IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රීවරු රොත්තක් කාර්ය මණ්ඩල තනතුරු පවුල් අතරේම බෙදාගෙන

 

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්  සියයට හැත්තෑවක් පමණ සිය කාර්ය මණ්ඩලය සඳහා  බිරිඳ ,දූ පුතුන් සහ පවුලේ  කිට්ටුවන්ත ඥාතීන් පත් කරගෙන  සිටිතියි පාර්ලිමේන්තු ආරංචි  මාර්ගවලින් පැවසේ.

සෑම මන්ත්‍රීවරයකුටම  සිය කාර්ය මණ්ඩලය සඳහා නිලධාරීන් සහ සේවකයන් හය දෙනකු බඳවා ගැනීමට අවස්ථාව හිමිවන  අතර ඒ සෑම නිලධාරියකු සහ සේවකයකු වෙනුවෙන්ම රුපියල් තිස් පන්දහසත් හතළිස් දහසත් අතර මුදලක් රජය විසින් මාසිකව ගෙවනු ලබන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කාර්ය මණ්ඩලයට පෞද්ගලික ලේකම්වරයෙක්, සමීක්ෂණ  නිලධාරියෙක්, රියැදුරෝ දෙදෙනෙක්, ලඝු ලේඛකයෙක් සහ  කාර්යාල කාර්ය සහයකවරයෙක්  ඇතුළත් වෙති.

මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක්  පෞද්ගලික ලේකම්වරුන් වශයෙන්  පත්කරගෙන සිටින්නේ   මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරුන් බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පෞද්ගලික කාර්ය මණ්ඩල සඳහා ලැබෙන වැටුප් පවුල අතරේම රඳවා තබා ගැනීම මෙහි ප්‍රධාන අරමුණවී ඇතැයි  වාර්තා වේ.

අදාල මන්ත්‍රීවරයාගේ යෝජනා  අනුව  කාර්ය  මණ්ඩල සාමාජිකයන්  මෙලෙස  පත් කරනු ලබන්නේ  රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඇති  පාර්ලිමේන්තු කටයුතු අංශය විසිනි.

මේ අතර ඇමැතිවරයකුගේ  කාර්ය මණ්ඩලය සඳහා  නිලධාරීන් සහ සේවකයන්  දොළොස් දෙනකු පත් කර ගැනීමට  අවස්ථාව හිමිවන බව එම  ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (30)

මන්ත්‍රීවරු රොත්තක් කාර්ය මණ්ඩල තනතුරු පවුල් අතරේම බෙදාගෙන

Lanka babek Saturday, 04 December 2021 09:54 AM

ඉතින් ලංකාව කියන්නේ ඒ ගොල්ලන්ගේ දෑවැද්දනේ... ඒක දන්නෙත් නැද්ද? ඔය පළාත් සභා, ප්‍රාදේශීය සභා කියන්නෙත් එහෙමම තමයි. වැඩේ කියන්නේ පිටරට ඉඳනුත් මිනිස්සු එනවා.. මේ ගොල්ලන්ට කතිරයක් ගහලා යන්න... ගහල‍ා පොඩ්ඩක් පෝසත් කරන්න...

:       0       57

gamunuSaturday, 04 December 2021 07:03 PM

ඉදිරි මැතිවරණයේදී රටට පුරවසියන්හට වගකියන අලුත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත් කරමු. දේශපාලකයන්ගේ රජයක් වෙනුවට ජනතාවාදී රජයක් බිහිකරිමට රටේ ජනතවද කැපකිරීම් කල යුතුවේ. කාර්ය මණ්ඩල තනතුරු පවුල් අතරේම බෙදාගෙන බදාගෙන රටකන ක්‍රමව්දය වෙනස් කලයුතුවේ. වර්තමාන දුෂිත ක්‍රමවේදය වෙනුවට ලෝක සම්මත පිළිගත් ක්‍රමව්ද අනුව ක්‍රියා කිරීමට රජයක් බිහිකරමු.

:       4       13

Willow Drive Saturday, 04 December 2021 10:00 AM

අනේ මන්දා මෙහෙමත් කරුමයක්....!!!

