IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මිචෙල් බැචෙලේගෙන් තවත් චෝදනාවක්

( තිළිණි ද සිල්වා )

මෙරට පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම සහ පොලීසිය හා අපරාධ කල්ලි සාමාජිකයින් අතර ඇතිවන ගැටුම්වලදී පුද්ගලයින් මියයාම සම්බන්ධයෙන් තම දැඩි අවධානය යොමුව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිචෙල් බැචෙලේ මහත්මිය පැවසුවාය.

මෙවැනි සිද්ධීන් ගැන කඩිනම් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය කියා සිටින්නීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47 වන සැසිවාරය අමතමින් ඇය සඳහන් කළාය.

සුළු ජාතීන්ට සිදුවන හිරිහැර හා අතුරුදන්වූවන්ගේ කාර්යාලයට සිදුකර ඇති පත්වීම් පිළිබඳව ද සිය අවධානය යොමුව ඇති බව ඇය එහිදී වැඩිදුරටත් කීවාය .

ලබන සැප්තැම්බර් මාසයේ දී එම කටයුතුවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මානව හිමිකම් මහකොමසාරිස්වරිය කියා සිටියාය. කෙසේ වෙතත් මානව හිමිකම් ගැන ශ්‍රී ලංකා රජය සමඟ තවදුරටත් එක්ව කටයුතු කරන බව මිචෙල් බැචෙලේ මහත්මිය ප්‍රකාශ කර තිබේ.



අදහස් (14)

මිචෙල් බැචෙලේගෙන් තවත් චෝදනාවක්

lanka Tuesday, 22 June 2021 06:32 PM

අනේ හාමිනේ පුලුවන්නම් ලංකාවට ඇවිල්ලා මෙහෙ තරුණ පරපුර වන්දන මත්කුඩු ජවරම්කාරයෝ ටික නැති කරලා

:       1       544

YANKEE Tuesday, 22 June 2021 06:47 PM

අම්මේ මෙයාගේ ඇහැ මෙහෙටමයි තියෙන්නේ .

:       69       561

කිරිපුතා Tuesday, 22 June 2021 06:51 PM

රටක අභ්‍යන්තර ප්‍රශ්නවලට අත නොදා ඉන්න එක තමා වඩා වැදගත්.

:       486       626

siripala Tuesday, 22 June 2021 07:14 PM

මෙරට පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම සහ පොලීසිය හා අපරාධ කල්ලි සාමාජිකයින් අතර ඇතිවන ගැටුම්වලදී පුද්ගලයින් මියයාම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතුම වෙනවා

:       421       475

බද්රානි Tuesday, 22 June 2021 07:36 PM

මේ ගෝත්‍රික මිලේච්ජයින්ගේ රටේ මොන මානව හිමිකම්ද මිචෙල් මහත්මිය? සුළු ජාතීන්, හිරකරුවන්, ත්‍රස්තවාදී කියලා මේ රටේ වෙනසක් නැහැ. සිංහල මහා ජාතියටත් එකම ඉරණම තමයි. පාලක පක්ෂය හා දේශපාලකයින්ගේ කල්ලිවල සාමාජිකයින්ට පමණයි මේ රටේ සියලුම හිමිකම් ඇත්තේ.

:       490       666

මුණසිංහ Wednesday, 23 June 2021 07:15 AM

ඔයා ඔය විදියටම කියන්න පහුගිය දවස්වල ඊශ්‍රායලය ගහපු ගැහිල්ල ගැනත් බලන්න කියලා. එහිදි ළමයි කී දෙනෙක් මැරුණද? ඔය විදියට උඩ බලන් කෙල ගහගන්න එපා. බැචලේ ඇතුළු කණ්ඩායමක් මේ කරන්න යන්නේ මොකක්ද කියල අවබෝධ කරගන්න. බටහිරට ගැත්තන් බිහි කරගැනීම යි එයාලට අවශ්‍ය. එයාලට ඕනෑදේ ලංකාවෙන් කරනවා නම් ගමේ ගොඩේ පිහියෙන් ඇනගන්න ඒවා එයාලා බලන්නේ නැහැ. බුද්ධිමත් වෙන්න.

:       0       12

Nihal Tuesday, 22 June 2021 08:15 PM

පිලිපිනය කියල රටක් ගැන අහලා නැද්ද

:       104       493

jagath Tuesday, 22 June 2021 08:27 PM

මානවහිමිකම් කිය කියා මෙයා මොනවා කියවනවද මන්දා

:       315       469

Rohana Tuesday, 22 June 2021 10:08 PM

ඊශ්‍රාලය පලස්තීන වැසියන්ට කරන විශාල අපරාධ වලින් සිදුවන මානව හිමිකම් කඩවීම් කොපමනදැයි කියා නිමකල නොහැක. ඒවා ගැන මුනිවත රකින මානව හිමිකම් කොමිසම ලංකාවෙ කෙස් ගහක් තරම් සුළු කාරණයක් අල්ලගෙන ලංකාවට චෝදනා කරන්නේ බලවතුන් මොන වරදක් කලත් ඔවුන් ඉදිරියේ දනින් වැටී සිටිමින් නේද?

:       0       0

වර්ණකුලසූරිය Tuesday, 22 June 2021 11:16 PM

රාජපක්ෂ පාලනය යටතේ කවදත් මේ තත්ත්වය බහුලව දකින්නට ඇත. වහලුන් නොවන රටේ ජනතාවටද මේ ගැන විවේචනයක් පවතියි.

:       0       0

Nimanthi Wednesday, 23 June 2021 02:32 AM

අපේ රටේම සිටින ඇතැම් පුතාණෝලා ගිහින් උඩගෙඩි දෙද්දී මෙවැනි දේවල් සිදුවීම සාමාන්‍යයි. පක්ෂ භේද කුමක් වූවද? රටක් වශයෙන් මිනිසුන් එකට සිටිය යුතුයි.

:       0       0

Rata Perata Wednesday, 23 June 2021 03:20 AM

එක්නැලිගොඩ, ලසන්ත, තජුඩීන් ඝාතනයන් ගැනත් හොයන්න. අපේ රටේ දැන් නීතියක් නෑ.

:       32       21

SL Wednesday, 23 June 2021 09:36 AM

මෙහෙ පාතාල කාරයින් ටික UN එකට ගන්න, USA පොලිසිය මෙහෙට ගෙනෙන්න. එයාලට ඕනෙම දෙයක් කරන්න පුළුවන්... මිචෙලි ඇන්ටි බලන්නෙම නැහැ.

:       4       0

Nihal Wednesday, 23 June 2021 11:02 AM

අර එක්සත් රාජධානියේ, යුරෝපයේ කලු සුදු භේදය මුල්කරගෙන ආසියාතික දරුවන් ඝාතනය, පාසල්වල හිංසනය ගැනත් බලනවා නම් අගෙයි. සියල්ල වාර්තා අන්තර්ජාලයේ පලකරනවානේ...

:       5       151

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 1239 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 260 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1310 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1306 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1522 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1408 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site