IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මන්ත්‍රී අමරකීර්තිගේ පෞද්ගලික ආරක්ෂකට වෙඩි තැබූ සැකකරු අල්ලයි

(ඉන්දිකා රාමනායක)

නිට්ටඹුව ප්‍රදේශයේ දී  පසුගියදා  ඝාතනයට ලක් වු    පොලොන්නරුව      දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි   අමරකීර්ති    අතුකෝරාල  මහතාගේ    පෞද්ගලික  ආරක්ෂක නිලධාරී   පොලිස් සැරයන්වරයාට ඔහුගේ රාජකාරි පිස්තෝලයෙන්   වෙඩි තැබීම සහ  එම පිස්තෝලය සන්තකයේ තබා ගැනීම  සම්බන්ධයෙන් සැකකරුවකු  නිට්ටඹුව ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය වු  ඉකුත් (9) ඇති වු මෙම සිද්ධියේ දී මෙම සැකකරු පිරිස සමග එක්ව මන්ත්‍රිවරයාට පහර දී  ඔහුගේ ආරක්ෂක නිලධාරියාට ද පහර දී    වෙඩි තබා ඇති බවට හෙළි වු තොරතුරු අනුව  මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම සැකකරු     පොලිස් සැරයන්වරයාට අයත්  පිස්තෝලයෙන් එක් වෙඩිල්ලක් සැරයන්වයා වෙත එල්ල කර ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන්  සිදුකළ විමර්ශනයේ දී හෙළි වු තොරතුරු, වීඩියෝ පට හා සක්කි පදනම් කරගෙන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ    සැරයන්වරයාගේ රාජකාරි ගිනි අවිය ද සැකකරු සන්තකයේ තිබී ඇත.

සිද්ධිය වු  ඉකුත් (9) දින මන්ත්‍රිවරයා  හා ආරක්ෂක නිලධාරියා   වාහනයෙන් ගමන් කරමින් සිටියදි    නිට්ටඹුව ප්‍රදේශයේ දී ඉහත සැකකරුවන්  පිරිස එම  වාහනය නවත්වා   හිටපු  අගමැතිවරයාට සහය පලකිරීමට  අරලියගහ මන්දිරයට ගිය බවට චෝදනා කරමින්   මෙම පහර දී මන්ත්‍රිවරයා හා ආරක්ෂක නිලධාරියා ඝාතනය කර ඇති බවට සිදුකළ විමර්ශයේ ආනාවරණය වු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

තමන්   හිටපු අගමැතිවරයා හමුවීමට අරලියහග මන්දිරයට නොගිය බවත්,  පොල්හේන්ගොඩ ප්‍රදේශයේ මිතරකුගේ නිවසට ගිය බවට  සැකකරුවන් ප්‍රකාශ  කර තිබියදී ඔවුන් පහර දී මෙම ඝාතන දෙක සිදුකර ඇති බවට ද   තොරතුරු හෙළි වු බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මන්ත්‍රිවරයා හා  ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහර දී  ඝාතනය කිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන් සැකකරුවන් 12  දෙනකු මේ දක්වා   අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (5)

මන්ත්‍රී අමරකීර්තිගේ පෞද්ගලික ආරක්ෂකට වෙඩි තැබූ සැකකරු අල්ලයි

Mahesh Thursday, 26 May 2022 12:45 AM

කෝ දැන් උසි ගන්නවපු අය, කෝ අර වෛරය ඇති කරපු අන්තරේ, කෝ ගහපියව්, මරපියව් කිව්ව ජෙප්පන්, කෝ පෝලිමට අත් අල්ලන් හිටපු නීතීඥයින්, කවුරුවත් නැහැ. අන්තිමට සල්ලි ගෙවලා නීති උපදෙස් ගන්න. අවසානයේ ගෙදර ඉන්න අහිංසක ගැහුණු ළමයි, දෙමාපියන් දුක් විඳියි...

:       2       9

යෝගා Thursday, 26 May 2022 08:19 AM

මේ අපරාධකරුවන් කිසියම් දේශපාලන පක්ෂයක අනුගාමිකයින්ද කියලා ඉක්මණින් සොයාගත යුතුයි. අතීතයේ පාඩම් අමතක කරන්න එපා..

:       1       21

කිරි පුතා Thursday, 26 May 2022 09:30 AM

මේ විදිහට හිතූ හිතූ විදිහට මිනිසුන්ට ගහන්නයි මරන්නයි ගියොත් රටක් නැතිවෙයි. හැම කෙනෙකුටම තියෙනවා අයිතියක් තමන් කැමති ගමනක් යන්න. කැමැති ආකල්ප දරන්න. කාගේවත් ආකල්ප කවුරුත් දරන්න අවශ්‍ය නෑනේ... වැරැදි කරපු සියල්ලන්ට නිසි දඬුවම් ලැබිය යුත්තේ මේ සමාජය නැවත විනයක් ඇති තැනක් වීමටයි..!

:       0       21

saman Thursday, 26 May 2022 01:51 PM

මුහුණු පොතෙන් රට ගිනිතියපු අයත් මේවාට වගකියන්න ඕනේ. නිතියෙන් නැතත් ඔවුන්ට කර්මය විසින් දඬුවම් ලබාදෙනු ඇත.

:       1       9

darma Thursday, 26 May 2022 03:33 PM

මේවාට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෑ ෆේස් බුක් කාරයොයි, නීතිවේදින් කියන කොටසයි. රිමාන්ඩ් එකෙන් එළියට දාගන්න 200ක් යනවා. දැන් එක්කෙනෙක් වත් නැහැ.

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1165 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 514 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 456 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 278 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 495 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 465 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site