(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනු බාර ගැනීම හා සම්බන්ධ පරිගණක මෘදුකාංගයක් කිසියම් තදබද තත්වයක් හේතුවෙන් හදිසියේ අක්‍රීයවී ඇති හෙයින් ජනතාවට බදු තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා දඩ මුදල් අයකිරීමකින් තොරව සතියක කාලයක් ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා මේ සම්බන්ධයෙන් මතු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ජේ සී අලවතුවල මහතා:
ඉතා වැදගත් කාරණාවක් මම මේ කියන්නේ. ආදායම් බදු ඇතුළත් කරන මෘදුකාංගය අක්‍රිය වෙලා තියෙනවා. මේක හිතා මතා කරපු දෙයක්ද දෙයක්ද නැද්ද කියලා අපි දන්නේ නැහැ. මේ නිසා එහි වැඩකටයුතු නැවතිලා තියෙනවා. මේකේ ඇත්ත තත්වය දැනගන්න කැමතියි.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා:
මෙතුමා මතුකරපු කාරණය ඇත්ත. ඊයේ දිනය වනවිට සියලු දෙනා ආදායම් බදු වාර්තා ලබාදීම කළ යුතුව තිබුණා. මේ නිසා එම මෘදුකාංගයේ තදබදයක් නිර්මාණය වෙලා තියෙනවා. අද දිනයේ දී පුද්ගලික ආදායම් බද්ද ,සමාගම් බද්ද හවුල් ව්‍යාපාර බද්ධ බද්ද ආදී බදු රිටර්න්ස් ෆයිල් කළ යුතුව තිබුණා .මේක කඩාකප්පල් ක්‍රියාවක් නොවෙයි. මේ තදබදය අපි හඳුනා ගෙන තියෙනවා. ඊට විසඳුමක් හැටියට බදු ලිපිගොනු ඉදිරිපත් කිරීමට අපි සතියක කාලයක් ලබා දෙනවා. ඒ වගේම එම තොරතුරු බාරදීම නොවැම්බර් මස 20 වැනිදා ලෙස සලකන ලෙසත් දැනුම් දීලා තියෙනවා. මේ කාලය තුළ කිසිම දඩයකට යටත් කරන්නේ නැහැ.
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දේශීය ආදායම් මෘදුකාංගයක් නැවතිලා