:       1       46

දිමුත්Saturday, 04 December 2021 02:37 PM

මේ ඔක්කොම අරගෙනත් මන්ත්‍රී වැටුප නම් අඩුයි කියනවා!

:       1       19

SL Saturday, 04 December 2021 10:29 AM

පෙන්ෂනුත් ලැබෙනවා නේද? රට ගොඩ නගමු. හැමෝම පාර්ලිමේන්තු යමු...!!!

:       1       36

MO77 Saturday, 04 December 2021 10:41 AM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 50%ක් අඩුකළ යුතුමයි. ජාතික ලැයිස්තුවක් අවශ්‍ය නැත.

:       1       33

Akila Saturday, 04 December 2021 10:42 AM

ඕවා නවත්වන්න කියලා හැට නව ලක්ශේ එකතුවෙලා ගෙනාපු දියසේනත් ඒ ගැන සද්දයක් නැහැ. ආයේ එහෙම වුණොත් "අපි තමයි මුලින්ම පාරට බහින්නේ මචං" කියපු කට්ටියත් හොයාගන්න නැහැ දැන්..

:       3       36

යෝගා Saturday, 04 December 2021 10:48 AM

මිනිස්සු මන්ත්‍රීලාට සාප කරන්නේ නිකම් නෙමෙයි. මේ අයට ලැජ්ජා නැද්ද මන්දා..?

:       2       28

රජින්ද Saturday, 04 December 2021 10:49 AM

මදැයි කැලෑවකට රජ කරවන්න සිංහයෙක් කියලා වඳුරෙක් ගෙනාවා. ඌ ඉතින් දන්නේ අනික් අය කරන දේ කරන්න විතරයිනේ...

:       3       36

Naushi Saturday, 04 December 2021 11:01 AM

එතකොට තමයි ඒ අයට හොරකම්, දුෂණය වැනිදේ කරන්න ලේසි වෙන්නේ...

:       0       26

Asanga Saturday, 04 December 2021 11:12 AM

මහ එකාගේ ඉඳලම ඉතින් එහෙමනේ ක්‍රමය. කවුරු ආවත් ඕක තමයි කරන්නේ... කිහිපදෙනෙක් හැර. මෙය තමයි වෙනස් විය යුත්තේ...

:       1       26

Lal Saturday, 04 December 2021 11:25 AM

කවුරු බලයට ආවත් ක්‍රමය මේක තමයි... මේ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කළ යුතුයි.. ඊළඟ ඡන්දය ජේවීපී එකට...

:       2       37

දාස Saturday, 04 December 2021 11:30 AM

මේවා නැතිකරන්න මේ දෙගොල්ලන්ටම බැහැ.

:       2       24

SHAMAAL Saturday, 04 December 2021 11:34 AM

තවත් මෝඩ නොවී රට ගැන හිතන පිරිසක් පත්කර ගනිමු...

:       1       28

Bunny Preena Saturday, 04 December 2021 11:54 AM

මොවුන් යන්නේ ඒකටමනේ... නැතුව රටට සේවයක් කරන්න නෙමෙයිනේ...

:       0       21

Lal Saturday, 04 December 2021 12:36 PM

නන්දසේනට කවදාවත් බැහැ දියසේන වෙන්න.. .මෝඩ 69 ලක්ශේ...

:       2       20

සඳුන් Saturday, 04 December 2021 12:48 PM

රාජපක්ෂ පවුලට ඒක අදාල නෑ වගේ...

:       0       16

මහසෙන් Saturday, 04 December 2021 01:02 PM

ඉතින් හරිනේ. පළමුව තමනට විශ්වාස ළඟම පිරිස එක්ක ඕනනේ බෙදාගෙන කන්න. දන්න කාලේ ඉඳලා. මහතැන ඉඳලා පහළට එනකම් එහෙම තමයි.. ඒ විදියට බෙදාගෙන කාලා ඉතිරි වුණොත් ඔය කටු කෑල්ලක් වගේ රට්ටු ඉන්න පැත්තට විසිකරන්න මහත්තයෝ...

