IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බිත්තර ආනයනයට බාල්දි පෙරලන අය ගැන සොයයි

(ඩයනා උදයංගනී)

බිත්තර ආනයනය කිරීමට අනුමැතිය ලබා නොදෙන පාර්ශවයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙළඳ අමාත්‍යවරයාට නියම කළ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හරහා ඉන්දියාවෙන් බිත්තර සුළු ප්‍රමාණයක් ආනයනය කර රෝහල්, පාසල් සහ බේකරි කර්මාන්තය සඳහා බෙදාදීමට තීරණය කර ඇතත්, ඒ සඳහා අවශ්‍ය අනුමැතීන් ලබා නොදෙන ඇතැම් බලවේග ක්‍රියාත්මක වන බවට වෙළඳ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් අවස්ථාවේ ජනාධිපතිවරයා මෙසේ නියම කළ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඉදිරි අලුත් අවුරුදු උත්සව සමයේදී බිත්තර ඉල්ලුම වැඩි වන බැවින් රට තුළ එයට සරිලන නිෂ්පාදනයක් නොමැතිනම්, එම හිඟය පියවීමට අවශ්‍ය බිත්තර ප්‍රමාණය ආනයනය කළ යුතුය යන්න කැබිනට් මණ්ඩලයේ අදහස බවද අමාත්‍යවරයා කීය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.



අදහස් (3)

බිත්තර ආනයනයට බාල්දි පෙරලන අය ගැන සොයයි

Sunil Tuesday, 31 January 2023 01:23 PM

අනුමැතිය ලබානොදෙන්නෙ ඒ් සදහා වැදගත් බරපතල සාක්ශි තිබෙන නිසයි. එම නිලදාරින් කටයුතු කරන්නෙ ඔවුන්ගෙ හිතට එකන්ගවයි.

:       4       5

kamal Tuesday, 31 January 2023 02:15 PM

මේකට බාල්දි පෙරලන්නේ ලංකාවේ කිකිලියෝ. මුන් ඔක්කොම අල්ලලා අර සේපාලයාට එහෙමත් නැත්නම් වසන්තයාට දුන්න වගේ සදාකාලික රිමාන්ඩ් පාරක් දුන්නනම් අනිත් බිතර දාන ඔක්කොම සත්තු වර්ගත් යස පාඩමක් ඉගෙන ගනීවි නේද අපේ හාම දුරුවනේ?

:       5       11

විජිත් Tuesday, 31 January 2023 03:39 PM

මේ බලවේග කියලා මේ බන්දුල බුල්ඩෝග් චෝදනා කරන්නේ සෞඛ්‍ය අංශයටයි. ඉන්දියාවේ කුරුළු උන පැතිරී පවතින නිසා බිත්තර ආනයනය තහනම් කරලා තියෙනවා.මේ දියවන්නාවේ මෝඩයෝ කියනවා බිත්තර ගේන්නේ තමිල්නාඩුවෙන් කියලා .තමිල්නාඩුව තිබෙන්නේ ඉන්දියාවේ බව මේ දියවන්නාවේ ඉන්න පට්ට මෝඩයින් දන්නේ නැහැ.බිත්තර ගෙනෙන්න මේ ගස්බ ල්ලන් නොකරන දෙයක් නැහැ, මොකද මේක ෆැමිලි බිස්නස් එකක්ලු. විශාල බිත්තර තොගයක් ශීතකරණයක තබාගෙන කෘතීම බිත්තර හිඟයක් මැවුවෙත් මේ ආණ්ඩුවේම එකෙක් බව බුල්ඩෝග් කියන්නේ නැත්තේ ඇයි ? බිත්තර ඉන්දියාවෙන් ගෙනල්ලා ලංකාවේ කුරුළු උන බෝවුනොත් බිත්තර ගෙනෙන්න කියලා කෑගහපු ලන්සා මොට්ටයාගේ ඉඳලා,බිත්තර ගෙන්වන්න උත්සාහ කරන ජා ඇල ඌරගෙ කට්ටියත්,සෙම පෙරාගෙන බුරන බුල්ඩෝග් කාරයත් අනිවාර්යයෙන්ම නීතියට අනුව සිරගත කල යුතුයි. සිරගත කිරීමට කලින් මොවුන් වයිද්‍ය පරීක්ෂණයකට ලක්කළ යුතුයි මන්ද මේලෝකයේ මෙතෙක් වාර්තාවී නැති භයානක ලෙඩ රෝග මුන්ට තිබුනොත් අසරණ සිරකරුවන්ට බෝවීමට ඉඩකඩ ඇති නිසයි.

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1104 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1081 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 617 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1609 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 81 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 20 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site