(ඉන්දිකා රාමනායක)
මිනි මැරුම් ඇතුලු අපරාධ රැසක් සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි මාකදුරේ මදුෂ් නැමැත්තාගේ ගෝලයකු කැලණිමුල්ල ප්‍රදේශයේ මුල්ලේරියාව පොලිසිය මගින් ඊයේ (17) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.
රංචු ගැසී ස්ත්‍රි දුෂණය කිරීම, ගිනි අවි පෙන්වා මුදල් කොල්ලකෑම, ගිනි අවි ළග තබා ගැනීම, නිවෙසකට ගිනි තබා අනර්ථයක් සිදුකිරීම, හොරොයින් ජාවාරම, සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නඩු රැසක් අධිකරණ රැසක විභාග වන බවද පොලිසිය කියයි.
සැකකරු සිය අනියම් බිරිඳ සමග කැලණිමුල්ල නිවස සිටින බවට ලැබුණ තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හොරොයින් මත්කුඩු ග්‍රෑම් 5 ට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.
සංවිධානාත්මක අපරාධ කරුවෙක්ව සිටි මාකදුරේ මධුෂ් ගේ සමීපතමයෙක් ව සිටි මෙම සැකකරු ඔහුගේ අනු දැනුම මත මෙම අපරාධ වල නිරත වී ඇති බවද පොලිසිය පවසයි.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මදුෂ්ගේ ගෝලයක් අල්ලයි