:       1       14

පැරකුම් Saturday, 04 December 2021 01:20 PM

ඇයි මතක නැද්ද අපේ ලොක්කා මුලදීම කට්ටියට කියලා තහනම් කළානේ ඔය වැඩේ. ඒ වුණාට කවුරුත් අහපු පාටක් නෑනේ. ඒකත් රිවර්ස් ගිහිල්ලා නේද?

:       0       15

wijesundara Saturday, 04 December 2021 01:43 PM

ඒ විතරක්ද? පඳුරක් ගානේ පිනට වැටුප් ලබන පළාත් පාලන නියෝජිතයින් හැටහුටහමාරක් ඉද්දී ඔය කියන රාජ්‍ය හා කැබිනට් ඇමතිවරු තවවැටුප් ලබන උපදේශකවරු, වැටුප්, වාහන, රියැදුරන් සහ වෙනත් වරප්‍රසාද සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සම්බන්ධීකරණ නිලධාරීන් කියලා පිරිසකුත් පත්කර ගෙන ඉන්නවා නේද? ඒවා එහෙම නම් මේවා ජාතික අපරාධ නොවේද? අනේ එදාවේල ‍හොයාගෙන කන අහිංසක ජනතාව මේවා දෙයියන්ටම තමයි කියන්න තියෙන්නේ... වෙන කාට කියන්නද?...

:       0       18

පැරකුම්Sunday, 05 December 2021 09:37 AM

ඉස්සර හිටපු ජනාධිපතිලා නියෝගයක් දුන්නාම බලබලා ඉන්න ඕන නෑ. වැඩේ අකුරට කෙරෙනවා. ඒත් අද වැඩි හරියක් රිවස් තමයි. අපට කොතැනද වැරදුනේ…?

:       0       3

සංහිද Saturday, 04 December 2021 04:06 PM

225ට සැප දෙන්න අපි කන කට්ටක්...

:       0       6

සංහිද Saturday, 04 December 2021 04:11 PM

225 කට සැප දෙන්න අපි කන කට්ටක්...

:       0       6

ගමේ එකාලා Saturday, 04 December 2021 05:46 PM

නායකයන්ට හොන්ද නම් අප කෙරුවම මොකද වෙන්නේ කියලා හිතාගෙන ඇති.

:       0       6

Sarasi Sunday, 05 December 2021 05:26 AM

ලංකාව බංකොලොත් වෙන එක අහන්න දෙයක් ද

:       0       0

fairoos Sunday, 05 December 2021 03:06 PM

අනේ වහලුනේ මේවා අද, ඊයේ වෙන දේවල් නොවේ...

:       0       2

Susantha Jayawickrama Monday, 06 December 2021 01:43 PM

ජනාධිපති සහ අගමැති එයාලගෙ පවුලෙ අයවලුන්ට ඔක්කොම මැටි ඇමතිකම් තානාපතිකම් ආයතනවල සභාපතිකම් දෙද්දි ගෝලයො එහෙම කෙරුවට කමක් නෑනෙ.

:       0       0

මෝ Monday, 06 December 2021 04:29 PM

එක්කෙනෙක් ගෙනාවෙ ඕවා නැතිකරයි කියල හිතාගෙන

:       0       0

sharm warn Tuesday, 07 December 2021 09:10 AM

ජනාධිපතිට හොඳ නම් අයියලා, මල්ලිලා සනුහරේටම රැකී, රක්ෂා දීලා ඔවුන්ගේ නැන්දම්මලා, මාමණ්ඩිලාටත් සලකන්න. අගමැතිටත් එම ක්‍රියාවම කරන්න හොඳ නම් මන්ත්‍රීලට විතරක් වැරැදි කියන්නේ කොහොමද?

:       0       0

Bunny Preena Tuesday, 07 December 2021 01:23 PM

පව්, රට වෙනුවෙන් දිවා, රෑ නොබලා මුළු පවුලම කැපවීමෙන්, බොහෝ වෙහෙස මහන්සි වෙලා වැඩකරලා, අනේ අපරාදෙ බලන්නකෝ බැණුම් අහන හැටි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 96 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 247 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 57 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 792 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 216 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 261 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1702 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site