IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නොමිලේ දෙන ඖෂධ මංජුසාව පළමුව අගමැතිට

(නිපුන් ගරුක)

කොරෝනා වසංගතයෙන් මහජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා නොමිලේ බෙදා දීමට නියමිත “සුව ධරණී” ආයුර්වේද ප්‍රතිශක්තීකරණ ඖෂධ මංජුසාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම අද (28) දින අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

දේශිය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අග්‍රාමාත්‍යවරයාට නිල වශයෙන් මෙම “සුව ධරණී” ඖෂධ මංජුසාව පිළිගැන්වීය.

“සුව ධරණී” ආයුර්වේද ඖෂධ මංජුසාව පළමු අදියර යටතේ දිවයින පුරා පිහිටි සියලුම පූජනීය ස්ථානවලටත්, දෙවන අදියරේ යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මහජනතාවටත් නොමිලේ ලබා දීමට සැළසුම් කර තිබේ.

සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය ප්‍රකාශය අනුව යමින් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමේ අරමුණ ඇතිව බෙදාදෙන මෙම ඖෂධ මංජුසාව, සුව ධරණී ප්‍රතිශක්තීකරණ පානය, ගුඩුච්‍යාදී චූර්ණය සහ ඖෂධීය කැඳ වර්ගවලින් සමන්විතය.

අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන් දේශිය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ , ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 



අදහස් (36)

නොමිලේ දෙන ඖෂධ මංජුසාව පළමුව අගමැතිට

lakvidu Tuesday, 28 September 2021 09:58 PM

කාට හරි පුලුවන්ද මට ඔප්පු කරල පෙන්නනවද මේකෙං අඩුගානෙ හෙම්බිරිස්සාවවත් හැදෙන එක වලක්වන්න පුලුවං කියල? වැක්සීන් එකෙං යන්තං ගොඩ දාගත්තා

:       18       80

karunawathiWednesday, 29 September 2021 08:31 AM

අනේ ඇත්තට මේ වගේ බහුබූත වැඩ... එක සැරයක් පැණියක් අරගෙන රටම ඇන්දුවා. මේ ඇමැතිට ඇත්තටම ඵලදායී අදහසක් එන්නෙම නැතිද?

:       4       30

NihalWednesday, 29 September 2021 02:43 PM

මේ වැඩේට රුපියල් කෝටි 600ක් වෙන්කරලා කියලයි කිව්වේ. ඇත්තටම ඒ මුදලින් කරන්න මීට වඩා ප්‍රයෝජනවත් වැඩක් තිබුණේම නැද්ද? මේකෙන් ලොකු ගාණක් කට්ටියගේ සාක්කු වලට වැටෙන බවයි පේන්නේ...

:       0       3

chandanaWednesday, 29 September 2021 09:47 AM

ගොඩාක් අගතිගාමී වෙන්න එපා. කොවිඩ් කොහොම වෙතත් ඕනෑම කෙනෙක් දන්නවා හෙම්බිරිස්සාවට සිංහල බෙහෙත් ගුණ බව. සෙම පාලනය වෙනකොට කෝවිඩ් හැදුණත් අපහසුතා පාලනය කර ගන්න පුළුවන්. පිරිටන් එකෙන් දවසින් හොඳ වෙනවා නම් සිංහල පස්පංගුවෙන් දවස් තුනෙන් හොඳ වෙනබව බටහිර වෛද්‍යවරුත් දන්නවා. නිරෝධායන මධ්‍යස්ථාන වලත් මේවා භාවිතා කරනවා. හොඳවෙන කාලය පිළිබඳ ප්‍රශ්ණයක් විතරයි තියෙන්නේ... හැබැයි ස්වභාවික නිසා ශරීරයට අයහපතක් නැහැ. බටහිර බෙහෙත් ගැන පරීක්ෂණ කරන්න තියෙන උනන්දුව සිංහල බෙහෙත් පරීක්ෂා කරන්නත් තිබුණානම් සත්‍යය වටහාගත හැකියි. එන්නතෙන් වුණත් හැදෙන්නේ නැහැම කියලා නැහැ. ඒ වගේම මෙතන කවුරුවත් කියලා නැහැනේ එන්නත ගන්න එපා මේක විතරක් බොන්න කියලා... එන්නත් අරගෙනත් මැරිච්ච අය ඉන්නවා. ඒක නිසා දුටු වනම දේශපාලනය ඉහට අරගෙන දේශීය දේට ගරහන්න එපා. ‌හොඳම දේ තමයි එන්නත් ගන්න, අතිරේකව දේශීය පිළියමුත් යොදා ගන්න...

