IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දෙමස්සිනාලාගේ අරාවුලෙන් මස්සිනා මරුට

(අජිත්ලාල් ශාන්තඋදය සහ හම්බෙගමුව මහින්ද අබේරත්න)

ආරවුලකින් පසු තම මස්සිනාගේ මරණය සම්බන්‍ධයෙන් මියගිය තැනැත්තාගේ බිරිඳගේ සහෝදරයා අත්අඩංගුවට ගත් බව හම්බෙගමුව පොලීසිය අද 6දා සවස පැවසීය.

හම්බෙගමුව පොලිස් වසමේ දහයියාගල පදිංචි ඊ. එච්. සමන්ත ගුණතිලක (43) නැමැති දෙදරු පියකු මියගොස් ඇති බව පොලිසිය කියයි. 

දෙමස්සිනාලා අතර ඊ‍යේ (5) දා රාත්‍රී සිදුවු ආරවුලක් දිග්ගැස්සී මියගිය තැනැත්තා රෝහල් ගත කිරීමට 1990 සුවසැරිය එනතුරු ත්‍රිවිල් රථයකින් ඉදිරියට රැගෙනවිත් තිබෙන බව ද පොලීසිය කීවේය.

ආරවුල සිදුවු ඔවුන් පදිංචි නිවස ප්‍රධාන පාරට කිලෝමීටරයක් පමණ ඇතුළට වන්නට පිහිටා ඇති බව ද පොලීසිය කීවේය.

සුවසැරියේ කාර්ය මණ්ඩලය රෝගියා පරීක්‍ෂාකර මියගොස් ඇති නිසා ඔවුන් ආපසු ගොස් තිබේ. පසුව මියගිය අය සමග ත්‍රිරෝද රථය හම්බෙගමුව වේලිඔය ප්‍රධාන පාර අයිනේ නවත්වා සිද්ධිය පොලීසියට දන්වා තිබේ.

පොලීසිය එහි යනවිටත් සිරුර ත්‍රීරෝද රථය තුල තිබී ඇත. පසුව මහේස්ත්‍රාත් පරීක්‍ෂණය පවත්වන තුරු සිරුර එතැන තිබුණි.

සිද්ධිය සම්බන්‍ධයෙන් හම්බෙගමුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩී.එම්. දසනායක මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂක අයි.එල්.එන්. තෙන්නකෝන් මහතා ඇතුලු නිලධාරීහු පරීක්‍ෂණ ඇරඹූහ.

මියගිය තැනැත්තා සහ ඔහුගේ බිරිඳගේ සහෝදරයා අතර ඇතිවු ආරවුලකින් පසු මියගිය තැනැත්තා අසනීප ව ත්‍රිරෝද රථයක දමා රෝහලට ගෙනයාමට 1990 සුවසැරිය ගිලන් රථය එනතෙක් රැගෙන ඇවිත් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණි. ආරවුල ඇතිවු ආකාරය සහ මියගිය හේතුව පිළිබඳව අනාවරණය කරගැනීමට විමර්ශන පවත්වන බව පොලීසිය පැවසුවේ ය.

මුලික විමර්ශන අනුව මියගිය තැනැත්තාගේ මස්සිනා වැඩිදුර ප්‍රශ්න කිරිමට අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කීවේය. හම්බෙගමුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 



අදහස් (0)

දෙමස්සිනාලාගේ අරාවුලෙන් මස්සිනා මරුට

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 148 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 318 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1380 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 201 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 411 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 369 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site