IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


පෞද්ගලික අධ්‍යාපනය එපා කියන අය මුදලට වැඩ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පෞද්ගලික අධ්‍යාපනයට යන්න එපා යැයි කෑ ගහන විශ්ව විද්‍යාල වල ඇතුලේ ඉන්න  බාහිර උපාධි සදහා මුදලට පන්ති පවත්වා පෞද්ගලික ක්‍රමවේදයක් අනුගමනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

නිදහස් අධ්‍යාපනය නම් බාහිර මෙන්ම අභ්‍යන්තර අධ්‍යාපනයද මුදලින් නිදහස් විය යුතු බව කී ජනාධිපතිවරයා කවුරුන් හෝ අධ්‍යාපනය බිස්නස් එකක් කරගන්නවා නම් ඊට බදු පැනවිය යුතු බවද කීය.

අනාගතයේ රජයේ රැකියා නැති වන අතර රැකියා වෙළඳපොලට අවශ්‍ය අයුරින් අධ්‍යාපනය සකස් කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මෙි බව කීය.



අදහස් (10)

පෞද්ගලික අධ්‍යාපනය එපා කියන අය මුදලට වැඩ

යෝගා Thursday, 01 December 2022 02:00 PM

කතාව ඇත්ත. අන්තරේ ඉන්නකොට පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව කෑගහපු අයත් තමුන්ගේ පවුල් වල අය ඒවාට යවනවා

:       0       50

සත්තනායක ඇන් සේසත්Thursday, 01 December 2022 02:33 PM

බලන්න හසන්ත ඒකෙත් හැටි

:       1       0

අබරන් Thursday, 01 December 2022 08:31 PM

ඔව් අනිවාර්යයෙන්....මේ රනිල් කියන මිනිහා සහ රටේ සමස්ත දේශපාලකයන් මම තඹ සතේකට මායිම් කරන්නේ නැහැ. නමුත් මේ කියන දේ අත්ත. මම රජයේ විශ්වවිද්‍යාලයක සේවය කරන කාලේදී මම හිටපු පිඨයේ ඕන තරම් හිටියා පෞද්ගලික අධ්‍යාපන ආයතන වල වැඩ කරන ආචාර්යවරු. ඒ විතරක් නෙවෙයි හතර වටේ පෝස්ටර් ගහගෙන උසස් පෙළ ටියුෂන් කරපු උප-කුලපතිලා පවා හිටිය සහ දැනටත් ඕන තරම් ඉන්නවා. හැබැයි මේ කට්ටිය පෞදලික විශ්වවිධ්‍යල වලට විරුද්ධ, උග්‍ර සටන්කාමී වමාන්ශිකයන්. ඒ විතරක් නෙවෙයි මේ සමහරක් අයගේ ළමයි වැඩි හරියක් ඉගනගන්නේ ලංකාවෙන් පිට ඇමෙරිකාව, එංගලන්තය වගේ උග්‍ර ධනවාදී රටවල විශ්වවිද්‍යාල වල. ඒ අතරින් ඒ අයගේ සමහර ළමයි ලංකාවේ ඉන්න කලදේ ජීවිතේට රජයේ පාසලක වත් ඉගෙනගෙන නැහැ. බලනකොට ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්නෙත් පෞද්ගලික පාසල් (international schools) වල. අධ්‍යාපනයේ සැබෑ අරමුණ ඉෂ්ට වෙනවානම් එය සැලසුම් කරන විදිය සහ නිදහස් අධ්‍යාපනයද, පෞද්ගලික අධ්‍යාපනයද කියන දේ වැදගත් වෙන්නේ නැහැ. ප්‍රශ්නය තියෙන්නේ අධ්‍යාපනය කියන දේ ආයුධයක් හැටියට අනුවර්තනය කරගෙන (weaponize) දේශපාලනය කිරීමට රටේ දේශපාලකයන්, විශ්වවිද්‍යාල සහ සමාජය පුරුදු වී තිබීමයි.

:       0       5

kasun Thursday, 01 December 2022 02:36 PM

අනිවර්යෙන් ප්‍රමිතිගත කල පෞද්ගලික වෙද්‍ය විද්‍යාල ආරම්භ කල යුතුමයි. බහුතරයක් නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්ය කිය කිය රාජකාරි වෙලාවෙත් පුද්ගලික සේවයේ

:       0       2

martintin Thursday, 01 December 2022 02:50 PM

පුද්ගලික පන්ති නිසා හුඟාක් ළමයින් නොමගට දුෂණයට ලක්වෙනවා

:       0       1

Viraj Thursday, 01 December 2022 02:55 PM

අන්තරේ මෝඩයෝ දන්නේ නෑ ලංකාවේ කොච්චර පුද්ගලික විශ්ව විද්‍යාල තියනවාද කියලා.අද හැම තැනම සල්ලි වලට උපාධි දෙනවා .ඒවාට සද්ද නෑ.රජය කලොත් තමයි දඟලන්නේ

:       0       2

sunil Thursday, 01 December 2022 05:00 PM

පෞද්ගලික අධ්‍යාපනය එපා කියන බොහෝ දේශපාලකයින්ගේ දරුවන් ඉගෙන ගන්නේත් පෞද්ගලික පාසැල් වල.

:       0       2

AB Thursday, 01 December 2022 06:15 PM

කවුරුන් හෝ අධ්‍යාපනය බිස්නස් එකක් කරගන්නවා නම් ඊට බදු පැනවිය යුතුම වේ. අධ්‍යාපනය බිස්නස් එකක් කරගෙන සිටින්නාවූ සියලු දෙනාහට එම වෘර්තිය කරගෙන යාමට license ලබාදිය යුතුවේ. ඔවුන්ට තිබෙන්නාවූ සුදුසුකම් සොයා බලා database system ඇතිකර ඔවුන්ගේ සියලු DATA ලබාගත යුතුවේ. TAX පමණක් නොව ඔවුන්ගෙන් වසරක් license renewal සදහා වසරකට රුපියල් 25.000- 100000 ( සිසුන් පැමිණන ප්‍රමාණය අනුව )දක්වා අයකල යුතුවේ. tuition masters / online tuition පාසල් සිසුන්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගනිමින් තිබේ

:       0       4

ජැක්සන් Thursday, 01 December 2022 06:37 PM

ටියුෂන් කරන අයගෙන් බදු ගහන්න ඕන.

:       0       2

LalithM Friday, 02 December 2022 08:45 AM

True. Many king pins of JVP also sent their children to overseas universities including Mr. Lalkantha!!!

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

කාන්තා ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්
2024 අප්‍රේල් මස 18 65 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


ඩොලරය දින 16 කට පසු හිස ඔසවයි
2024 අප්‍රේල් මස 18 506 0

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල දින 16 කට පසුව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


විදුලි පනතේ ගැසට්ටුව නිකුත්වේ
2024 අප්‍රේල් මස 18 182 0

විදුලි බල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත


ඉරිදා විනාඩි 2ක් නිශ්ශබ්ද වන්න
2024 අප්‍රේල් මස 18 127 0

‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45


පරිසර හානි දන්වන් දුරකතන අංකයක්
2024 අප්‍රේල් මස 18 152 0

පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා 1997 සහ 1981 යන කෙටි දුරකථන අංක හඳුන්වා දී තිබේ.


කැබ්-ලොරි අනතුරින් හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 18 299 0

හොරණ අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) බොල්රෝ වර්ගයේ කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 192 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1393 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site