:       23       9

lakviduWednesday, 29 September 2021 02:24 PM

දැනගෙන කතාකරන්න, නාවින්න බණ්ඩාරණායක ආයතනයේ ඕනතරම් පරීක්ෂන කරනවා. ඔප්පු වෙන්නෙ නැති එකයි ගැටලුව.

:       0       0

lakviduWednesday, 29 September 2021 02:26 PM

පෙරුම්කායම්, සුදර්ෂනී පැණි හරිගියාද?

:       0       0

reks Wednesday, 29 September 2021 04:58 PM

දේශීය කිව්ව පලියට විචාරයකින් තොරව හැමදේම හරි කියලා හිතන්නත් එපා. ධම්මික පැණිය, සුදර්ශනී පැණිය ගැන ඔබ කතා නොකරන්නේ ඇයි?

:       0       0

chandima Tuesday, 28 September 2021 10:11 PM

ඔය ඇබිත්තක් සතියක් දෙකක් බීලා ඇතිද?

:       6       28

කල්පනාWednesday, 29 September 2021 06:40 AM

චන්දිමා අහලා නැද්ද යම්යම් ව්‍යාපෘති සදහා යන්ත්‍ර සූත්‍ර විදේශ වලින් ලැබෙනවා කියලා. ඉන් පස්සේ කරන්න වෙන්නේ එම යන්ත්‍ර නඩත්තුවට අමතර කොටස් එම රටවලින් ගෙන්වීමටයි. උදාහරණයකින් කියනවා නම් යම් කාලෙක 1990 ඇම්බියුලනස් අක්‍රීය වුණු දිනක අළුත් ඒවා ගෙන්වන්න වෙනවා වගේ. මේක පළමුව නොමිලේ වුණත් දින දෙක තුනකින් අවසන් වෙනවා. රස වැටුණු අය නැවත නැවත එය ලබා ගැනීමට පෙළඹෙනවා.. අදහස් දක්වා ඇති සියල්ලන්ම හොරෙකුගේ පැණිය ආයුර්වේදය යැයි සිතා දේශියදේට ගැරහීම කළත් ඔවුන්ටද ආයුර්වේදයේ අගය වැටහේවා..!!!

:       0       0

රටහදමු ඩොට් කොම් Tuesday, 28 September 2021 10:15 PM

බැලූ බැල්මටම මේ කරනුයේ ප්‍රයෝජනයක් නැති දේකට සම්පත් නාස්ති කිරීමකි.

:       9       56

reks Tuesday, 28 September 2021 10:16 PM

දැං ඉතිං මීට පස්සෙ අපේ රටේ කාටවත් ඉහෙං බහින ලෙඩක් හැදෙන එකක් නෑ.

:       8       36

රම්සි Tuesday, 28 September 2021 10:18 PM

එතකොට සුදර්ශනී පැණිය බීපු අය?

:       5       40

sisira Tuesday, 28 September 2021 10:21 PM

පළමුව එන්නත් ලබාගන්න. ප්‍රතිපල නොමැතිනම් දෙවනුව නොමිලේ දෙන ඖෂධ මංජුසාව ප්‍රයෝජනයට ගන්න

:       6       29

ගමේ එකාලා Tuesday, 28 September 2021 11:47 PM

ධම්මික පැණිය බීලා වෙච්චි දේවල් මතක් වෙන කොට පුදුම බයක් හිතට දැනෙන්නේ

:       4       35

Kumar (Gulf) Tuesday, 28 September 2021 11:51 PM

මිනිස්සුන්ට එදා වේල කන්න නැහැ

:       2       40

lala Wednesday, 29 September 2021 05:15 AM

නොමිලේ දෙන්නේ කොහොමද? කවුද බරපැන දරන්නේ? අන්තිමට මහජන මුදල්මද කියලා අපිට කියන්න... දැනගැනීමේ අයිතියක් ඇති නිසා...

