IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පානදුර නගරයේදී වෙඩි තැබීමක්

(සුමිත් ප්‍රේමතිලක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යතුරුපැදි දෙකකින් පැමිණි නාදුනන තුවක්කු කරුවන් සිව්දෙනකු  පානදුර මූලික රෝහල් ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද දහවල් ගිලන්රථ රියදුරකුට වෙඩිතබා පලාගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

පිස්තෝලයකින් වෙඩිතැබීම සිදුකර ඇති අතර , උණ්ඩය නිසියාකාරව පත්තු නොවීමෙන් කිසිවකුටත් හානි සිදුව නැතැයිද පොලිසිය කීය.

පානදුර කේතුමතී කාන්තා රෝහලේ  ගිලන්රථ රියදුරකු ඉලක්ක කරගනිමින් වෙඩිතැබීම සිදුකර ඇති බවත් , හෙරොයින් මත්කුඩු කිලෝ 45 ක් යුදහමුදා වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔත්තුවක් ලබාදීම වෙඩිතැබීමට ආසන්නතම හේතුව බවට හදුනාගෙන ඇති බවත් පරීක්ෂණ පවත්වන නිළධාරියෙක් කීය.

ගිලන්රථය දහවල් 11.15 ට පමණ පානදුර කේතුමතී කාන්තා රෝහලෙන් පිටත්ව පානදුර මූලික රෝහලට පැමිණ ඇති අතර , ගිලන්රථය ලුහුබැඳ පැමිණි තුවක්කුකරුවන් , රථය පානදුර මූලික රෝහලට ඇතුල් කරනවාත් සමගින් ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී වෙඩිතබා මොරටුව දෙසට පලාගොස් ඇති බවට ලද තොරතුරු මත පරීක්ෂණ සිදුකරන බව පොලිසිය කියයි.

වෙඩිතැබීමට පැමිණ තුවක්කු කරුවන් පිස්තෝල දෙකක් රැගෙන පැමිණ ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයිද පොලිසිය සදහන් කරයි.

වෙඩි තැබීම සඳහා මිමි 9 වර්ගයේ ගිනි අවියක් භාවිතා කරන්නට ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් වැටී තිබුණු ජීව උණ්ඩයක් සොයාගත් බවත් පොලිසිය කියයි .

(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)


(ඡායාරූප: සුමිත් ප්‍රේමතිලක)



අදහස් (0)

පානදුර නගරයේදී වෙඩි තැබීමක්

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 671 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 129 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 894 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 927 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1269 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1148 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site