(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල වැව රවුම ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් පිරිසක් දැක පලා යාමට උත්සාහ කළ තරුණයෙකු කුරුණෑගල වැවේ ගිලීමෙන් අද (19) දහවල් මරණයට පත්ව ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි.
මියගිය තරුණයා කුරුණෑගල තෝරයාය නාරම්පොළ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අවිවාහකයෙකි.
කුරුණෑගල ලක්දාස් ද මෙල් විදුහල පිටුපසින් පිහිටි කුරුණෑගල වැව් බැම්ම කොටසේ පාගමනින් යමින් ආරක්ෂක කටයුතු වල නිරත පොලිස් නිලධාරීන් පිරිසක් දුටු තරුණයන් දෙදෙනෙකු පලා යාමට පටන් ගෙන ඇත.
ඒ බව දුටු පොලිස් නිලධාරීන් ඔවුන් දෙදෙනා පසුපස පන්නා ගොස් එක් තරුණයෙකු දැඩි පරිශ්‍රමයක් යොදා අත්අඩංගුවට ගෙන ඇතත් ඔහු පොලිස් නිලධාරීන් සමඟ පොර බදා බේරීම සඳහා කුරුණෑගල වැවට පැන ඇති බව පොලීසිය සඳහන් කරයි.
වැවට පැන්න තරුණයා ස්වල්ප වේලාවකින් දියේ ගිලී ගොස් ඇති අතර සුළු මොහොතකින් එම ස්ථානයට පැමිණ ඇති පොලිස් ජීවිතාරක්ෂක භටයන් පැයක පමණ සෝදිසියකින් පසුව දියේ ගිලී සිටි තරුණයා බේරාගෙන ඇතත් ඔහු ඒ වනවිටද දියේ ගිලීමෙන් මරණයට පත්ව සිටි බවද පොලීසිය කියයි.
තරුණයා දියේ ගිලුනු ස්ථානය අඩි 16 ක පමණ ගැඹුරක් සහිත වැවේ ඉතා අවදානම් ස්ථානයක් බව තරුණයාගේ සිරුර ගොඩ ගැනීමට කටයුතු කළ කුරුණෑගල පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමේ නායක උප පොලිස් පරීක්ෂක වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
තරුණයා ගොඩට ගෙන පරීක්ෂා කළ අවස්ථාවේදී ඔහුගේ දකුණු අතේ සිර කරගෙන තිබූ ඊයම් කොළයක දවටන ලද මත්කුඩු සුළු ප්‍රමාණයක්ද හමුවූ බව පොලීසිය සඳහන් කළේය.
මියගිය තරුණයාගේ සිරුර කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත කුරුණෑගල ශික්ෂණ රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු කර ඇත.
කුරුණෑගල කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි මහතා වැඩිදුර විමර්ශන සිදු කරයි.
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පොලිසියෙන් බේරෙන්න වැවට පැන්න තරුණයා මරුට
මංජුල Saturday, 20 August 2022 09:05 PM
අකාලයේ මියගිය තරුණ ජීවිතයක් මියගිය කෙනෙක්ට අපහාස කරන්න එපා...