(සිතුම් චතුරංග)
පාසල් ළමුන් වෙත බෙදාහැරීම සඳහා මත්පෙති කරල් 400 රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු වවුනියාව, නෙලුක්කුලම ප්‍රදේශයේදී ඊයේ (04) සවස අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත ලැබුණ තොරතුරක් සම්බන්ධයෙන් සිදුකළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගත් බව පැවසීය.
සැකකරුවන් දීර්ඝ කාලයක සිට වවුනියාව ප්‍රදේශයේ පාසල් ළමුන් වෙත මත්පෙති බෙදාහැරීම සිදුකොට ඇති බවට තොරතුරු අනාවරණයවූ බවත් පැවසීය.
මන්නාරම හා යාපනය ප්‍රදේශයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මෙම මත්පෙති මිළදී ගෙන රැගෙනවිත් ඇති බවට සැකපලකරන බවත් පැවසීය.
අත්අඩංගුවටගත් සැකකරුවන් වවුනියාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22ත් 29 අතර වයසේ පසුවන්නෝ වෙති.
සැකකරුවන් හා මත්පෙති තොගය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා නෙලුක්කුලම පොලිසිය වෙත භාරදීමට නියමිතව තිබුණි.
වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ආර්.ටි.ඒ අමරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පාසල් ළමුන්ට දෙන්න ගෙනා මත්පෙති සමඟ 2ක් මාට්ටු