IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


පාකිස්තානයෙන් දුන් ආහාර තොගයක් ගංගාරාමයට

(ගයාන් සූරියආරච්චි)

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන්වූ ජනතාවට බෙදාදීම සදහා පාකිස්ථාන රජයෙන් ලබාදුන් වියලි සලාක තොගයක් ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජනරාල් ආචාර්ය සහීඩ් අහමඩ් මහතා විසින් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය කිරින්දේ අස්සජී නාහිමියන්ට සංඛේතාත්මකව ප්‍රදානය කිරීම අද (2) එම  විහාරස්ථානයේදී සිදුකෙරිණි.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය තවත් ශක්තිමත් කරලීමේ අරමුණින් මෙම ප්‍රදානය සිදුකෙරිණි.

එහිදී කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය කිරින්දේ අස්සජී නාහිමියන් කියා සිටියේ පසුගිය දිනවල ඇතිවූ ගංවතුර සහ සුළිසුළං තත්ත්වය මත ආපදාවට ලක් වූ ජනතාව බේරාගැනීමට නිරතුරුවම සහයෝගය දක්වන රටවන වන පාකිස්ථානය ක්ෂණිකව ක්‍රියාවෙන් උදවු උපකාර කළ බවය.

ලංකාවට අවශ්‍ය වියලි සලාක ඇතුළු ආහාර ද්‍රව්‍ය මේවන විට ප්‍රදානය කළ ද ඉදිරියේදී ආපදාවට ලක්වූවන්ට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ප්‍රදාන කිරීමට ද පාකිස්තානය කටයුතු කරමින් සිටින  බවද ආචාර්ය අස්සජී නාහිමියෝ කීහ.

විපතට පත්වූ ජනතාවට බෙදාදීම සදහා වියලි සලාක ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් පාකිස්ථාන රජයට ස්තූතිය පළකරන අතර පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබදතා වැඩිදියුණු කර ගැනීමට මෙවැනි කටයුතු ඉවහල්වන බව විශ්වාස කරන බවත් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති හිමියෝ පැවැසූහ.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජනරාල් ආචාර්ය සහීඩ් අහමඩ් මහතා කියා සිටියේ මීට මාස කීපයකට පෙර පාකිස්ථානය මෙවැනි ස්වාභාවික විපත් හේතුවෙන් අත්දැකීම් ලැබූ බවත් ශ්‍රී ලංකාව කුඩා රටක් වුවත් සිදුව ඇති ආපදාව ඉතා ඉහළ බවය.

ශ්‍රී ලංකාවට සිදුවූ මෙම විපත දුටු පාකිස්ථාන අගමැතිවරයා ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂ සහන ලබාදීමට උපදෙස් ලබාදුන් බවද මහකොමසාරිස්වරයා කීය.

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජනරාල් ආචාර්ය සහීඩ් අහමඩ් මහතා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය කිරින්දේ අස්සජී නාහිමියන්ට සංඛේතාත්මකව වියලි සලාක මල්ලක් ප්‍රදානය කළ අයුරු.

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන ලේකම්වරයා ද මෙහි වෙයි.

(ඡායාරූප: ඉසුරු පෙරේරා)



අදහස් (1)

පාකිස්තානයෙන් දුන් ආහාර තොගයක් ගංගාරාමයට

රනේ Tuesday, 02 December 2025 05:02 PM

අපේ ගෙෘරවනීය ස්තූතිය...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6080 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 271 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 313 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1244 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site