IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හඳුනා නොගත් වකුගඩු රෝගයකින් නාවුල ගමක් ලෙඩ වෙයි

(කාංචන කුමාර ආරියදාස)

නාඋල පුබ්බිලිය ග්‍රාම සේවා වසමේ පුද්ගලයන් දෙසීයකට අධික පිරිසක් මේ වන විට හඳුනා නොගත් වකුගඩු රෝගයට ගොදුරු වී තවත් පුද්ගලයන් තිස් දෙනකු පමණ මේ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටින බව ගම්මු පවසති.

කොන්ගහවෙල ගොවිජන සේවා මධ්‍යස්ථානයට අනුයුක්ත කාන්තා ගොවි සංවිධාන නිළධාරින් කියා සිටියේ තම ගම්මානයේ මේ වන විටත් ජනතාව පානීය ජල අර්බුදයක මුහුණ පා සිටින බවයි.

ඇලෙන් දොලෙන් ළිංවලින් තම ගම්මු ජල අවස්ථාව සපුරා ගන්නා බවත් මේව වන විටත් ගමේ බොහෝ දෙනාට වයස අවුරුදු 20 ඉකුත් වෙද්දී විවිධ හදුනා නොගත් රෝගවලට ලක් වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති.

ජනතාව පවසන පරිදි මේ වන විටත් තම ගම්මානයේ දෙසීයකට අධික පිරිසක් වකුගඩු රෝගීන් ලෙස හඳුනාගෙන තවත් තිස් දෙනකු පමණ මේ වන විට වකුගඩු රෝගයෙන් මිය ගොස් තිබෙන බවද ඔවුහු පවසති.

කෙසේ වෙතත් මෙම ගම්මානයේ ජිවත්වන බොහෝ ජනතාව කිසිදු පරීක්ෂණයකට ලක් නොවී විවිද රෝගයන්වලට ප්‍රතිකාර ගන්නා බව කියති.

මෙම ග්‍රාම සේවා වසම අවට ඇති මාරාගමුව , හැළඹගහවත්ත, බඹර ගහවත්ත, මිල්ලගහමුල තැන්න, ආදී ගම්මානවල ජනතාව ද මේ ආකාරයෙන් ම හඳුනා නොගත් වකුගඩු රෝගයට ගොදුරු වෙමින් සිටින බව මෙම ජනතාව ද පෙන්වා දෙති.

කාන්තා ගොවි සංවිධානයේ ඉල්ලීම් පරිදි මෙම වෛද්‍ය සායනය සඳහා පැමිණි කොන්ගහවෙල වෛද්‍ය නිලධාරි කාර්යාලය නියෝජනය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේ ජනතාවගේ ඉල්ලීම් ඉතා සාධාරණ බවත් වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීම් සඳහා මෙන්ම වකුගඩු සායනවලට අවශ්‍ය ප්‍රතිකාර කිරීමට රජය මගින් ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන නිසා ජනතාවගේ පරිත්‍යාගවලින් මෙම කටයුතු සිදු කිරීමට තමන් දැඩි වෙහෙසක් දරන බවය.

මීට පෙර තමා සේවය කළ පොලොන්නරුව ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා ගත් වෛද්‍ය උපකරණ කිහිපයකින් මෙම පරීක්ෂණ කටයුතු සිදු කිරීමට ක්‍රියා කරන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.



අදහස් (9)

හඳුනා නොගත් වකුගඩු රෝගයකින් නාවුල ගමක් ලෙඩ වෙයි

D P P Prasad Sunday, 14 August 2022 10:04 AM

සැලකියයුතු කාල පරිච්ඡේදයක් තුල නාවුල මෙන්ම ඊට ආසන්නව පිහිටි දඹුල්ල,පොලොන්නරුව හා සමස්ත උතුරු මැද පලාත තුලම මෙම වකුගඩු අකර්මණ්‍ය වීම සුලභව දක්නට ලැබිණි. මෙය මෙය වගා කටයුතු සදහා යොදා ගන්නා ඇතැම් පළිබෝධ නාශක හා වල් නාශක නිසා සිදුවන බවට යම් යම් මතවාද හා වෛද්‍ය නිරික්ෂණ ඉදිරිපත් වු බැවින් ග්‍රාමීය ගොවි ජනතාව මෙන්ම සෙසු අයද මෙම රෝ⁣ගයෙන් මුදවා ගැනීම පිණිස රජයේ සෞඛ්‍ය අංශ යුහුසුළුව ක්‍රියාත්මක විය යුතුය.