:       0       0

lakvidu Wednesday, 29 September 2021 05:44 AM

පෝලියෝ, වසූරිය, ගලපටලය, කක්කල් කැස්ස, මැලේරියාව, බරවා, ලාදුරු ආදී රෝග රැසක් ලංකාවෙන් සහ සමහර රෝග ලෝකයෙන්ම තුරන්කලේ ඔය කියන වෙදකමද? අඩුගානේ ඔය කියන වෙදකමේ හරිහමන් පණු බේතක්වත් තියෙනවද? ඒ කාලේ පණුවෝ හිරවෙලා කොච්චර ළමයි මැරුණාද? ඔය වෙද්දු පණු අමාරුවට දෙන්නේ (එයාලා බොන්නෙත්) වර්මොක්ස් හරි, ඇල්බෙන්ඩසෝල් හරි. ළිදෙන් වතුර බීලා ගඟට ආවඩනවා. රටට සල්ලි අහේනි වෙලාවේ කෝටි ගණන් සල්ලි විනාශ කරනවා. හරි විදියට නම් එයා ධම්මික පැණියෙන් රටම රවට්ටලා, ලෝකෙටම අපේ රට විහිළුවක් කළාට රටෙන්ම සමාව ගන්න ඕනෑ...

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 29 September 2021 06:23 AM

කෝවිඩ් 19 යනු වෛරස් ලෙඩකි. ඉන් ගැලවී සිටීමට නම් අත් සෝදා අදාල පරිදි ජීවත් විය යුතුයි. මේ මන්ජුසාවත්, කෝවිඩ් 19 නිවාරණයත් අතර සම්බන්ධයක් මා දකින්නේ නැත. මෙය මහජන මුදල් නාස්තියකි.

:       0       0

reks Wednesday, 29 September 2021 06:51 AM

එයා ඒක බිව්වද කියලා දැනගන්න ක්‍රමයක් තියෙනවාද?

:       0       0

C.K.Lankaputhra Wednesday, 29 September 2021 07:08 AM

කොරෝනා සනීප කරන්න ආපු කුට්ටි අප්පු වෙදරාල පාර්ලිමේන්තුවට වැඩම කරලා විතරක් නෙමෙයි, කතානායකතුමා ඇතුලු තවත් තුමාලා, තුමීලාට පැණි පෙව්ව තුමාගේ මේ වැඩෙත් ඒකට දෙවෙනි නෑ. මේ වගේ වැඩ කරන මේ වගේ තුමාලා ගැන මිනිස්සුන්ට කොයි දේ කලත් දැන් විශ්වාසයක් නෑ.

:       0       0

Aruna Wednesday, 29 September 2021 08:06 AM

කරුණාකර මහජන මුදල් නාස්ති කරන්න එපා.

:       0       0

චම්පිකා Wednesday, 29 September 2021 08:58 AM

මේ සුවධරණී ආයුර්වේද මංජුසාව දැනට මාස දෙකක් විතර තිස්සේ නොමිලේ මහජනතාව ට බෙදා දෙනවනෙ. ඔය ගම්පහ ආයුර්වේද වෛද්‍යවරුන් මේක මේ වෙනකොටත් ගෙවල් දාස් ගානකට ගෙවල් වලට දීලා ඇති. ... අලුතෙන් අගමැති ට පුදන්න දෙයක් නෙවෙයි .

:       1       8

පිටිගල මිලානෝ Wednesday, 29 September 2021 09:46 AM

මිථ්‍යාවේ අන්ක එක.....

:       2       5

පැරකුම් Wednesday, 29 September 2021 10:00 AM

රට හදමු ඩොට් කොම්. හරියට හරි මේ වෙලාවෙ තියන සීමිත සම්පත් නාස්ති කිරීම කිසි සේත්ම අනුමත කල නොහැක.

