IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බී.ඕ.අයි අස්වීම් ජනපති ප්‍රතික්ෂේප කරයි

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයෙ ඉල්ලා අස්වීම බාර ගැනීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ බව ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතාට ලිපියක් මගින් දැනුම් දෙනු ලැබ ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි .

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි පසුගිය සතියේ ජනාධිපතිවරයා වෙත යවා තිබිණි.

එසේ වුවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය දින කිහිපයේම සේවයට වාර්තා කර ඇතැයි ද දැනගන්නට ඇත.

ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා ඉකුත් දින කීපයේ සේවයට වාර්තා කර නැති අතර, ඔහුගේ නිල රථය රියැදුරු ද සමග ආයෝජන මණ්ඩල කාර්යාල වෙත එවා ඇතැයි ද වාර්තා වේ.

 



අදහස් (7)

බී.ඕ.අයි අස්වීම් ජනපති ප්‍රතික්ෂේප කරයි

Lal Monday, 06 December 2021 04:08 PM

තනතුරුත් එපාවෙලා.. රටත් එපා වෙලා... රටේ ජනතාවට ආණ්ඩුවත් එපා වෙලා..

:       0       0

fairoos Monday, 06 December 2021 04:14 PM

රටට අබසරණයි

:       0       0

පොදුජනයා Monday, 06 December 2021 05:49 PM

අපි නම් කැමතියි අස්වෙනවාට මෙයාලට ලොකු පඩි ගෙවන්නේ අපේ සල්ලි වලින්නෙ. කෙරෙන වැඩකුත් නෑනේ

:       0       0

kamal Tuesday, 07 December 2021 10:04 AM

අයියෝ සර් ෆේල් නේද ?යන අයට යන්න කියලා විද්වතුන් කිහිප දෙනෙක් හෝ විශ්‍රාමික සෙබළුන් කිහිප දෙනෙක් වත් දැන් හොයා ගන්න බැහැ නේද අලුත් පත්වීම් දෙන්න .ඕකත් නාමල් බේබිටම දෙන්න

:       0       1

piumal Tuesday, 07 December 2021 02:23 PM

වෙනසක් ඉල්ලපු ඉල්ලීමට ලැබුණු පිළිතුරට සතුටුයි...!!! 

:       0       1

Royfedricks Wednesday, 08 December 2021 03:54 AM

වෙල්ගම කිව්වනේ පලාත් සභාවකවත් නොසිටි කෙනෙක්ව ජනාදිපති කරන්න එපා කියලා. මිනිස්සු ඒක ඇහුවෙ නැහැනේ. ඊට පස්සේ මොකද උනේ? "මම කියනදේ තමයි නීතිය කිව්වා"මොලයක් ඇති මිනිහෙක් කරන ප්‍රකාශයක්ද ඒක? එහෙම තත්වයක් යටතේ කාටද තනතුරු දරන්න පුලුවන්? ගලබොඩ අප්පූ වගේ උම්මත්තකයන්ට විතරයි.

:       0       5

සමරේ Wednesday, 08 December 2021 04:16 AM

කැබිනට් අනුමැතිය පවා නොමැතිව ලක්ෂ ගණන් වැටුප් ගෙවීම් සඳහා ඉහළ තනතුරු වලට පත්වීම් දුන්නා කියලා පසුගිය දිනවල පුවත් පළවුනේ මේ අය ගැන නේද? මේ ඉල්ලා අස්වීම් වලට හේතු මොනවද? ඒ පත්වීම් එළියට ආපු නිසාද? නුසුදුසු අයට පත්වීම් දිලාද?

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 0 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 489 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 42 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 12 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1887 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 366 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 225 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1539 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site