IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මඟුලට පිරිස වැඩි කරයි

(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා පනවා තිබූ  සීමා ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.

ඒ අනුව විවාහ මංගල උත්සව ශාලාවන්හි අමුත්තන් 100 දෙනෙකුට සහභාගිවීමට අවසර හිමි වනු ඇත. එළිමහන් මංගල උත්සව අමුත්තන් 150ක උපරිමයකට යටත්ව පැවැත්වීමට අවසර හිමි වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසයි.

කෙසේ වුවත් විවාහ මංගල උත්සවවලදී මත්පැන් භාවිතා කිරිමට තවදුරටත් අවසර හිමි නොවනු ඇත.

මේ අතර ආපන ශාලා තුළ එකවර උපරිම වශයෙන් පුද්ගලයින් 75 දෙනෙකුට ආහාර ගැනීම සඳහා අවසර හිමිව ඇති අතර එළිමහන් උත්සව සඳහා සහභාගිවිය හැකි උපරිම සංඛ්‍යාව පුද්ගලයින් 100ක් දක්වා වැඩි කර ඇත.

එමෙන්ම කාර්යාල රැස්වීම්  සඳහා අවසර හිමිවන්නේ අදාළ ශාලාවේ ඉඩ ප්‍රමාණයෙන් තුනෙන් එකක  ප්‍රමාණයකට වන අතර එය උපරිමය පුද්ගලයින් 150කට සීමා කර ඇත.

මේ අතර රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පනවා තිබු සංචරණ සීමා  අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරේ. 



අදහස් (5)

මඟුලට පිරිස වැඩි කරයි

මහසෙන් Monday, 25 October 2021 08:36 PM

අනේ ඔව්, බොන්නෙම නෑ මගුල් ගෙවල් වල... හරියටම නීතී පිළිවෙලට රකිනවා. ඔහොම්ම අවමගුල් වලට සහභාගි වෙන ගාණත් වැඩි කළා නම් හොඳයි...

:       0       4

Perera Tuesday, 26 October 2021 02:17 AM

රට ගිනිගන්නකොට මගුල් ගැන කතාකරනවා.

:       0       0

Chinthaka Tuesday, 26 October 2021 08:41 AM

අවධානම පහව ගිහින් නැහැ කියලා කියන අයම තමා මේ සීමාවල් ඉවත් කරන්නේ, තවත් රැල්ලක් වැඩි ඈතක නැහැ.

:       0       0

fairoos Tuesday, 26 October 2021 12:20 PM

පාලකයන්ට රට පාලනය කරන්න බෑ. ජනතාවට බනිනවා නීති කැඩුවා කියලා...

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 26 October 2021 01:53 PM

මගුල් උත්සව., කොටහලු උත්සව, පින්කම් වැනි දැවෙන ප්‍රශ්න ගැන අවධානය යොමුකිරීම ගැන ස්තූතියි. බිග්මැච් පැරේඩ්, පෙරහැර වැනි දැවෙන ප්‍රශ්න ගැනත් ඔබේ අවධානය යොමුවේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 30 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 348 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 453 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1229 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2679 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1773 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1451 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site