:       1       7

Asanga Wednesday, 29 September 2021 10:47 AM

අනේ මෙහෙමත් ගොන් අලි ඉන්න රටක් .රටේ මහජන මුදල් නිරපරාදේ නාස්තිකිරීම මොවුන්ගේ පුරුද්දක් වෙලා .ඔයිට වඩා නරකද මුදලට අත්‍යවශ්‍ය ඖෂධ ගෙනත් දුන්නානම් .

:       2       10

sharm warn Wednesday, 29 September 2021 10:53 AM

මගේ ප්‍රශ්නය ඇයි මේ මහා යුග පුර්ෂයා පැත්තක් බාලා වගේ ඉන්නේ ?

:       1       4

Nuwan Wednesday, 29 September 2021 11:17 AM

සිල් රෙදි දෙවන කොටස... මේ වගේ නින්දිත පාලකයින් ලෝකේ කොහේවත් නැතිව ඇති.

:       1       6

duminda Wednesday, 29 September 2021 11:25 AM

කීයක්හරි ගසා කන්න මොකක්හරි උප්පරවැට්ටියක් හදාගෙන එනවා...

:       1       6

kamal Wednesday, 29 September 2021 11:55 AM

"සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය, ප්‍රකාශය අනුව යමින් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමේ අරමුණු ඇතිව" මේ පැණිය සුරාබදු එකෙන්ම බෙදුවා නම් තමයි හොඳ...

:       0       0

Sriland Wednesday, 29 September 2021 12:02 PM

මුලින් කරන්න ඕන දේ අන්තිමට කරන ලෝකයේ එකම රට.. තියෙන එන්නත් ඔක්කොම ගෙනැල්ලා අන්තිමට දේශීය මතක් වෙලා..

:       0       0

Nuwa Wednesday, 29 September 2021 12:25 PM

මේක එක අතකින් බලපුවාම අර බූරුවගෙයි තාත්තගෙයි පුතාගෙයි කතාව වගේ. දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යංශයක් කියලා එකක් තියෙන ඒකේ වැඩකට ඇතුව හරි, නැතුව හරි මොකක්හරි මංජුසාවක් හදන්න ඇති. එහෙමවත් හැදුවේ නැත්නම් අපේ රටේ මිනිස්සු කියන්නේ අමාත්‍යාංශයකුත් තිබිලා මුකුත් කළේ නැහැ කියලා. හැදුවාම කියන්නේ මේක මෙලෝ වැඩක් නෑ කියලා. මේ නමින් අමාත්‍යංශයක් තිබුණේ නැත්නම් කියන්නේ දේශීය වෙදකම බල්ලට දාලා ඒ් සම්බන්ධයෙන් අමාත්‍යංශයක්වත් නෑ කියලා. අමාත්‍යංශයක් හැදුවාම කියන්නේ මෙලෝ වැඩක් නැති දේවල්වලට මුදල් නාස්ති කරනවා කියලා.. මොලේ විකාරයි මේ රටේ ජීවත් වෙද්දි...

:       1       3

LAL RAJAPAKSA Wednesday, 29 September 2021 12:39 PM

මීට වඩා හොඳයි, දුප්පත් මිනිස්සුන්ට වියළි ආහාර ටිකක් දුන්නා නම්... කීයක්හරි හොරකම් කරන්න තමයි බලන්නේ..

:       0       0

fairoos Wednesday, 29 September 2021 12:51 PM

නොමිලේ දෙනවා නම් අපේ අයට කොරෝනත් කමක් නැහැනේ..

:       0       0

rocky Wednesday, 29 September 2021 01:07 PM

අගමැතිතුමාට එළියන්ත වයිට් වෛද්‍යාචාර්යතුමා සුදුසු බෙහෙත් දීලා ඇති...!

:       0       0

සුනිමල් කඹුරේගෙදර Wednesday, 29 September 2021 02:36 PM

අපි නම් එන්නත ගැන පමණයි විශ්වාස කරන්නේ...

:       1       1

saman Wednesday, 29 September 2021 02:55 PM

පැණි නාටකයේ දෙවැනි කොටස.. එළියන්තගේ මරණයෙන් වත් ඉගෙන ගනිව්.. මෝඩ දේශපාලකයිනි..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 136 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 293 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1247 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 171 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 376 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 342 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site