:       0       56

Sudhesh Sunday, 14 August 2022 11:15 AM

ඉක්මනට මේ මිනිස්සුන්ට රිවර්ස් ඔස්මොසිස් වතුර ‍ෆිල්ටරයක් හදලා දීපල්ලා. වකුගඩු ලෙඩ හැදෙන්නේ වතුරෙන්. රටේ සියලු ව්‍යාපෘති නතර කරල හරි මේ වැඩේ කරල දීපල්ලා. ගමේ ගොන්නුත් ඉතින් කීයක් හරි දීල මේක හදා ගනිල්ලා. ලක්ශ 15ක් විතර වෙන්නේ. මෙච්චර හරියක් වෙනකන් උඹල මොනවද යකෝ කරේ. ආ තව රසායනික පොහොර ඉල්ලලා පෙළපාලි එහෙම යනවා.

:       3       65

Athula Sunday, 14 August 2022 03:40 PM

ජනතාව ගැන හැඟීමක් ඇති පාලකයෝ ජනතාව පත්කරගත්තා නම් මේ වනවිට මේ මහා ව්‍යවසනයෙන් ඔවුන් ගොඩඇවිත් රටක අවාසනාව රටේ ජනතාව බලයට ගෙනාවේම තක්කඩි අයට ජනතාවගේ දුක මතක් වෙන්නෙ ඡන්දෙ ගන්න. ඊට පස්සේ හෙන ගැහුවත් ඔවුන්ට වැඩක් නැහැ. අද සෞඛ්‍ය අංශයට වෙන්කරන මුදලින් හිතාගන්න පුළුවන්.. ඔවුන් මේවා ගැන දක්වන සැලකිල්ල... මේවාට තමයි කියන්නේ තමුන්ගේ දෑතින් තමුන්ගේ මිනීවල හාරගන්නවා කියලා...

:       27       6

PereraMonday, 15 August 2022 12:44 AM

ඔබ කියන දේ ලංකාවේ වැඩි දෙනෙකුට තේරෙන්නේ නැති බව ඩිස්ලයික් ප්‍රමාණයෙන් මනාවට ඔප්පු වෙනවා.

:       0       2

Saman Sunday, 14 August 2022 05:41 PM

හිටපු ජනපති නන්දසේනගේ කාබනික පොහොර විසිකරලා රසායනික පොහොර කෘමිනාශක තවතවත් වගාවට ඉහින්න. එතකොට ඔය රෝගය නිට්ටාවට සුවවෙනවා.

:       2       39

Lelwala Sunday, 14 August 2022 07:40 PM

රසායනික පොහොර තව තවත් වැඩි වැඩියෙන් ගොවිතැන සඳහා යොදවන්න. ජෙප්පන්ගේ ආදර්ශ පාඨය ඒකයි. ගොවි සංවිධාන තව තවත් අරගල කර රසායනික පොහොර ලබාගෙන තව තව ගොවිතැන සඳහා භාවිතා කළොත් මේ ලෙඩේ නිට්ටාවටම සුව අතට හැරෙවි.

:       3       5

ඩුෂාන්ත් ඡයසිංහ Sunday, 14 August 2022 07:50 PM

අවශ්‍ය උපකරණ මොනවාද?

:       0       20

SudheshSunday, 14 August 2022 09:12 PM

මහත්තයා, මේ මිනිස්සුන්ට ඉස්සෙල්ලාම දෙන්න ඕන ජල පිරිපහදු මධ්‍යස්ථානයක්. මේ රෝගයට ප්‍රධාන හේතුව රසායනික පෝර, කෘමිනාශක හා වල්නාශකවල අන්තර්ගත ආසනික් ආදී විෂද්‍රව්‍ය කාලයක් තිස්සේ ජල මූලාශ්‍රවල එකතු වෙලා අධිසාන්ද්‍රණයක් පැවතීම. ඒ නිසා රිවර්ස් ඔස්මොසිස් කියන ක්‍රමයට ජල පිරිපහදු කරන පිරිපහදු මධ්‍යස්ථානයක් මේ අයට දෙන්න පුළුවන් නම් රෝගය පැතිරීම වැළකිලා හැදුණු අයට අමාරු වෙන එක වළකිනවා. ඔබතුමන්ලාට ඒක කරල දෙන්න පුළුවන් නම් ඒක මහ විශාල පින්කමක්. ලංකාදීප කතෘ මණ්ඩලයේ මහත්වරුත් මේ මිනිස්සුන්ට ඒක හදල දෙන්න මාධ්‍ය මෙහෙවර දිගටම කරගෙන යන්න. මේ මිනිස්සුන්ට පිරිපහදු මධ්‍යස්ථාන ලැබෙනකන්ම ඒකේ තත්ත්වය මිනිස්සුන්ට දැනුම් දෙන්න.

:       0       4

Gunadasa Monday, 15 August 2022 02:52 PM

It is evident that some chemical in the ground water in this village is causing kidney disease. What villagers immediately need is water supply from a good source of water. Health department should analyse the water and determine what can be done to purify the ground water, whether it is filtering or chemical treatment. There is no reason to believe that this disease is caused by fertilizer or agro chemicals as this problem has occurred only in some particular locations and not in tea or rubber plantations areas where chemical fertilizer is heavily used.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 422 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 805 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 692 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 966 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 759 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 108 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1683 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site