
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයා පසුගිය අයවැයේදී ගෙනෙනවා කියූ පනත් 11න් එකක් වත් ගෙනවිත් නැති බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අයවැය විවාදයකදී අපට කරුණු දෙකක් සලකා බලන්න වෙනවා. එකක් රටේ මූල්‍යමය තත්ත්වයයි.අනෙක රටේ ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය කරන නෛතික පරිසරය සකස් කිරීම සඳහා රජය විසින් ගන්නා ක්‍රියාමාර්ග යි.පසුගිය අයවැයෙන් ජනාධිපති ව්‍යවස්ථා සම්පාදක යෝජනා ඉදිරිපත් කළා. ආයෝජන ආරක්ෂණ පනත,රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත,පොදු වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත,සංඛ්‍යාලේඛන පනත, තක්සේරු පනත,පොදු ප්‍රසම්පාදන පනත,ශුද්‍ර මූල්‍ය හා නියාමන අධිකාරී පනත,මුදල් විශුද්ධකරණයේ වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීමට විරුද්ධ වීමේ පනත,වී අලෙවි මණ්ඩල සංශෝධන පනත,සහ රාජ්‍ය ආයතන අතර තොරතුරු හුවමාරු කිරීමේ පනත ඉදිරිපත් කරනු ලැබුවා. මේ වසර තුළ පනත් 11ක් ගෙන එන බවට ජනාධිපතිවරයා පසුගිය අයවැයෙන් පොරොන්දු වුණා.නමුත් අද වන විට ඒ පනත් 11 න් එක පනතක්වත් සම්මත කරන්න අසමත් වී තිබෙනවා.මේක පුදුමයට කාරණයක් නොවේද? ෆේල් නේද කතානායකතුමනි යනුවෙන් මන්ත්‍රීවරයා විමසීය.
2025 නොවැම්බර් මස 04
614
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පසුගිය අයවැයෙන් ගේනවා කියූ පනත් කෝ?