
(ෂේන් සෙනවිරත්න)
මහනුවර හරස් විදියේ පිහිටි ව්යාපාරික ස්ථානයක පිටුපස සිව් වැනි මහලේ සිදු කෙරෙමින් පැවැති ඉදිකිරීමක් කඩා වැටීම හේතුවෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
එම ගොඩනැගිල්ලේ සිව්වැනි මහලේ සඳළු තලයක් වැනි ඉදිකිරීමක් එහි දෙවැනි මහලට කඩා වැටීම හේතුවෙන් එම අනතුර සිදුව තිබේ. අනතුරෙන් තුවාල ලබා ඇත්තේ හසලක සහ දෙහිඅත්තකණ්ඩිය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ත් 50 ත් අතර පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd