ මොලේ කචල්ද? මේ අවස්ථාවේ චීන යුද නැව් මේක අස්සේ දමන්නේ කුමටද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 5 0

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 327 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 630 3

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 240 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 201 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 252 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site